මළ ඉරේ එළියෙන් නැහැවුණ ත් වෙරළ තීරය තවම ත් සජීවී යි. පැය ගාණක්
තිස්සෙ ලුණු වතුරෙ පෙඟිල ඇති වුණු මම මිනිසුන් ගෙ කලබලෙන් මිදිල ඈතට ඇවිදගෙන යනව. වෙරළ
දිගේ දුවගෙන එන සුදු පෙණ පිඬු මගේ දෙ පය කිති කවමින් මා එක්ක හිනා වෙනව. ආපහු
හැරිල බැලුවම යි මම දකින්නෙ,
මගේ පිය සටහන් මා පස්සෙන් ම ඇවිත් බව. අන්තිම පිය සටහන මා දිහා ම
බලා ඉන්නව, මා තව ත් අඩියක් තියන තුරු වෙන්ට ඇති. මම
හිටිපියෙන් ම නැවතිල ඇස් පියාගෙන ඇහුම්කන් දෙනව...