2014-09-16

මට (?අ) හිමි සුහදිනිය




මට (?අ) හිමි සුහදිනිය,

අඳුරු සිත් නුබ ගැඹර
මඳහසින් එළිය කර
සනහසින් පුරවන්න
පහන් තරුවක් වන්න...

2014-09-05

මන්-මද

     
   
      


මිණි නිල් නයන පැහැ'දුල් වන
රණ මොණරි
දෙ ලවන් රතින් රත පරදන
සඳ කිඳුරි
හිරිමල් ගතින් සිත රඳවා ඉඳිනු
බැරි
සිත රොන් මතින් මත් කළ මැන
මල් කුමරි