මළ ඉරේ එළියෙන් නැහැවුණ ත් වෙරළ තීරය තවම ත් සජීවී යි. පැය ගාණක්
තිස්සෙ ලුණු වතුරෙ පෙඟිල ඇති වුණු මම මිනිසුන් ගෙ කලබලෙන් මිදිල ඈතට ඇවිදගෙන යනව. වෙරළ
දිගේ දුවගෙන එන සුදු පෙණ පිඬු මගේ දෙ පය කිති කවමින් මා එක්ක හිනා වෙනව. ආපහු
හැරිල බැලුවම යි මම දකින්නෙ,
මගේ පිය සටහන් මා පස්සෙන් ම ඇවිත් බව. අන්තිම පිය සටහන මා දිහා ම
බලා ඉන්නව, මා තව ත් අඩියක් තියන තුරු වෙන්ට ඇති. මම
හිටිපියෙන් ම නැවතිල ඇස් පියාගෙන ඇහුම්කන් දෙනව...
Showing posts with label අද්දැකීම්. Show all posts
Showing posts with label අද්දැකීම්. Show all posts
2015-10-25
2014-09-16
මට (?අ) හිමි සුහදිනිය
නම් පත්:
අද්දැකීම්,
කවි හා නිසඳැස්,
සිතිවිලි
තැන:
Kandy, Sri Lanka
2014-08-10
2014-07-24
2013-07-20
ආවේ ඇයි ද? විරහින් සිත අද්දරට...
ඇය වචනයේ
පරිසමාප්ත අර්ථයෙන් ම සිය ආදරය ඔහුට ‘පුද‘ කළා. ඔහුට තිබුණෙ එක වදනක් පිට කරන්න
විතර යි. නමුත් ඔහු එහෙම කළේ නෑ. ඔහු ගෙ හිතේ තියෙන යම් ප්‍රතිවිරුද්ධ අදහසක් ඔහු
ව වළකනව. ඉතින් ඔහු ඇයට සිය පෙම පුදන්නෙ නැහැ. මොක ද අර ප්‍රතිවිරුද්ධ අදහස කවදහරි
ප්‍රේමය මැද ට ඇවිල්ල එය නටබුන් කරන බව ත්, ඉන් ඇය ට වත්, තමන් ට වත් යහපතක්
වෙන්නෙ නැති බව ත් ඔහු දන්නව. ඉතින් හිතේ බැඳීම සඟවගෙන ඔහු ඇය ට පිටුපානව.
2012-12-16
මූඪ ලම්භත්ථ කතා වස‍්තුව
යටගිය දවසැ එක්
මනරම් වූ ද්වීපයෙක එක්තරා රජ කෙනෙක් ශත්‍රැ ප්‍රහාණය කොටැ මහත් වූ රාජෛශ්චර්‍යයෙන්
රජ කරන්නා වූ කලැ එම ද්වීපයේ ජීවකයාණන් ඇසුරෙ හි සිප් සතර හදාරන ලම්භත්ථ නම් එක්
කුමාරයෙක් වන්නාහ. එ කුමරු සිය ආචාරීන් වහන්සේ ගේ සිත් ගනිමින් දිවා රෑ අනලස් ව
මහත් වූ ප්‍රයත්නයෙන් ශිල්ප හදාරන්නාහු සිය ආචාරීන් සමීපයෙ හි දෑවුරුද්ද ක් ගත වී
ගියේ යැ.
2012-05-12
Subscribe to:
Posts (Atom)




