සෙනෙහස රිදුමකි සුවයම ගෙන
|
එන
|
නෙත කඳුළින් පුරවා සනහා
|
ලන
|
හසරැලි අතරට දුක් ගිනි
|
පුරවන
|
සහගිනි පුපුරකි හදවත
| ඇවිළෙන
|
රිදුම් මතින් නව රිදුම් මවා
|
දී
|
දුහුල් මතක මිහිදුමක්
|
ඇදෙද්දී
|
මම අමතක බව මතකෙට
|
එද්දී
|
කිරුළ බිඳුණි තනිකම
|
රජයද්දී
|
සුසුවඳ ආදර වදන්
|
සිඹින්නට
|
වදනින් වදනට රස
|
විඳගන්නට
|
යන්තම් වත් සුව පහසෙ
|
සරන්නට
|
මතකය පමණක් ඇත
|
පිළිසරණට
|
ගෙවෙනා කාලය ගෙවි ගෙවි
|
යද්දෙන්
|
නමුදු මතක පිටු නොම
|
වියැකෙද්දෙන්
|
එක දවසක මා මතකෙට
|
එද්දෙන්
|
නව පණකින් සෙනෙහස
|
ඉපදෙද්දෙන්
|
2018-10-05
සෙනෙහස රිදුමකි සුවය ම ගෙන එන
Subscribe to:
Posts (Atom)