දවසට එළිය දී උදයේ සිට
|
දැවුණු
|
හිරු දෙවියන් ට දැන් තද වෙහෙසකි
|
දරුණු
|
දාහය නිවාගන්න ට සිරුර ට
|
දැනුණු
|
ඈතින් පෙනෙයි සිහිලැල් මුහුද ට
|
බසිනු
|
|
|
හමනා සුළං රැල්ලේ පැටලී
|
දුරෙක
|
සිට එන සීතලය තව ඉවසිය
|
නො හැක
|
සූරිය පෙම්වතාගෙන් වෙන් වන
|
විටෙක
|
මිහි ලිය නගන සුසුම යි මේ, නොමැ‘ත
|
සැක
|
|
|
කිරි සුදු පෙණ ඇතිරි පැමිණී වෙරළ
|
වෙත
|
ළ සොවින් තැවෙන මිහි ලිය ගේ වෙරළ
|
වත
|
තෙමමින් විටින් විට නැගෙනා කඳුළු
|
තෙත
|
පිස දා දමන්න ට දරනා නො නිමි
|
තැත
|
|
|
මිහි ලිය සිත නැගෙන දුක් විරහවෙ
|
අඳුර
|
මුළු ලොව වසා ගිල ගන්නට එයි
|
පැතිර
|
පිය‘ඹන් විරහවෙන් දුක්බර වෙන්ට
|
පෙර
|
සියොතු ද කැදැල්ලට පියඹති තිබෙන
|
දුර
|
|
|
සූරිය තෙමේ මහ මුහුදෙ හි ගිලෙන
|
සඳ
|
මිහි ලිය වෙත ට එයි, ඇය ගේ සොයුරි,
|
සඳ
|
කිරණ'ත් යවා තුරුළ ට ගෙන ඇය ගෙ
|
බඳ
|
සනසන අයුරු කදිම යි! නරඹනු
|
සබඳ
|
|
|
සඳ වට පොකුරු ගැසෙමින් තරු කැළ එ
|
සඳ
|
නෙත් එළි යොමයි, මිහි ලිය යෙහෙළිය
|
වැළඳ
|
හිරු දෙවි උදේ පැමිණෙන තුරු රෑ
|
නො නිද
|
කුරුමිණි හඬින් නැළැවිළි ගී
|
කියනව ද?
|
|
|
ලොවෙත් පස්ටයි බන් !
ReplyDeleteසූරිය පෙම්වතා, සඳ සොයුරිය, අර වෙන්වෙනකොට එන සුසුම්.... ඔව්වා අපිට හිතෙන්නේ නැති හැටි...ඇස්වහ කටවහ නෑ ඕක ප්‍රතිභාව ප්‍රතිභාව කොහොමහරි ඔය ප්‍රතිභා එක්ක දීග යන්න ඕනි. හඃ හඃ හඃ :D
මචන් ලැම්බා "සොවින්" කියන එක තේරනව
"ළ සොවින්" කියන්නේ මොකක්ද ?
මම මේ දවස්වල කියවපු ගොඩක් කවි එක්කෝ කාටහරි පාරක් ගහලා, නැත්නම් ඉඳලා හිටලා බර වචනයක් දෙකක් දාලා දෙයක් හාස්‍යට හරි අවමානයටහරි ලක් කරලා . එව්වා කියවල කියවලා මේ වගේ පස්ටම එකක් කියෙව්වම කියලා වැඩක් නෑ බන් සුපිරිම සුපිරි !
ළ සොවින් කියන්නෙ ළය තුළ ඇතිවන ශෝකය මචං :)
Deleteප්‍රතිභා හම්බ වුණොත් කියන්ටකො මං මතක්කොළා කියල...දීග යන්ටත් කැමතිද ඇහුව කියන්ට ;)
බොහොම ස්තුතියි මචං මේ පැත්තෙ ආවට!!
මේක දැක්කම මුකුත් නොකියා ඉන්නම බෑ .
Deleteලඝු ප්‍රතිලඝු
භා ප්‍රතිභා
භා භා කියන්නේ කුකුලනි මේ විලේ මාළු බාන්න එක්ක කියලා කුකුලන්ට කතා කරන එකට . ප්‍රතිභා ප්‍රතිභා කියන්නේ මාළු බාගෙන කුකුලන්ට යන්න කියන එක .
හකස් :ඩී
Deleteවයලො උඹේ පද පෙරළි තමයි නියම ;)
උඹ ලියන එව්වා කියෙව්වම වෙන මොනා කියන්නද අයියා “පස්ටයි“ හැර. අපූරුයි ඈ.......................
ReplyDeleteටැංකු ටැංකු සිතුම් මලේ :)
Deleteඔන්න ආවා විලේ මාළු බාන්න . එල එල . පළවෙනි මාළුවා එල .
ReplyDeleteඅන්තිම කවියට උඩ කවිය ආයේ කියෝලා බලන්ට :) :) විරිත් පැනලා වගේද ? මට නිකන් එහෙම හිතෙනවා . එක එක විදියට කියෝලා බැලුව හරියනවද කියලා . ම්හ්හ් ... අවුල් වගේ දැනෙන්නේ.
මේ බ්ලොග් එකට තමා දෙන පබ්ලිෂ්මන්ට් එක ඉතාම මදි මදි ..... ඒ පිළිබඳව බලවත් විරෝධය .
මේ වගේ පට්ට පෝස්ට් තියෙනවා කියලා කස්ටිය දැනගන්න ඕන .....
තුන්වෙනි පදේ නෙහ් ? ඒ කවියේ තුන්වෙනි පදේ අවුට් එකක් තියෙනවා වගේ ක්ලික් වෙන්නේ
Deleteටැංකු මචංලා පෙන්නුවට...කටපාඩමින් ටයිප් කළේ..වචනයක් මිස් වෙලා..තුරුළට ගෙන කියල තියෙන්න ඕන..ඔන්න හැදුවා... :)
Deleteපබ්ලිසිටි දෙන්ට වෙලාව තමා මදි මචෝ..එක්සෑම් අස්සෙ ඇවිත් පබ්ලිස් කොරල යනව..බුකියෙ වත් දාන්ට වෙලාවක් නෑ...ටැංකු සින්දුවො මේක බුකියෙ දැම්මට... :) වයල ත් එදා බුකියෙ විලේ ඇඩ් එකක් දාල තිබුණ නෙව...හදපිරි ඉස්තුතිය පුදකරනව ඕං :)
ඔබට මේ සඳහා යම්කිසි ගෙවීමක් කරන්න පුළුවන් නම් ඒ සඳහා අපට ( නො )මසුරුව දායක වෙන්න පුළුවන් .
Deleteහිහිහිහිහිහ් :p :p :p
සල්ලි නං මොනවද මල්ලි...සල්ලිද වටින්නෙ මිනිස්සුද? සල්ලි නෙ :) සාදාරණ ගාණක් කියන්ටකො ;)
Deleteගිනි ගිනි ගිනි ගින්දර
ReplyDeleteආපු දවසෙම පට්ට කවියක් ඈ...
සිරාවටම බොක්කටම වැදුණ..
එන්නංකො මේ අහ ආයෙමත්..
දාගත්ත ඕන්න රෝලටත්
බොහොම ස්තුතියි Mahesh මේ පැත්තට ගොඩවැදුණට ත්, අදහසට ත් :)
Deleteජයවේවා!!
ඇස්වහක් කටවහක් නෑ ඉස්තරම් ....
ReplyDeleteස්තුතියි හසිත අයියෙ :)
Delete