මිණි නිල් නයන පැහැ'දුල් වන
|
රණ මොණරි
|
දෙ ලවන් රතින් රත පරදන
|
සඳ කිඳුරි
|
හිරිමල් ගතින් සිත රඳවා ඉඳිනු
|
බැරි
|
සිත රොන් මතින් මත් කළ මැන
| |
සියපත පතෙක සුව පහසට නොම
|
දෙ වැනි
|
මුදු ගත ලලිත පහසට හිත දුවනු
|
දැනී
|
ඔබ වත ම වෙත යොමමින් විළිබර
|
නෙතිනි
|
ලුහු වත උනනු ලැසියෙන් රතැ'ඟිලි
|
අගිනි
|
සනහස සසල මදහසයෙන් ගෙන
|
දෙමිනි
|
ළැමහස මුවා කළ මැන නිල්
|
වරල'ගිනි
|
නෙක රස සහස සහසින් දී මුව
|
අගිනි
|
සිසිලස දෙවනු නිවමින් සිත නුරා
|
ගිනි
|
දද රඟ මඬල රඟ රඟනට
|
පොපියමිනි
|
අවසඟ සිත අනඟ රඟ වන් මතඟ
|
වැනි
|
සිහිනිඟ මඬල වන් දෙ ලවන් පහස
|
දැනී
|
මුව'ගින් නිතින් නංවනු හඬ
|
මිණි කිකිණි
|
සිත රැඳි නුරා සෙනෙහස් දිය රැගෙන
|
තෙමා
|
රත‘දර විතින් ගෙන දෙනු මැන රසය
|
අමා
|
තරු බර අහස පිසිමින් රැය බසියි
|
හමා
|
හිරු එයි සොඳුර, පෙති විහිදනු, කිමද?
|
පමා
|
මේ පද පෙළ ඇසුරින් ශාන්ත සේනාධීර මහතා විසින් නිමැවුණු “මිණි නිල් නයන“ ගීය ට සවන්
දෙන්නට
ශබ්ද රසය නම් ඉමිහිරිව දැනුනා.. ජය...
ReplyDeleteස්තුතියි දේශකයා :)
Deleteකාලෙකින්
ReplyDeleteවිබාගෙ නෙව අබාගෙ ඉවාන් සහෝ....
Deleteසුපිරි....
ReplyDeleteස්තුතියි සිහින සිත්තම් :)
Deleteලැම්බො මේ වගේ මේහෛලියට කවි ලයන අය මේ බ්ලොග් අවකාශෙ ඇත්තටම නැති තරං...
ReplyDeleteශබ්ද මාධූර්යය වගෙම අර්ථ මාධූර්යය අතිනුත් පොහොසත්...
අපූරු සදැසක්...
ජයෙන් ජය
බොහොම ස්තුතියි මහේෂ් සහෝ!!
Deleteජයවේවා!
අඩෝ ලැම්බයියා මේක පට්ට බන්..............................
ReplyDeleteටැංකූලු ඈ :)
Deleteඔබේ පබැඳුම ඉතා අනර්ඝයි. මා එය මාසික වෙබ් ප්රකාශනයක් වන ශ්‍රී ලංකා විත්ති හි පළ කිරීමට ඔබේ අවසරය ඉල්ලා සිටිමි.
ReplyDeletewww.lankaviththi.us
අගැයුමට බොහොම ස්තුතියි Nihal weerasinghe.
Deleteපිටු සබැඳිය සහ නාමය ද සමගින් පළ කරන්නේ නම් පළකිරීමට බාධාවක් නෑ.
විමසීම් සඳහා ඉ-ලිපියක් යොමු කරන්න.
chamikanb@gmail.com
ස්තුතියි!
Thank you Chamika. Sri Lanka-Viththi is a US based monthly publication. It contains several pages.
DeleteGo to contact page and send your article. I will publish.
I need your Full name and location. Thank you.
සිරාවටම ගති මේක නම්..
ReplyDeleteස්තුතියි මචං :)
Deleteසිඳ බිඳ දුමත රැඳවූ පිරි මධු ගුණෙනී
ReplyDeleteබැඳ පද යසට නිමවූ කව සිත පිරුණී
විඳ විඳ නොමඳ පෙම් සුව සමගින් තරුණී
මද රද අනඟ රැඟුමට සැරසෙනු පෙනුනී
නිම නැත අගය ට්රෝජෝ ඔබෙ පසස් කවි
Deleteසැම දින ලියන්නට කව්, ඒ ගෙනෙයි සවි
ස්තුතියි මචං !!
//හිරු එයි සොඳුර, පෙති විහිදනු, කිමද? පමා//
ReplyDeleteඒ හිරු නොනගීවා
රෑ තව දිගු වේවා
මේ තරුණිගෙ සඳුන් තිලකේ
අද ඉහිරේද දෙතොලෙන් මුගේ....
හෙහ් හෙහ් හෙහ් මේකේ මටනම් තේරුම ඉගන ගන්න තියෙන පද ගොඩායි වගේ බන්. හිටහන් මම ලිස්ට් එක එවන්නම් :D
මම,
Deleteහිරු එන්ට පෙර රාත්‍රි මේ සීතේ
ඈ හා ගයම් සෞම්‍ය සංගීතේ ;)
මේකා නරක වෙලා තියන තරම
ReplyDeleteබොලා එක්ක ඉඳල තමා :P
Delete"හිරු එයි සොඳුර, පෙති විහිදනු, කිමද? පමා"
ReplyDeleteඒ වචන ටිකට නම් හිත ඇදිලා ගියා ... ශ්රුන්ගාරය උපරිමයි .....
සියොළඟ දව දවා නැගෙනා රාග ගීනි
නිවනට රිසියි දිය පොදකින් තුණු විලෙනි
සඳ වත වලා පෙලකින් සළු ඇඳි සඳිනි
අවසර දෙන්න රොන් ගන්නට සිය පතිනි ...
මේක සංගීතමය ප්රබන්දයකට උපුටා ගත්තොත් ඔබ මට තලනවාද? තලන්නැතුව ඔබේ අවසරය ඊට ලැබෙනවාද? පිලිතුරක් දෙන්න සබද! ඊයකුත් එල්ල කලෙමි, එය නෙත ගැටුනාද?
ReplyDeleteවැඩ අධික කම නිසා බ්ලොග් සහ ඉ ලිපි බලන්නට නො හැකි වුණා. මේ දැන් ඔබට පිළිතුරු සපයා ඇති. ඔබට බොහොම ස්තුතියි මිතුර!
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDelete