ආදිකල්පික
වානරයා මිනිසා බවට පත්වන්නට ත් පෙර සිට ම පුරුෂ මූලිකත්වය ඔහු ගේ සන්තානයට කිඳා
බැස තිබෙන්නට ඇතැ යි මට සිතේ. එක් අතෙකින් සොබාදහම පවා ස්ත්‍රිය නිමවා ඇත්තේ
හුදෙක් දාරකයන් බිහිකිරීමේ සහ රැකබලාගැනීමේ උපකරණයක් ලෙස ය. ඇගේ කායික ව්‍යුහයේ
සෑම කෝණයක්ම ද,
දරාගැනීමේ හැකියාව, දෘෂ්ටි පරාසය ආදී
සෑම භෞතිකමය ගුණයක් ද මතු නොව ඇගේ මානසික ක්‍රියාකාරීත්වය පවා ඒ සඳහා උචිත වන
අයුරින් නිමැවී තිබෙනු දැකිය හැකි ය. එ වන් තත්ත්වයන් යටතේ ඓතිහාසික පුරුෂයා ගේ
සිට ඇතැම් විට අද දක්වා ම පුරුෂයෝ ඈ එසේ ම දැකීමට හුරු ව සිටීමේ පුදුමයෙක් නැත.
නමුදු
එහි ඇති අවාසි සහගත තත්ත්වය වූයේ ඉතිහාසය මුළුල්ලේ ම සෑම සංස්කෘතියක ම පාහේ ඇය උපකරණයක
තත්ත්වයට ඇද වැටීම ය. බොහෝ විට ගෘහ කටයුතු වල දී පවා ඇගේ අදහස් නො සලකා හරින ලද
අතර තීරණ ගැනීම කිසිසේත් ම ඇගේ අයිතියක් නොවීය. සිය සැමියා හෙවත්, ප්‍රාථමික වශයෙන් ගත් කල, ලිංගික සහකරුවා
තෝරාගැනීම වත් ඇගේ අයිතියක් නො වීය. (නමුදු කිරිල්ලන් පවා අද දක්වා ම ඒ අයිතිය
දරන්නෝ ය.)
ඒ
එසේ වූ කල ඇගේ හැඟීම් පිළිබඳ ව කියනුම කවරේ ද? ඈ සිය සැමියා ගේ ලිංගික සන්තර්පණය
සැපැයීම උදෙසා සැමවිට ම සූදානම් ව සිටිය යුතු වූවා ය. ඒ සඳහා ඇගේ හැඟීම් තබා ඇගේ
ශාරීරික අපහසුතා වත් බාධා නොවීය.
සමස්තයක්
ලෙස ගත් කල,
අද ඇගේ තත්ත්වය ඊට වඩා සාධනීය බව පෙනෙයි. ඊට හේතුව "වනචාරී ව සිටි අප ශිෂ්ට බවට පත් කළ" බටහිර ව්‍යාප්තවාදය නම් නො
වෙයි. ඊනියා ශිෂ්ටත්වයකින් හෙබි බ්‍රිතාන්‍ය අදිරදයේ පවා කාන්තාවට ඡන්ද අයිතිය ලැබෙන
විට විසි වැනි සියවස උදා වී තිබුණි. එක ම ගෙවුම් ශ්‍රේණියේ රැකියා සඳහා ද
කාන්තාවන් ට පුරුෂයින්ට වඩා අඩු වැටුපක් ගෙවීම ද එහි සාමාන්‍යය විය. උසස්
පුරුෂයෝ තවෙකෙකු අගය කිරීමේ සංකේතයක් ලෙස සිය බිරිය එක් රැයකට තෑගි කරනා ක්‍රමයෙක්
ද එහි විය. එ නමුදු, සිරිලක මතු නොව භාරතයේ ද ඊට සියවස්
ගණනකට පෙර රැජණියෝ රජය විචාරා තිබුණ හ.
සහකරු
තෝරාගැනීම පිළිබඳ ව පෙරදිග තිබූ සාධනීය තත්ත්වය පිළිබඳ ව ඉඟියක් ගාන්ධර්ව විවාහය
ඇසුරින් ගත හැකි ය. සෘග් වේදයික කාලයේ බහුලතම විවාහ ක්‍රමය ලෙස විස්තර කෙරෙන
ගාන්ධර්ව විවාහයට කදිම නිදසුනකි මහා භාරතයේ එන දුෂ්‍යන්ත රජු හා ශකුන්තලා අතර
විවාහය.
වේදයට අනුව ගැහැනියක සහ පිරිමියකු අතර සිදුවන විවාහ වර්ග අටෙකි. එ නම්, බ්‍රහ්ම, දෙෙව, අර්ෂ, ප්‍රජාපත්‍ය, ගාන්ධර්ව, අසුර, රාක්ෂ,
පෛශාච යන අට යි. ඉන් ගාන්ධර්ව විවාහය නම් වැඩිහිටි අවසරයෙන් තොර ව, අදාළ යුවළ ගේ අභිමතය මත, අන්‍යොන්‍ය ප්‍රේමය සහ අවබෝධය මත පමණක් පදනම්
ව සිදුවන එක්වීමෙන් ඇති වන වෛවාහික බන්ධනය යි. ඉන් පසු ඊට දෙමාපිය අනුමැතිය ලැබීමෙ
හි දෙපැත්තක් තිබුණ ද, කාන්තාවට එහි ලැබී තිබූ නිදහස වෙසෙස්ව
සැලකිය යුතු ය.
මන්ද
කාන්තාව ද පුරුෂයා මෙන් ම,
(හෝ ඊට ද වඩා) හැඟීම් දැනීම් සහිත වන්නී ය. සංස්කෘතික සීමා මගින්
සිර කර තබනවා මිසක, ඇය ද පුරුෂයා මෙන් ම ලිංගිකත්වය ප්‍රිය
කරන්නී ය, ඒ රස විඳින්නී ය. එ නමුදු, ඇයට එහි පූර්ණ නිදහස ලැබෙන්නේ සීමිතව ය. ඇතැම් විට ඇගේ සහකරුවා සමග පවා
එහි පූර්ණ නිදහස ලබන්නට නො හැකි තරම් ම ඇය මානසික ව දෙගිඩියාවෙන් පසු වන්නී ය. එ
වන් පසුබිමෙක, ඒ නිදහස ලද ඈ ලිංගිකමය ප්‍රේරණයට කෙසේ නම්
ප්‍රතිචාර දක්වත් දැයි සිතීම වටී. එසේ ඈ නිදහස ලබන එක් තැනෙකි, මංගල යහන. මුල වරට එකිනෙකා සමග තනි වන නව යුවළකගේ සංවාදයක් මෙන්
නිමැවුණු උක්ත ගීතය සලකමු.
හිම
දියවී හිමාලයේ
යමුනා ගඟ නගයි තරංගා..
සුදු පෙණ කැටි බලන්න රාධා..
යමුනා ගඟ නගයි තරංගා..
සුදු පෙණ කැටි බලන්න රාධා..
සුළඟ හමයි සීතල සාදා..
සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණා..
සිනා රැලි නගා උතුරණ
ඔය හදවත් නීල ජලාසේ..
පීණන මේ ස්වර්ණ හංසයෝ..
අකීකරුද මෙතරම් රාධා..
ඉඩ දී දෙන්නට දඩුවම්
දෑස පියා ගන්නම් ක්‍රිෂ්ණා..
මල් පෙති පොඩිවී ඉකිලන
මේ හෝපලු යහන් තලාවේ..
සඳ දිය මිණිමෙවුලට වැටිලා..
දෑස නිලංකාරයි රාධා..
ගිලිහී ගියදෙන් මිණි කැට
දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා..
හඬ : අමරසිරි පීරිස්, වසන්තා තිලකාංගනී
පද : ධම්මික බණ්ඩාර
නද: ඩැනිස්ටර් පෙරේරා
'තිසර තුඩට' ගීතයේ මෙන් ම මෙම ගීතයේ දී ද,
නව යුවළ රාධා සහ ක්‍රිෂ්ණා ලෙස රූප ගන්වා ඇත. යමුනා ගඟක් ගැන ද
කියැවෙයි. ඔවුන'තර සබැඳියාව ගැන ශෘංගාර කාරණා - 1
පළකිරීමෙහි ඔබ ට වැඩිදුර කියැවිය හැකි ය.
"හිම දිය වී හිමාලයේ - යමුනා ගඟ නගයි තරංගා"
මෙය වැසුණු අරුතක් දරන්නකි. පෙර පළකිරීමෙ හි කළිඳු ගංතෙර මෙන්, කායික රූපයක්, කායික තරලයන් පිළිබඳ රූපයක් මින් ඇඳෙත් යැයි සිතිය නො හැකි ය. ඊට වඩා හැඟීම් වලට ළං වූ රූපයක් බව යි මගේ අදහස.
විවාහයට
පෙර ලැජ්ජාවෙන් ඔහු දෙස බලමින්, මඳ සිනාවක් පමණක් ඉඳහිට පාමින්,
වැඩි ඇඟෑලි බවක් නොපා හිම කඳක් මෙන් සිටි ඈ වෙනස් වී ඇති අන්දම
විය යුතු යි මේ. සිසිරයේ ඝන වූ හිම මෙන් මඳ සිනා පෑ ඇය, අද
නො පැකිළ ඔහු වෙත පෙම් සිනා පාන බව යි ඒ. හිම දියවන වසන්තයේ හිමාලයේ දියෙන් පෝෂණය
වී දෙගොඩ තලා යන යමුනා ගඟ මෙන් සිනා ගඟුලකි! ඔහුට සතුටු ය. ඇගේ සුදු වන් දත් දෙ
පෙළ යමුනාවේ නැගෙන සුදු පෙණකැටි සදිසි ව ඔහුට පෙනෙයි.
"සුළඟ හමයි සීතල සාදා - සීතල ගිනි ගනියි ද? ක්‍රිෂ්ණා"
ඇයට සිසිලට දැනෙන සුළඟ අන් කිසිවක් නොව ඔහු ගේ නො ඉවසිලිමත් සුසුම යි. "මගේ සුසුමන් දැනෙන තරමට - ඔබට ළං වී කෙදින හිඳිමි ද? මං" යැයි අතීතයේ දිනෙක ඔහු ඇගෙන් අසා තිබෙන්නට ඇති. ඔන්න අද ඔහු ඇයට ඉතා ම ළං වී සිටින බව අපට සිතාගත හැකි යි.
ඇයට
නම් එය ද අද පමණ නැති හැඩ යි. "සීතල ගිනි ගනියි ද?.." යන පැණය පැණයෙකට වඩා බලාපොරොත්තුව හැඟවෙන්නකි. ඒ සීතල ගිනි ගන්නට ඇයට
වුවමනා ය. සීතල ගිනි ගන්නට නම්, ඔහුගේ සුසුම් උණුසුම් විය
යුතු ය. එසේ වන්නේ ඔහු රාගයෙන් මත් වූ විට බව නො කිව මනා ය. වෙන දා හිත තුළ
හිරකරගෙන සිටි ආශාවන් ඈ අද වක්‍රාකාරයෙන් වුව ප්‍රකාශ කරන බව පෙනෙයි.
"සිනා රැළි නගා උතුරන ඔය හදවත් නීල ජලාසේ
පීනන මේ ස්වර්ණ හංසයෝ
අකීකරු ද?මෙ තරම් රාධා"
පීනන මේ ස්වර්ණ හංසයෝ
අකීකරු ද?මෙ තරම් රාධා"
ඈ
සිනා නගන බව නැවැත ත් තහවුරු වෙයි. මෙහි හදවත නමින් හඳුන්වා ඇත්තේ ඇගේ ළැම මඬල යි.
ඒය නීල ජලාසයක් වන්නේ ඇගේ සුනිල් වරලස එහි වැතිර ඇති හෙයිනි. ඇගේ සිනා රැළි සමග ළය
මඬල ද උස් පහත් වෙයි. ඒ රැළි මත ඇගේ ළැම හස්හු පිහිනති. සෑම සිනාවක් සමග ම
සැලෙන්නට නම් ඇගේ පියොවුරු කෙතරම් දැඩි විය යුතු ද. ස්ත්‍රී පියොවුරු ගැන උම්මග්ග
ජාතක කෘතියෙහි එන උක්ත උද්ධෘතය බලන්න.
“ස්ත්‍රියක්
දිව්‍යාංගනාවක් සේ යහපත් රූ ඇත්තේ වී නමුදු එසේ වූ ස්ත්‍රිය නඛාග්‍රයෙහි පටන්
කේශාග්‍රය දකවා ත් ඇගේ සර්වාංගයෙහි එ් ඒ ස්ථාන වල සැරැහුවමනා විචිත්‍ර වූ නොයෙක්
පළඳනාවෙන් අනූන ව සැරැහී සිටියා නමුත් ඇගේ තනය මොළොක් නම් පුරුෂයන් ඇය කෙරෙහි
කරන්නා වූ ස්නේහ සුඟ ත් තනය සේම මොළොක් වන්නේ ය..”
ඉතින් ඒ හංසයන් මෙ තරම් අකීකරු දැයි ඔහු අහිංසක ලෙස ඇගෙන් අසයි.
ප්‍රේමය
සහිත වූ ලිංගික එක්වීම බොළඳ බව හා මුසු ව්‍යාජය සහ ඉච්ඡාවෙන් ගහණ ය. එය එක්
අතෙකින් ක්‍රීඩාවකි. එය රති කෙළිය, පෙම් කෙළිය යනුවෙන්
හැඳින්වෙන්නේ එ හෙයිනි. එය හුදු කාම සම්භෝගයෙන් වෙනස් වන එක් තැනෙකි ඒ. ඔහු ගේ
අහිංසක පැණය ද එ වැන්නකි. ඇගේ ළැම හසුන් වෙත ළං වන්නට අවකාශයක් ඔහුට අවැසි ය.
ඉතින් ඔහු ගේ ව්‍යාජ පැණයට, ඈ ව්‍යාජයෙන් ම පිළිතුරු
දෙන්නී ය.
" ඉඩ දී දෙන්නට දඬුවම්, දෑස වසාගන්නම් ක්‍රිෂ්ණා..."
ඔහු දෙන දඬුවම් කියනුම කවරේ ද...?
"මල් පෙති පොඩි වී ඉකි ලන මේ හෝපලු යහන් තලාවේ..."
ඔවුන් දෙදනා ගේ රති කෙළිය ඇරැඹී දැන් යම් වෙලාවක් ගත වී ඇති බැව් හැඟේ. මංගල යහන මත අතුට මල් ගෙති ද පොඩිවී ගොස් ය.
"සඳ දිය මිණි මෙවුළට වැටිලා, දෑස නිලංකාරයි
රාධා.."
(මිණි මෙවුළ පිළිබඳ ව වැඩිදුර තොරතුරු සඳහා ශෘංගාර කාරණා - 1 පළකිරිම
බලන්න).
ඔහුගෙන් තව ත් ව්‍යාජ නෝක්කාඩුවකි. සැබෑ අවශ්‍යතාව නම් ඇගේ බඳ පටිය ඉවත්කර දැමීම බව අපට මෙන් ම ඇයට ද වැටැහේ. සුපුරුදු ලෙස ම ව්‍යාජ පිළිතුරකි.
"ගිලිහී ගියදෙන් මිණිකැට, දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා.."
මිණිකැට
නිකම්ම ගිලිහී යන්නේ නැත...
ඔහු
ගේ අශාවන්ට ඉඩ දී ඈ දෑස් වසා සිටීම, ඇය ඔහු වෙත සිය සිත මෙන්
ම ගත ද කැප කොට ඇති බැව් හඟවයි. ඇය ත් ඔහු මෙන් ම රතිය නො විඳිනවා නො වෙයි. නමුත්
ඒ දෑස වසාගැනීම තුළ ඊට එහා ගිය සත්‍යයක් ද ගම්‍ය වෙයි. එ නම්, ලිංගික කර්තව්‍යය තුළ ඇගේ ක්‍රයාකාරී සහභාගීත්වය අවම බව යි. වත්මනෙහි
විවාහක යුවළ අතර අසමගිතා ඇති වීමට පවා තුඩු දෙන මෙම තත්ත්වය, අනවශ්‍ය සංස්කෘතික සීමා නිදිහයනේ දී පවා ගැහැනියක තුළ බලපවත්වන අයුරු
පෙන්වයි.
ඒ
සංස්කෘතික සීමා හේතුවෙන් පොදුවේ කාන්තාව සිය මානසික, කායික අවශ්‍යතා සපුරාගැනීම
සඳහා කරන ඉල්ලීම් දුලබ විය හැකි ය. එ වන් පසුබිමෙක, පහත
ගීතය සලකමු.
සඳ
දිය උතුරා අපතේ යයි
ගිලී නාන්නට එන්න ප්‍රියේ
තරු කැට ගිලිහී දියේ ගිලෙයි
ඒ තරු ඇහිඳින්නට එන්න දියේ
තුරු වැල් අහගෙන සිටින නිසා
කට වහගෙන හිටියොතින් ගුණයි
රාත්‍රියට ඇස් තියෙන නිසා
දඟ වැඩ හොඳ නෑ බලාගෙනයි
හරිම කෙටියි රෑ තුන් යාමේ
හරියට එක යාමයක් වගෙයි
ඉර දුටුවත් නාඬන්න කියා
පණිවිඩයක් යැවුවොතින් හොඳයි
හඬ - නිරෝෂා විරාජිනී
පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
නද - ආචාර්ය රෝහණ වීරසිංහ
ගිලී නාන්නට එන්න ප්‍රියේ
තරු කැට ගිලිහී දියේ ගිලෙයි
ඒ තරු ඇහිඳින්නට එන්න දියේ
තුරු වැල් අහගෙන සිටින නිසා
කට වහගෙන හිටියොතින් ගුණයි
රාත්‍රියට ඇස් තියෙන නිසා
දඟ වැඩ හොඳ නෑ බලාගෙනයි
හරිම කෙටියි රෑ තුන් යාමේ
හරියට එක යාමයක් වගෙයි
ඉර දුටුවත් නාඬන්න කියා
පණිවිඩයක් යැවුවොතින් හොඳයි
හඬ - නිරෝෂා විරාජිනී
පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
නද - ආචාර්ය රෝහණ වීරසිංහ
"සඳ දිය උතුරා, අපතේ යයි.." අපූරු
යෙදුමකි.. ඉන් අරුත් කිහිපයක් ගම්‍ය වෙයි. සඳ කැනින් නැහැවුණු රැය අතිශය ප්‍රේමණීය
ය. ඒ සඳ කැන් යට පෙමින් නො බැඳෙන්නේ, ඒ රැය, ඒ අවස්ථාව අපතේ යවන්නෙකි. එසේ ම, ඉන් රැය ගත
වී ගෙවී යන බව ද හැඟැවෙයි. "තරු කැට ගිලිහී දියේ ගිලෙයි.." යන්න ද සම
අරුතක් දක්වන බව සිතිය හැකි යි. ඉදින්, ඒ කිසිවකුදු අපතේ
නො යවා, ඇගේ ප්‍රේමය සහ රාගය නමැති දියෙ හි ගිලී නහන්නට
යි මේ ඇරැයුම..
"තුරු වැල් අහගෙන සිටින නිසා
කට වහගෙන හිටියොතින් ගුණයි
රාත්‍රියට ඇස් තියෙන නිසා
දඟ වැඩ හොඳ නෑ බලාගෙනයි!"
කට වහගෙන හිටියොතින් ගුණයි
රාත්‍රියට ඇස් තියෙන නිසා
දඟ වැඩ හොඳ නෑ බලාගෙනයි!"
මේ
නව යොවුනිය සිය පෙම්වතාට කරන සුරතල් වූත්, ව්‍යාජ වූත් තරවටුවකි.
සැබැවින් ම, ඔහු ගේ පෙම් තෙපුල් අසන්නට, ඔහු ගේ ප්‍රේමණීය වූත්, ශෘංගාරාත්මක වූත් 'දඟ වැඩ' හා පැටැලෙනු ඇගේ ත් කැමැත්ත වෙයි.
නමුත් පෙම් කෙළියේ හැටි මෙහෙම යි..
"හරි ම කෙටියි රෑ තුන් යාමේ
හරියට එක යාමයක් වගෙයි.."
හරියට එක යාමයක් වගෙයි.."
ප්‍රේමාලිංගනයේ
වෙළී හිඳින සඳ කාලය ගත වන ඉක්මන! උණුසුම් චුම්බනයන්, එකිනෙකා ගේ පහස
හා එක් ව, සිරුරින් ද, ආත්මයෙන්
ද ඒකාත්මික වන කල, හෝරාවක් ද එක සැණක් මෙන් දැනෙන්නේ ය..
එසේ දැනෙන්නට ත් ගැහැනු පිරිමි භේදයක් නැති බව පෙනෙයි. "ඒ හිරු නො නැගේවා,
රෑ තව දිගු වේවා.." යැයි එක්තරා පෙම්වතෙකු ද කීවා අපට මතක
ය..
ඔහු
එසේ ප්‍රාර්ථනාවෙන් නැවැතුණ ත්, ඈ එතනිනුදු එහා යන්නී ය.
"ඉර දුටුව ත් නාඬන්න කියා
පණිවිඩයක් යැව්වොතින් හොඳයි.."
පණිවිඩයක් යැව්වොතින් හොඳයි.."
කා
වෙත ද මේ පණිවුඩය?
ඉර නගින කල නාද නගන සියොතුන්ට යි. සියොත් නදත් සමග පිබිදෙන ලෝකය
තවදුරට ත් නින්දේ තබා, ඔහු
ත් සමග මොහොතක් හෝ වැඩියෙන් ගත කරන්නට කෙරෙන සොඳුරු කුමන්ත්‍රණයක් නො වෙයි ද ඒ...
එ්
එසේ වුව ත්,
මේ අයැදුම්, ඇරැයුම් හැමවිට ම සුරතල් හා
සොඳුරු ද නො විය හැකි යි. ඇතැම් විටෙක බිඳුණු හිත් හදන්නට ත්, වියළුණු පෙම පුබුදන්නට ත් ප්‍රේමණීය ඇරැයුම් යොදාගනු හැකි වෙයි..
මේ
පාළු සීත රාත්‍රියේ
කියාදෙන්න රහසින්
ප්‍රේමය නම් කිමැයි කියා
නිදිමත තරු කැට කඩාවැටේ
ඉඩ දී අඳුරට අහස් තලේ
සඳ මල මිලින ව බලා හිදී
දකින තුරා අඩ නුවන් අපේ
සඟවා ළය මත - ඔබෙ වත රහසින්
කියාදෙන්න ළං වී - ප්‍රේමය නම් කිමැයි කියා
ගහකොළ නිසල ව බලා හිදී
පවන් රොදක සිහිලසින් මිදී
පිණි කඳුළැලි කැට කඩා වැටේ
ඇහෙන තුරා පෙම් වදන් අපේ
සුසුමක් සුසුමට ළං කර රහසින්
කියාදෙන්න ළං වී - ප්‍රේමය නම් මෙයැයි කියා
හඬ : චන්ද්‍රලේඛා පෙරේරා
පද : ප්‍රියානන්ද විජේසුන්දර
නද : සමන් කුඹුකගේ
කියාදෙන්න රහසින්
ප්‍රේමය නම් කිමැයි කියා
නිදිමත තරු කැට කඩාවැටේ
ඉඩ දී අඳුරට අහස් තලේ
සඳ මල මිලින ව බලා හිදී
දකින තුරා අඩ නුවන් අපේ
සඟවා ළය මත - ඔබෙ වත රහසින්
කියාදෙන්න ළං වී - ප්‍රේමය නම් කිමැයි කියා
ගහකොළ නිසල ව බලා හිදී
පවන් රොදක සිහිලසින් මිදී
පිණි කඳුළැලි කැට කඩා වැටේ
ඇහෙන තුරා පෙම් වදන් අපේ
සුසුමක් සුසුමට ළං කර රහසින්
කියාදෙන්න ළං වී - ප්‍රේමය නම් මෙයැයි කියා
හඬ : චන්ද්‍රලේඛා පෙරේරා
පද : ප්‍රියානන්ද විජේසුන්දර
නද : සමන් කුඹුකගේ
මේ
වනාහි ස්ත්‍රියක් සිය පෙම්වතා සමග කරන්නා වූ ඒකපාර්ශ්වික සංවාදයෙකි. ඔහු මේ මොහොතේ
ඈ ළඟ සිටින බව ඉන් ගම්‍ය වෙයි. නමුදු ඇයට මෙම රැය පාලු ය, සීත ය. පෙම්වත් යුවළක් ළං ව සිටින සඳ, එය විය
නො හැක්කකි, ඔවුන'තර අමනාපයක්
ඇත්නම් හැරෙන්නට. ඔව්, ඔහු අමනාපයෙනි. මේ ඇගේ ප්‍රේමණීය
වූ ආයාචනය යි.
"නිදිමත තරු කැට කඩා වැටෙයි
ඉඩ දී අඳුරට අහස් තලේ..."
ඉඩ දී අඳුරට අහස් තලේ..."
තාරකාවන්
එකින් එක බැස යන බැව් හෙවත් රැය ගෙවී යන බැව් හැඟවෙයි. අහස් තලය අඳුරු ය. ඇගේ
දුක්බර හැඟුම් දක්වන්නට පරිසර වර්ණනා යොදාගෙන ඇති සැටියෙකි.
"සඳ මල මිලිනව බලා හිඳී
දකින තුරා අඩ නුවන් අපේ.."
දකින තුරා අඩ නුවන් අපේ.."
පෙම්
යුවළක් අඩ නුවන් ඇති ව සිටිනුයේ කවර නම් අවස්ථාවක ද? ආලයෙන් හා
කාමයෙන් මන්මත් වන සුරතාන්තයේ දී හැරෙන්නට...සඳ මල කෙසේ වුව ත්, ඇගේ අභිලාෂය නම් එය බැව් පෙනෙයි...සිය පෙම්බරයා ගේ පෙම් සිත නැවැත අවදි
කරන්නට ඇය සියලුම සීමා බැමි ඉක්මවා ඔහු වෙත සිය සිත විවර කර ඇති සැටි ද? මේ..
මෙහි
දී වෙනත් ව්‍යංගාර්ථයක් ද තිබීමට ඉඩක් ඇත. ඇගේ සිත් අහසෙ හි අඳුර දැඩි කරමින් ගිලිහෙන
කඳුළු බිඳු ද මේ තරු කැට?
ඔහු ගේ අඩ නුවන් දකින්නට රිසි ඇගේ මුකුලිත වත ද මේ මිලින වූ සඳ
මල?...පැණයෙකි...
"සඟවා ළය මත ඔබෙ වත රහසින්
කියා දෙන්න ළං වී
ප්‍රේමය නම් කිමැයි කියා..."
කියා දෙන්න ළං වී
ප්‍රේමය නම් කිමැයි කියා..."
ස්ත්‍රියක්
සිය ළය මත සිය පෙම්වතා ගේ හිස තබා වැළඳගැන්ම අතිශය ප්‍රේමාන්විත ක්‍රියාවෙකි. ඔහු
ගේ වත සිය ළ මැද සඟවන්නට යි කරන්නා වූ ඇරැයුම ඊට ද වඩා රාගී බවක් උසුළයි. එසේ කර ඉනික්බිති
පෙම් රැඟුම් ඇරැඹේ යැයි ඈ බලාපොරොත්තු වන සෙයකි..
"ගහකොළ නිසලව බලා හිඳී
පවන් රොදක සිසිලසින් මිදී
පිණි කඳුළැලි කැට කඩා වැටෙයි
ඇහෙන තුරා පෙම් වදන් අපේ.."
පවන් රොදක සිසිලසින් මිදී
පිණි කඳුළැලි කැට කඩා වැටෙයි
ඇහෙන තුරා පෙම් වදන් අපේ.."
වෙන
දා පුරුදු පෙම් කතා නැති මේ රැය කෙ තරම් නිහඬ දැයි ඇයට දැනෙයි. සීතල රැයෙ හි පිණි
වැටෙන හඬ පවා ඇසෙන තරමට ඒ නිහැඬියාව දැඩි ය. ( එසේ ත් නැති නම් ඔහු ගේ පෙම් වදන්
ඇසෙන තුරු වැටෙන පිණි කඳුළැලි කැට, ඇගේ ම නෙතින් වැටෙන
කඳුළු ද විය හැකි ය.)
"සුසුමක් සුසුමට ළං කර රහසින්
කියාදෙන්න ළං වී
ප්‍රේමය නම් මෙ යැයි කියා.."
කියාදෙන්න ළං වී
ප්‍රේමය නම් මෙ යැයි කියා.."
යුවළක
ගේ සුසුම් එකිනෙක හා ගැටෙන්නේ මුවින් මුව සිපගන්නා විට යි. ඈ එසේ වූ පෙම් සිඹුම්
පුරුදු ලෙස ඔහුගෙන් ලැබෙන තුරු ලාලසාවෙන් බලා හිඳීන්නී ය. ඇගේ ඒ අභිලාෂය ඉටු වේවා
යැයි අපි දු ප්‍රාර්ථනා කරමු...
බොහෝ කලකින් පිපාසාවට පැන් බිඳක් බීවෙමි..
ReplyDeleteමේ පොස්ට් එකත් වෙනදා වගේම පස්ට ලැම්බා. ධම්මික පෙරේරා එක වැඩසටහනක මේක ගැන විස්තර කළා. එතැනදී එයා කිව්වේ මේ සිංදුව ඇත්තටම රාධා ක්‍රිෂ්ණා කතාවේ අන්තිමට වෙන මෙයාල දෙන්නගේ කාම සම්භෝගය ගැන කියවෙනවා කියලා.
ReplyDeleteඋඹ මෙතනදි නව යුවළකගේ සංවාදයක් විදියට ගත්ත එකත් අවුලක් නෑ.
හැබැයි
//මල් පෙති පොඩිවී ඉකිලන
මේ හෝපලු යහන් තලාවේ//
කියන කොටසදි නව යුවළ කතාව ගැලපෙනවා මදි වගේ. රාධා ක්‍රිෂ්ණට ඒක ගැලපෙනවා. මොකද යමුනා ගඟ අයිනෙනෙ එයාලගේ සීන් එක වෙන්නේ :D.
මුළු ආටිකල් එකෙන් කතා කරන්න හදන එකට නව යුවල ගලපලා තියෙන එක සුපිරි. අනික කොහොමත්
නානත්ත කායා – නානත්ත සංඥා ලුනේ :D. තව තව පොස්ට් වැඩි වැඩියෙන් දාපන්.
+++++++++
ReplyDeleteහම්මේ... කොච්චර බලාගෙන හිටියද...... ඉන්න බලන්න
ReplyDeleteනියමයි නියමයි.... සඳදිය උතුරා සිංදුවත් දාලා... මට නම් ඒක විෂුවල් එකක් එක්ක තියෙන සින්දුවක්. ලියන්න බැරි දෙයක් වෙන්න ඇති ඔබ වගේ ගලපගන්න දන්නෙත් නැහැ..
Deleteදුෂ්මන්ත සහ සකුන්තලා ගැන මගේ කියවීම වෙනස්.
Excellent writing...
නියමයි... ලස්සනට ලියලා... සමහර ඡේද ඒලෙවල් ළමුන්ටත් අනර්ඝයි... මේ වගේ තව ඒවා තියනවා ද ලැම්බා ලියපු... මට කියවන්න..
ReplyDeleteතියනවා තියනවා ටිකක් බලන්නකො පරන ලිස්ට් එක
Deleteඅප්පට ලිඛිතා හැම එක්කෙනාගෙම එව්වා දන්නවා නොවැ
Delete:-|
Delete