2017-10-03

ශෘංගාර කාරණා - 2


ආදිකල්පික වානරයා මිනිසා බවට පත්වන්නට ත් පෙර සිට ම පුරුෂ මූලිකත්වය ඔහු ගේ සන්තානයට කිඳා බැස තිබෙන්නට ඇතැ යි මට සිතේ. එක් අතෙකින් සොබාදහම පවා ස්ත්‍රිය නිමවා ඇත්තේ හුදෙක් දාරකයන් බිහිකිරීමේ සහ රැකබලාගැනීමේ උපකරණයක් ලෙස ය. ඇගේ කායික ව්‍යුහයේ සෑම කෝණයක්ම ද, දරාගැනීමේ හැකියාව, දෘෂ්ටි පරාසය ආදී සෑම භෞතිකමය ගුණයක් ද මතු නොව ඇගේ මානසික ක්‍රියාකාරීත්වය පවා ඒ සඳහා උචිත වන අයුරින් නිමැවී තිබෙනු දැකිය හැකි ය. එ වන් තත්ත්වයන් යටතේ ඓතිහාසික පුරුෂයා ගේ සිට ඇතැම් විට අද දක්වා ම පුරුෂයෝ ඈ එසේ ම දැකීමට හුරු ව සිටීමේ පුදුමයෙක් නැත.