Showing posts with label වෙනත් කතා. Show all posts
Showing posts with label වෙනත් කතා. Show all posts

2012-12-16

මූඪ ලම්භත්ථ කතා වස‍‍්තුව




 


යටගිය දවසැ එක් මනරම් වූ ද්වීපයෙක එක්තරා රජ කෙනෙක් ශත්‍රැ ප්‍රහාණය කොටැ මහත් වූ රාජෛශ්චර්‍යයෙන් රජ කරන්නා වූ කලැ එම ද්වීපයේ ජීවකයාණන් ඇසුරෙ හි සිප් සතර හදාරන ලම්භත්ථ නම් එක් කුමාරයෙක් වන්නාහ. එ කුමරු සිය ආචාරීන් වහන්සේ ගේ සිත් ගනිමින් දිවා රෑ අනලස් ව මහත් වූ ප්‍රයත්නයෙන් ශිල්ප හදාරන්නාහු සිය ආචාරීන් සමීපයෙ හි දෑවුරුද්ද ක් ගත වී ගියේ යැ.