සෙනෙහස රිදුමකි සුවයම ගෙන
|
එන
|
නෙත කඳුළින් පුරවා සනහා
|
ලන
|
හසරැලි අතරට දුක් ගිනි
|
පුරවන
|
සහගිනි පුපුරකි හදවත
| ඇවිළෙන
|
රිදුම් මතින් නව රිදුම් මවා
|
දී
|
දුහුල් මතක මිහිදුමක්
|
ඇදෙද්දී
|
මම අමතක බව මතකෙට
|
එද්දී
|
කිරුළ බිඳුණි තනිකම
|
රජයද්දී
|
සුසුවඳ ආදර වදන්
|
සිඹින්නට
|
වදනින් වදනට රස
|
විඳගන්නට
|
යන්තම් වත් සුව පහසෙ
|
සරන්නට
|
මතකය පමණක් ඇත
|
පිළිසරණට
|
ගෙවෙනා කාලය ගෙවි ගෙවි
|
යද්දෙන්
|
නමුදු මතක පිටු නොම
|
වියැකෙද්දෙන්
|
එක දවසක මා මතකෙට
|
එද්දෙන්
|
නව පණකින් සෙනෙහස
|
ඉපදෙද්දෙන්
|
2018-10-05
සෙනෙහස රිදුමකි සුවය ම ගෙන එන
නම් පත්:
කවි හා නිසඳැස්
Subscribe to:
Post Comments (Atom)
අපුරු උත්සාහයක්. ලස්සනයි.
ReplyDeleteජයවේවා!!!
ලස්සනයි
ReplyDeleteමම කැනඩාවේ ජීවත්වන නිර්මාණකරුවෙක් . මගේ නිර්මාණ ඇතුලත් කර අහස් ගව්වෙන් එහා ලෝකය නමින් බ්ලොග් අඩවියක් පටන් ගත්තා . බ්ලොග් කලාව මට අළුත් . බ්ලොග් කලාවේ ප්රවීණ ඔබට හැකිනම් මගේ බ්ලොග් අඩවිය ඔබ දන්නා හදුනන බ්ලොග් අතර ජනප්රිය කරන්න . එවිට මගේ නිර්මාණ බොහෝ දෙනෙකුට රස විදින්නට හැකි වේවි . ඔබේ නිර්මාණකරණයට ජය .... මම අනුරුද්ධ වැලිගමගේ
ReplyDeletehttp://ahasgawwenehalokaya.blogspot.com
"Mathakaya pamanak atha pilisaranata...."
ReplyDelete