2018-10-05

සෙනෙහස රිදුමකි සුවය ම ගෙන එන


         
    

සෙනෙහස රිදුමකි සුවයම ගෙන
එන
නෙත කඳුළින් පුරවා සනහා
ලන
හසරැලි අතරට දුක් ගිනි
පුරවන
සහගිනි පුපුරකි හදවත
ඇවිළෙන

  
රිදුම් මතින් නව රිදුම් මවා
දී
දුහුල් මතක මිහිදුමක්
ඇදෙද්දී
මම අමතක බව මතකෙට
එද්දී
කිරුළ බිඳුණි තනිකම
රජයද්දී

  
සුසුවඳ ආදර වදන්
සිඹින්නට
වදනින් වදනට රස
විඳගන්නට
යන්තම් වත් සුව පහසෙ
සරන්නට
මතකය පමණක් ඇත
පිළිසරණට

  
ගෙවෙනා කාලය ගෙවි ගෙවි
යද්දෙන්
නමුදු මතක පිටු නොම
වියැකෙද්දෙන්
එක දවසක මා මතකෙට
එද්දෙන්
නව පණකින් සෙනෙහස
ඉපදෙද්දෙන්