2014-10-19

අවසන් රැයෙක - නොම හිමි ඇයට


            
            



තනිකම සමග සිරියහනට නැගෙන
විට
ගන‘ඳුර මැදින් හුරු මුහුණක් පෙනෙයි
මට
හඳුනනු නො හැකි මුත් කකියන තෙත්
නෙතට
යටිසිත කියයි කොඳුරා ඒ නුඹ
බවට


2014-09-16

මට (?අ) හිමි සුහදිනිය




මට (?අ) හිමි සුහදිනිය,

අඳුරු සිත් නුබ ගැඹර
මඳහසින් එළිය කර
සනහසින් පුරවන්න
පහන් තරුවක් වන්න...

2014-09-05

මන්-මද

     
   
      


මිණි නිල් නයන පැහැ'දුල් වන
රණ මොණරි
දෙ ලවන් රතින් රත පරදන
සඳ කිඳුරි
හිරිමල් ගතින් සිත රඳවා ඉඳිනු
බැරි
සිත රොන් මතින් මත් කළ මැන
මල් කුමරි

2014-08-12

හංස ගීතය



කාරණාවට බහින්ට කළිං පොඩි කතන්දරයක් කියල දෙන්ට යි ලෑස්තිය...
ඕන්න ළමයිනේ ඉස්සර කාලෙ දඹදිව හිමාල වනයට ළඟින් තිබුණ නිෂධ නමින් හැමෝම දන්න ආශ්චර්යමත් රාජ්‍යයක්.  මේ රාජධානියෙ රජතුමා වුණේ පොඩි, එත් හොඳ බුද්ධිමත් ඇමැති මණ්ඩලයක් එක්ක දැහැමින් සෙමෙන් රාජ්‍ය පාලනය කරපු නල රජතුමා.

2014-08-10

පාලු දැනෙන හැන්දෑවක


http://t3.gstatic.com/images?q=tbn:ANd9GcR_LRrusUwvlwqjFCNMyL6k2OrKhqNsqdRoZhvwHXqdFGhWSxvL
                        


                        
දවසට එළිය දී උදයේ සිට
දැවුණු
හිරු දෙවියන් ට දැන් තද වෙහෙසකි
දරුණු
දාහය නිවාගන්න ට සිරුර ට
දැනුණු
ඈතින් පෙනෙයි සිහිලැල් මුහුද ට

බසිනු

  

2014-07-24

හෙට උදේ ම අවදි වී...



උදේ ම ඇහැරෙනව කියන එක සමහරුන්ට මහ ම එපා කොරපු වැඩක්. නින්දෙ වටිනාකම හරියට ම දන්නෙ තමුං කියල යි ඒ  ඇත්තො කියන්නෙ. නිදාගන්නව කියන එක ත් හරියට ම කරන එක ටිකක් ඉගෙනගන්ට ඕන සිල්පයක්. ඉලෙට්ට්‍රානික විප්ලවෙ ත් එක්ක ඒ සිල්ප ක්‍රම වැඩිදියුණු වෙලා තියෙනවය කියල ත් ආරංචි වුණා ඕං.

2014-05-13

මෙත් බෝසතුනි






               

අව ගතිය වෙත ඇදෙන ලෝ සතුන්මුදවන්ට
බව අඳුර දහම් අලු පතුරවා බිඳලන්ට
ලොව නේක දුක් විඳින හැම සතුන් සනහන්ට
දිව සැපය අතැ‘ර දා, හිමියනේ! බුදු වන්ට

2014-04-17

මඳ‍ෙව් විල වසා ඇත




                
සරසවිය ඇය ම විය දිවි සර ට දුන්
සුර‘ත
හැර නො ගිය නමුදු සිත, දුරක ගිය ලකුණු
ඇත
වෙර නොමැ‘ත බඳින්න ට තව වදන් වැල් මෙ
මත
ජරපත් ව වියපත් ය මට තිබුණු එ කව්
සිත

  
බඳුවදෙ‘ව් අදර මුදු වදන් වෙත
පිපාසිත
අඳුරු සිතිවිලි පිරී බර ව පණ අදින
සිත
සොඳුරු පෙම් අහර නොම ලැබ සයින් මියෙනු
ඇත
වැළඳගනු පැමිණ මා සිතෙ හි සුදු සොහොන්
කොත

  
හසුනි, හංසියනි, රැව් නැගු මඳෙව් විල
දිය'
ඇසුණේ ද? කැළැඹි රළ පෙළ වළප එ දිය
මත
දිසුණේ ද? මිය ඇදෙන කව් මසුන් ඔබේ
නෙත
නැසුණේ ය මෙසේ පෙම් රසින් සැදි සිතෙ හි
වත

  
හැර ගියෙන් සිතුම් වැල් බුබුළු නැගු එ
උල්පත
සිතුම් පිණි දියෙන් මා, පිරවු විල තවත්
නැත
වදන් පියුමන් විසුළ පිනවන්ට ඔබේ
සිත
හසුන් හට විවර කළ මඳෙව් විල වසා
ඇත

  

2014-04-03

පිය සෙනෙහසට



ලිපියෙ තේමාව දකින කොට ම හැම දෙනාට ම මතක් වෙන්නෙ එක ම ගීතයක්. ඔව්, පිය සෙනෙහස ගැන කවුරුත් සංවේදී කරවන, පිය සෙනෙහසෙ හි ප්‍රතිමූර්තියක් විදියට බොහොම දෙනෙක් සලකන ලස්සන ගීතයක්. නමුත්, පෝය දවසට වෙන දා වාදනය වන ටකරන් සිංදු වෙනුවට ප්‍රබුද්ධ යැයි සැලැකෙන ගායක ගායිකාවන් ගේ ආදර ගීත වාදනය කරන අවිචාරවත් ගුවන්විදුලි නාලිකා ඇති රටක වෙසෙන ඔබ ත් මේ ගීතය තත්වාකාරයෙන්, විචාරශීලී ව අසා තිබෙනවා ද?

2014-03-24

මිරිඟුව නළියන පාර දිගේ






 Mobile එක ring වෙනව.  Screen එකේ එයාගෙ පින්තූරෙ. පුරුදු නොයිවසිලිමත්කමෙන් ම මම answer කරනව.


Hi..  “ මම..

Hi.. Where are you...?“

එයා ගෙ ලස්සන කටහඬ. මගේ ඇඟ හැමදාමත් වගේ අමුතු හැඟීමකින් කිළිපොලා යනව.

2014-01-13

සරසවි වැණුම් - 2


සරසවි වැණුම් පළමු වැන්න කොටල හැමෝට ම ඒක අමතක වෙලා යනකම් වත් දෙ වැන්න දාන්ට නො හැකි වීම ගැන මුලින් ම සමාව අයදිනව. විභාග කටයුතු වලින් පස්සෙ ත් හිතපු තරම් නිදහසක් නො ලැබුණ නිසා පෝස්ටුවක් දාන එක හරි ම අමාරු කටයුත්තක් වෙලා.