මට (?අ) හිමි සුහදිනිය,
අඳුරු සිත් නුබ ගැඹර
මඳහසින් එළිය කර
සනහසින් පුරවන්න
පහන් තරුවක් වන්න...
තනි ව ගිය දිවි කතර
ජීවයෙන් පුරවන්න
විහිදුවන අතු පතර
නුග තුරක් වී ඉන්න...
හුදෙකලා දිවි සයුර
තෙරෙ හි ගිම් සනහන්න
සුමුදු පෙණ කැටි බිඳෙන
සයුරු තෙර වී ඉන්න...
වියැළි සිත් පොකුණු තෙර
නව මලක් පුබුදන්න
තව වරක් උල්පතෙක
දිය බිඳක් වී එන්න...
දිය බිදක් ලෙසින් හෝ මහ ගංවතුර ලෙසින් හො
ReplyDeleteඔබ එන්න ඇවිත් ළගින් ඉන්න මාර දුවක් සේ..
හරියට හරි ;)
Deleteස්තුතියි අමිල කොමෙන්ටුවට
අපූරුයි ලැම්බො... ලස්සන අදහසක්...
ReplyDeleteජයවේවා
බොහොම ස්තුතියි මහේෂ් :)
Deleteජයවේවා!!
සැක් කියල වැඩක් නෑ.. ලස්සනයි...
ReplyDeleteබොහොම ස්තුතියි සිහින!!
Deleteපස්ටය... සුහදිනිය කියන එකේ තේරුම මොකක්ද බන් ?
ReplyDeleteසුහදයා කියන්නේ හොඳම මිතුරා.. සුහදිනි කියන්නේ මිතුරිය.
Deleteබොහොම ස්තුතියි
Deleteඔව්, නිහාල් කිව්ව එක තමයි මචං.. හැබැයි මෙ තැන නම් මං සුහදිනිය කිව්වෙ නිකම් ම මිතුරියකට නෙවෙයි කියල දන්නවනෙ ;)
Deleteබොහොම ස්තුතියි සිංදුවා & නිහාල්
කවි ටික පසට . දැන් ඔය සුහදිනිය ආවම දෙන්නා අත් අල්ලාගෙන කිරි කිරි බෝලේ රැලි රැලි මාලේ කරනගමන් මේ සිංදුව කියන්න .
ReplyDeleteමිටින් මුදා හැර බැලුවෙමි
සත්තයි නුඹ නොගියා මවෙතින් ඉගිලී ...
සමුගෙන ගොස් යළි හැරුනෙමි
සත්තයි නුඹ ඇවිදින් සෙවනැල්ලක් වී ...
සැඟෙව්වාට වළාකුලක් දුහුලින්
කලා සපිරි සඳ වැසුනා දෝ ...
හමා ගිය ද මාරුතයක්
සුළඟට තරු එළියක් නිවීයාවි දෝ ...
කඩා වැටෙන මහ වැස්සට සේදී
මලක පැහැය දියව යාවි දෝ ...
සමුගන්නට සිදු වූවත්
අපට දැනුනු සුවඳ මැකීයාවි දෝ ...
මදෙව් විල පිරෙන්ට
ReplyDeleteදිය පාර ගලන්ට
සුහදිනිය වඩින්ට
අරයුමක් ලබන්ට
වෙන මොනා කියන්නද...........පට්ටයි............
ReplyDelete