දේදුනු බැමින් සෙවණ වු නිල් නෙතු
|
සඟලේ
|
කැල්මෙ හි බැඳෙන මා සිත සිතිවිලි
|
පැටලේ
|
මට හිමි නොව ඔබ හෙට වෙනෙ‘කෙකු
|
තුරුළේ
|
සැනැසෙනු ඇති ද? නිරතුරු හදවත
|
සසැලේ
|
මිතුරෙකි මා, ඈ හට වෙනසක්
|
නොමැති
|
මා සිත පෙම් හැඟුම් ඈ සිත තුළ නො
|
වෙති
|
ඈ මට වෙසෙසි බැව් ඈ හට නොම
|
දැනෙති
|
එ නමුදු එසේ සිතුමට සිත නොම
|
කැමැති
|
ඈ මිතුරිය කි සැමට ම ඉත සිත
|
බෙදන
|
ඈ ඇසුරෙ හි සැමගෙ ම සිත් පහන්
|
වන
|
සැටි දකිමින් ඈ කාට ත් සතුට
|
දෙන
|
මට ද හොරෙන් මගෙ තුටු සිත පලා
|
යන
|
උදයෙ හි පිපෙන ඇය ගේ හසරැලි
|
කුසුම
|
නෙත රස‘ඳුන යි, එය මට ඇති සුබ
|
දිසුම
|
දෙ සවන වැකෙන ඇගෙ හිමිදිරි සුබ
|
පැතුම
|
ඇති කල කුමට මට? විහඟුන් ගී
|
ගැයුම
|
හිනැහෙමි, දොඩමි, තව තව ළං වෙනු
|
බලමි
|
ඈ සිත දිනන ගමන ට මං පෙත්
|
සොයමි
|
ඈ වට අදිසි පවුර ක් ඇති බව
|
දකිමි
|
පවුරෙ හි දොරටු හැරෙනා තෙක් ළඟ
|
හිඳිමි
|
පෙම් ලොව කිරුළ ඈ හට
|
පිරිනමන්නෙමි
|
පෙම් සිතිවිලි මලින් ඈ පුද
|
කරන්නෙමි
|
පෙම් තුනුවිල ගිලී අම සුව
|
විඳින්නෙමි
|
පෙම් සිහිනෙක වෙළී මුළු රැය
|
ගෙවන්නෙමි
|
ඈ දුටු විට දි ඇගෙ රූ සයුරෙ හි
|
ගිලෙමි
|
ළඟ නැති කල දි ඈ ගැන මතකෙ හි
|
වෙළෙමි
|
හැම මොහොතක ම අපමණ දුකකින්
|
පෙළෙමි
|
දුක් දෙන ඈ නිසා දුක් රසයෙ හි
|
ඇලෙමි
|
සුමිතුරු බසින් ඈ දෙයි මා සිත
|
සුවය
|
සිත සිතිවිල්ල ඈ මට සිත් ඇති බව
|
ය
|
මා සිත පෙළන්නේ පෙර කර ඇත් පව
|
ය
|
පෙම් සිත, මිතුරු සිත හඳුනනු බැරි සොව
|
ය
|
2013-07-20
ගොළු වූ පෙම
නම් පත්:
කවි හා නිසඳැස්
Subscribe to:
Post Comments (Atom)
හම්මෝ පේමතෝ ජායතී ප්‍රොබ්ලම් ප්‍රොබ්ලම් .....!
ReplyDeleteඑක්සෑක්ලි මචං.. :ඩී
ReplyDelete