රාගය වනාහි
අනාදිමත් කලක සිට කව් සිත් කුළුගැන්වූ ප්‍රපංචයෙක් විය. රාගයෙන් ඇති වන සම්ප්‍රයෝගයට
ද වඩා, කවරදා ත් එහි විප්‍රයෝගය වඩ වඩා ත් නව කවීන් බිහිකරන්නේ ය. විප්‍රයෝගය පළ
කරන්නට සීමා නැති වුව ද, සම්ප්‍රයෝගී රාගය පළකිරීමෙහි ලා බාධා ඇති කරන සමාජ සංස්කෘතිකමය
සීමාවන් අසීමිත ය. එ නමුදු, හුදු කාමරාගය පළ කිරීම වෙනුවට, සංයමයකින් යුතු ව, රසය
වඩා ත් කුළුගන්වමින් එකී හැඟීම් පළ කරන්නට සමත් ආකාරයෙක් කවියා සතු ව ඇත. එය නමින්
ශෘංගාරය නම් වෙයි.
සාහිත්‍ය
නිර්මාණයෙක අභිප්‍රායය විය යුත්තේ විචාරකයා හට ආනන්දය ඇති කිරීම යි. ඒ සඳහා එ තුළ
රසය ගැබ් විය යුතු ය. රසය වනාහි නව අයුරකට වෙන් කෙරේ. නව නළු රසය නම් එය වේ.
කරුණා, රෞද්‍ර, වීර, භයානක, අද්භූත, ශාන්ත, බීභත්ස්‍ය, හාස්‍ය, ශෘංගාර යන එකී
රසයන් වෙනුවට, ශෝක, ක්‍රෝධ, භය, ජුගුප්සා, හාස, විස්ම, රති යනාදී භාවයන් ඇතුළත්
වීම විචාරකයා ගේ රසයට බාධා ඇති කරයි. රසයෝ වනාහි විචාරකයා තුළ ආනන්දයක්, ඒකාග්‍රතාවක්
ඇති කරන අතර, භාවයෝ විචාරකයා තුළ විඳවීමක්, විසිරීමක් ඇති කරති. සාහිත නිමැවුමක
අභිප්‍රායය එතැනින් බිඳී යයි. බොහෝ නවමු රචකයන් වරද්දාගෙන ඇත්තේ එ තැන ය.
ශෘංගාරය යන රසය
මෙන් ම රතිය නමැ’ති භාවය ද නිපන්නේ රාගයෙනි. ශෘංගරය යනු යමෙක රාගෝත්පාදී ගුණය යි.
එකී ගුණය විසින් රසය ඇතිකරනු ලබයි. එය විචාරකයා තුළ භාවනාවක්, ඒකාග්‍රතාවක් ඇති
කරයි. ඒ සුඛයෙකි, ආනන්දයෙකි. රතිය වෙනස් ය. එය ගින්නක් ලෙසින් විචාරකයාගේ ඇතුළත තවයි.
ඉන් රසයක් ජනිත නො වෙයි. විසිරීමක්, පෙළඹවීමක්, දුකක් ගෙන දෙයි.
යොවුන් සිත් තුළ
නිසඟයෙන් ම උපදින ලියලන පැසෙන නළියන රාගී සිතුවිලි, සමාජ සංස්කෘතික බැමි වලින්
මිදී උතුරා ගලා යන අවස්ථාව මංගල රාත්‍රිය යි. එහි උපදින්නා වූ ප්‍රේමය හා මුසු වූ
අසීමිත කාම රාගය, මනා සංයමයෙකින් යුතු ව පළ කැර ඇති අයුරු විමසමු.
මුව මුක්තා ලතා
පිපි හංසාංගනා
විල් නෙලුමාසනෙන්
ආ ළඳේ
නුඹ භාග්‍යා
සරෝජාවියේ
ස්වර්ණා වර්ණා
පෑයෙන් දිලේ
මා හද ප්‍රේමාංගනේ
රෑ නුඹ රාසින්
ළඳේ
බඳ මණිමේඛලාව
මුදා
අනුරා නෙත් නගන්
නොනිදා
ආකාශ ගං චන්ද්‍ර
නෞකාවේ
තනි වෙන්න යං
පෙම් රසෝජාවේ
රූ සිරු කල්‍යාණියේ
මා සැතපෙන්නම්
ප්‍රියේ
තුනු ශ්‍රීයෙන්
විපුල් වොරැඳී
මනසානන්ද
මන්දෝදරී
හිරු එන්න පෙර
රාත්‍රි මේ සීතේ
හා හා ගයන් සෞම්‍ය
සංගීතේ
ඒ හිරු නොනගීවා
රෑ තව දිගු වේවා
ඔබෙ නළලේ සඳුන්
තිලකේ
අද ඉහිරේද දෙ තොලින්
මගේ
හඬ: එඩ්වඩ්
ජයකොඩි
පද: ආචාර්ය
අජන්තා රණසිංහ
නද: ආනන්ද
පෙරේරා
// මුව මුක්තා
ලතා පිපි හංසාංගනා
විල් නෙලුමාසනෙන්
ආ ළඳේ
නුඹ භාග්‍යා
සරෝජාවියේ
ස්වර්ණා වර්ණා
පෑයෙන් දිලේ//
ඇගේ මනාව පිහිටි
දත් දෙපෙළ ඔහුට නම් මුතු වැලෙකි. ඇය හසඟනක් හෙවත් හංස ධේනුවක් මෙන් ලාලිතවත් ය. ඔහුට
ඇය හුදෙක් රති කෙළිය සඳහා වූ උපකරණයෙක් නො වෙයි. රන්වන් පැහැයෙන් හෙබි ඇය, ඔහුට
වාසනාව ගෙනෙන පියුමකි, ඈ එ තරම් ම නිර්මල ය.
// මා හද ප්‍රේමාංගනේ
රෑ නුඹ රාසින්
ළඳේ
බඳ මණිමේඛලාව
මුදා
අනුරා නෙත් නගන්
නොනිදා//
මිණිමෙවුළ නම්
කාන්තාවන් විසින් ඉණ වට පළඳිනු ලැබූ අබරණෙකි. එහි අරමුණ ගැන තර්ක පවතිත ත්, කායික
නිර්මලත්වය දැක්වීම සඳහා හෝ හුදු අලංකාරය සඳහා ම පළඳින ලද්දක් බව සිතිය හැක.
කෙසේ නමුත්, එය මුදාලීම යනු ඇගේ මංගල සලුව මුදාලීම සංකේතාත්මක ව දැක්වීමකි. සලුව මුදාහැර, රාගී සිත අවුළුවාගෙන, සිය ළය මඬල මත රැය පහන් කරන්නැයි කරන ප්‍රේමාන්විත ඇරැයුමකි ඒ. නමුත් ඒ පාඨය, විචාරකයා තුළ රාගී සිතුවිල්ලක් ඇති නො කරයි, රසයක් ම පමණක් ජනිත කරවයි.
කෙසේ නමුත්, එය මුදාලීම යනු ඇගේ මංගල සලුව මුදාලීම සංකේතාත්මක ව දැක්වීමකි. සලුව මුදාහැර, රාගී සිත අවුළුවාගෙන, සිය ළය මඬල මත රැය පහන් කරන්නැයි කරන ප්‍රේමාන්විත ඇරැයුමකි ඒ. නමුත් ඒ පාඨය, විචාරකයා තුළ රාගී සිතුවිල්ලක් ඇති නො කරයි, රසයක් ම පමණක් ජනිත කරවයි.
// හිරු එන්න
පෙර රාත්‍රි මේ සීතේ
හා හා ගයන් සෞම්‍ය
සංගීතේ//
ඇගේ හඬ ඔහුට අම
රසයෙකි. ඔහු අසන්නට රිසි සංගීතය එක්කෝ ඇගේ පෙම් වදන් විය හැකි ය. එසේත් නැති නම්
රති කෙළියේ දී ඇගේ මුවින් නැගෙන රාගී කෙඳිරීම් වන්නට ද හැකි ය. කොයි හැටි වෙත ත්,
ඔහුට ඒ සංගීතයෙන් ලබන තෘප්තියෙ හි නිමක් දැකිය නො හැකි ය. එ හෙයිනි, ඔහු පතන්නේ,
//ඒ හිරු
නොනගීවා
රෑ තව දිගු වේවා//
යැයි.
ඔහුට ඈ කෙරේ ඇති
වන ප්‍රේම වේගය, රාගය හෙවත් ඇල්ම දරාගත නො හැකි ය. ඇගේ මුව අතොරක් නැති ව සිඹින්නට
ඔහුට වුවමනා ය. ඇගේ නළලේ වූ චන්දන තිලකය ඔහුගේ දෙ තොලේ තැවරී ඉහිරී යන්නේ එ විට ය.
එසේ අත්‍යන්ත වූ
ප්‍රේම බන්ධනයෙන්, කාම බන්ධනයෙන් බැඳෙන්නා වූ යුවළකට, තමන් මෙ තෙක් ලොව පහළ වූ
අග්‍රගණ්‍යතම පෙම් යුවළ යැයි සිතීම ස්වාභාවික ය. තමන් සාලිය අශෝකමාලාව මෙන් යැයි
ද, ගාමණී චිත්‍රාවන් මෙනැ යි ද, රාධා ක්‍රිෂ්ණා මෙනැ යි ද ඔවුනට සිතෙන්නේ එවිට ය.
පෙර විමැසූ ගීතයට ද වඩා උච්ච වූ අනුරාගී හැඟීම් වක්‍රෝත්තියෙන් පළ කැරෙන ගීයකි මේ.
තිසර තුඩට තුඩ
නඟන්න ඉඩ හරින්න රාධා
මහද සුරත්
නෙලුම් කැකුළ දැදුරු වෙන්න පාරා
දුනු දියෙන්
මිදී මදරද රාව නගන මීපා
ලලිත ලවන සිඹ
රඟන්න ඉඩ හරින්න රාධා
කොළොම් වන හිසේ
මුවරද මමන මද පොදින් සීතල
වතුළ කලාපේ මංගල
යහන් සලුව සෝදා
සුසුම් නලින් වියැලෙන්නට
ඉඩහරින්න රාධා
නියඟලා මලින්
සෝබන කළිඟු ගංතෙරේ වන ගැබ
ළියගෙවල පිරුණු
උණුසුම නිවාලන්න රාධා
ළහෝපලු සිහිල්
හෙල්මැලි සඳුන් කල්ක තවරා
හඬ: ඩබ්. ඩී.
ආරියසිංහ
පද: රත්න ශ්‍රී
විජේසිංහ
නද: ගුණදාස
කපුගේ
// තිසර තුඩට
තුඩ නඟන්න ඉඩ හරින්න රාධා
මහද සුරත්
නෙලුම් කැකුළ දැදුරු වෙන්න පාරා//
අතීතයේ සිට ම
කවීන් ඉතිරියක ගේ පුන් පියොවුරු උපමා කරන්නට යොදා ගත්නේ හසුන් හෙවත් තිසරුන් ය.
මොනයම් හෝ හේතුවකට එහි ඖචිත්‍ය දැක්වීමට, මෙ තරම් කලක් එය නො වෙනස් ව යෙදීම ම
දෙස්. මෙහි තිසර තුඩ යනු පියොවුරෙ හි තුඩුව යි. දෙ වැනියට කියන තුඩ නම් ඔහු ගේ මුව
යි. තුඩ යන්න අරුත් දෙකකින් එකවිට යෙදීම අනුප්‍රාසය ඔස්සේ ශබ්දාලංකාරයක් ඇති
කරවයි.
රත් පැහැය ස්වභාවයෙන්
ම ප්‍රේමයේ මෙන් ම රාගයේ හැඟීම් ජනිත කරවන්නකි. ඔහු ගේ හද සු-රත් හෙවත්, ඉතා ම රත්
පැහැ ගත් නෙලුම් කැකුළකි. ඇගේ පුන් පියොවුරු සිඹින ඔහුගේ හද තුළ ප්‍රේමණීය
සිතුවිලි පිබිදී හද පුබුදු වෙයි. නෙලුම් කැකුළ දැදුරු වෙයි, හෙවත් පිපී එයි. ඇයට
රාධා ලෙසින් ඇමැතීම, ඔවුන් තුළ එකිනෙකා කෙරේ පවතින දැඩි ප්‍රේමණීය බැඳීම හඟවාලයි.
// දුනු දියෙන්
මිදී මදරද රාව නගන මීපා
ලලිත ලවන සිඹ
රඟන්න ඉඩ හරින්න රාධා//
මදරද නම් අනංගයා
යි. අනංගයා වනාහි සිතෙහි ඇති වන අනුරාගය දැක්වීම උදෙසා යොදාගත් සාහිත්‍යමය
සංකේතයෙකි. දුන්නෙන් මිදුණු හීයක් මෙන් නිදහස් වූ ඇගේ අනුරාගී සිතුවිලි, ඇගේ
පොපියන දෙ තොලින් හැඟවෙයි. එය ඔහු ට මදු පිරි විතක් මෙනි. මී - පා යනු ඒ දෙ තොල්
ඔහු වෙත ප්‍රේමය/ රතිය නමැති මධු ප්‍රදානය කරන බව යි. ඔහු ඇගේ දෙ තොල් මී විතෙන්
මධු පානයට අවසර ඉල්ලයි.
// කොළොම් වන
හිසේ මුවරද මමන මද පොදින් සීතල
වතුළ කලාපේ මංගල
යහන් සලුව සෝදා
සුසුම් නලින්
වියැලෙන්නට ඉඩහරින්න රාධා//
හින්දු සාහිත්‍යය
අනුව, ක්‍රිෂ්ණා රාධාවන් සමග ලෝකාස්වාද රතියෙන් බැඳෙන්නේ කොළොම් රුකක සෙවණේ ය. එ
හෙයින් මෙහි දී කොළොම් වනය ශෘංගාරාත්මක සංකේතයකි. මෙය බක්මී වර්ගයේ ශාකයෙකි.
කොළොම් වනයේ තුරු හිස් මුවරදින් හෙවත් මල් පැණියෙන් පිරෙන්නේ වසත් කාලයේ දී ය. මෙහි වසත් කල පිබිදුණු කොළොම් වනය නම් ඇගේ තුනුවිල යි. අනුරාගී හැඟුම් උත්සන්න වූ ඇගේ, තුනුවිලෙන් වෑහෙන අසීමිත වූ ‘මුවරද’ මංගල යහන් සලුව ද තෙමෙන තරමි. තෙතබරිත ඒ සලුපිළි සිය මුවින් නැගෙන සුසුමින් ම වියළා දමන්නට යි ඔහු ගේ අදහස! කාම සම්භෝගයෙ හි උච්චතම අවස්ථාවක් පවා කවියා ඉදිරිපත් කර ඇති සංයමය කෙ තරම් අගනේ ද?
කොළොම් වනයේ තුරු හිස් මුවරදින් හෙවත් මල් පැණියෙන් පිරෙන්නේ වසත් කාලයේ දී ය. මෙහි වසත් කල පිබිදුණු කොළොම් වනය නම් ඇගේ තුනුවිල යි. අනුරාගී හැඟුම් උත්සන්න වූ ඇගේ, තුනුවිලෙන් වෑහෙන අසීමිත වූ ‘මුවරද’ මංගල යහන් සලුව ද තෙමෙන තරමි. තෙතබරිත ඒ සලුපිළි සිය මුවින් නැගෙන සුසුමින් ම වියළා දමන්නට යි ඔහු ගේ අදහස! කාම සම්භෝගයෙ හි උච්චතම අවස්ථාවක් පවා කවියා ඉදිරිපත් කර ඇති සංයමය කෙ තරම් අගනේ ද?
// නියඟලා මලින්
සෝබන කළිඟු ගංතෙරේ වන ගැබ
ළියගෙවල පිරුණු
උණුසුම නිවාලන්න රාධා
ළහෝපලු සිහිල්
හෙල්මැලි සඳුන් කල්ක තවරා//
නියඟලා පුෂ්පය
වනාහි තද රත් පැහැයෙක් උසුලන්නකි. අනුරාගයෙන් මත් ව, රත් පෑ ගත් තොල් පෙති සහිත,
ඇය ගේ රස ගඟුලේ මුවදොර යි මේ රත් පැහැ නියඟලා මල. බලන්න රහසඟ ට කෙ තරම් ඔබින උපමාවක්
ද කියා.
ගඟුලෙක් නම්
සිහිල් දියෙන් පිරී ඇත. වන ගැබෙක ද, ළිය ගොමුවක ද ඇත්තේ සිහිලස මැයි. නමුදු මේ
කියන ගංතෙර ද, වනගැබෙ හි ළියගොමු ද උණුසුම් ය. මන්ද ඈ සුරතාන්තයට ළං ව ඇති හෙයිනි.
ඒ උණුසුම නිවාලන්නට යන්නෙන් අදහස් වන්නේ එක්කෝ සංක්ෂෝභයට පත් වන්නට යැයි ඇයගෙන්
ඉල්ලීම යි, නැතහොත් වචනාර්ථයෙන් ම, සඳුන් කල්ක තවරාගෙන, සුදු නෙලුම් ගත දවටාගෙන ඒ
පමා කරන්නට යන්න ද වියහැකි යි. මන්ද සඳුන් සහ සුදු නෙලුම් යන දෙක ම, සිරුර සිහිල්
කරන ගුණයෙන් යුතු යැයි වෛද්‍ය ශාස්ත්‍රයෙ හි සඳහන් වන හෙයිනි. එ මතු ද නොව, සඳුන්
යනු අදට ද රති ප්‍රබොධකයක් ලෙස යොදාගන්නා ද්‍රව්‍යයකි. ඈ සමග රති කෙළියේ යෙදී සැහෙනු
නො හැකි ව, ඒ තව තව ත් දිගු කරගැනීම ඔහු ගේ කැමැත්ත වනු හැකි ය.
පුරුෂයකු ගේ
සිතෙ හි ඇති වන එ වන් වූ අනුරාගී හැඟුම්වලට ස්ත්‍රියක කෙසේ නම් පිළිතුරු දෙනු ඇත්
ද? ඔහු ගේ රාගාන්විත ආයාචනයන්, ඉංගිතයන් ඈ කෙසේ නම් ඉවසනු ඇත් ද?
දෙ වැනි කොටසින්
හමු වෙමු...
දෙය්යනේ..... මොනාද මේ කලේ???
ReplyDeleteහත්වලාමේ මේක මම ලියමින් හිටපු පෝස්ට් එකක්නේ! දෙය්යනේ ඒකත් පටන් හත්තේ මේ සින්දුවෙන්මයි.....
මට දැනෙන සන්තෝසය අකුරෙන් කියාගන්න බැහැ. වටයක් නටන්න හිතෙනවා. එතරම් සාර්ථක ලියවිල්ලක්.
1 කියලා ලිව්වේ තව කොටසක් එනවද? මගේ සින්දු ටික ඔක්කොම ඔයා ලිස්ට් කරයිද?
බිසරු ලියන් මැද
Deleteගීතයත් එක්කම ලියන්නකෝ... ඒ සින්දුවේ තියෙන්නෙත් අලංකෘත සෘන්ගාරය
යහෝ දෙවියනේ දැන් මගේ පෝස්ට් එක ලියල වැඩක් නැහැ. මේක අහලකටවත් යන්නේ නැති නිසා. ලස්සන ලියවිල්ලක්. මමත් බොහොම ආසයි එක තේමාවක් අරගෙන ඒකට ගීත අමුනගෙන යන්න. එතකොට පුදුම රසයන් මතුවෙනවා. මේ ළඟදිත් මම 'විරැසකය' තේමාව කරගෙන එහෙම එකක් ලිව්වා.
Deleteඔයාට මම කොච්චර කියනවද ලිඛිතෝ ලියන්ඩ ඉස්සර මගෙන් අහන්න කියල...කෝ ඇහුවද? :පී
Deleteඅගැයුමට තුති :) අර කිව්ව ගීතය නම් මම දන්නෙ නැහැ. මේ ආරෙට යන එකක් ද? කොහොම වුණත් වැඩේ අල කිරීම ගැන මගේ සමාව බාජනේකට දාගන්න...
ඔව්, තව කොටසක් තියෙනව, ඒත් මං හිතන්නෙ නෑ ඔයාගෙ සින්දු ඔක්කොම ලිස්ට් කරල ඇති කියල...ලියාගෙන ආව එක ලියන්න..මං තව කෝණයකින් බලපු අදහසක් විදිහට සබැඳිය ෙම තැන ත් පළකරන්නම් :)
Deleteඔයා ලියනව කියල මම දැනන් හිටි නෑ!! සබැඳියක් දෙන්න කියවන්න
Deleteඅහන්ට? අහන්ට ඉතින් පැත්ත පලාතක එන එකෙක් වෙන්ට එපැයි ! කොහෙද , එන්නේ යලට මහට !!
Deleteමාසෙකට වැඩියි කලින් පෝස්ට් එක ලියලත්. අපි මෙව්වා ගිණුම් තියාගෙන ඉන්නේ හරිද?
මේ ලියවිලි එක්ක හැරෙන්න බැහැ සහෝදරයා මට! ලින්ක් දීලා මොකෝ නිකන් ඉල්ලගෙන කන්නේ. මෙහෙම කරමු.. මම කියන්නම් තේමාවක්, ඊට පස්සේ ඔබතුමා ලියන්න සින්දු අමුණලා. ඊට පස්සේ බැලුවම තේරෙයි මගේ මොන්ටිසෝරි ලියවිල්ලේ තරම!!! හික්.... ලියනවා කිව්වට රට්ටු හිනස්සනවා වැඩියෙන්ම
අනේ පුළුවන් නම් ලියන්නේ 'විරසකය' තේමාවෙන් සින්දු. මම ඒ ජාතියේ තව සින්දු ඉල්ලුව .. කොහෙද එකෙක්වත් අලුතෙන් එකතු කරලා තිබ්බේ නැහැ. මට විස්වාසයි තව තියෙනවා කියල.
මේ තේමාව ඩිංගක් විතර සැර නිසා බොහොම පරිස්සමෙන් ලියමින් හිටියේ. මට දැන් ඔබේ සින්දු ලිස්ට් එක දැනගන්නකල් ඉවසිල්ලක් නැහැ. බැරිද හින්ට් එකක් දෙන්න??
ඊළඟට ලියන්නේ මේ සිතුවිලි වලම ස්ත්‍රී කොටස නම්.... මම නම් කියන්නේ මේ පෝස්ට් එකට එකතු විය යුතුම සින්දු කීපයක් තියෙනවා... හම්මේ.. මට ඉවසන්න බැරියෝ
යලට මහට එන එක ගැන නං නිදහසට කරුණු තිබේ..
Deleteවිරසකය වගේ සැර තේමා නම් ලියන්ට ටිකක් අමාරු වෙයි...
ඔයා ලියන්නෙ කොහෙද? බ්ලොග් ලින්ක් එකක් නෑනෙ!!
සින්දු ලිස්ටෙකක් නෑ...දෙකක් හෝ තුනක් තමයි දාන්ට ඉන්නෙ.. ඉතින් අර එකතුවිය යුතු ම සින්දු ටික ඊයකින් එවන්ට :):)
විරසකය කොහොමද අනේ 'සැර' තේමාවක් වෙන්නේ. මේකනේ පරිස්සමෙන් ලියන්න ඕනේ. ප්‍රොෆයිල් එකෙන් බ්ලොග් එක අයින් කරලා තියෙන්නේ අප්පා.. හි හි හි
Deleteමේ තේමාවට ලඟින් යන ගීත නම් දුසිමක් හොයාගන්න පුළුවන්. හැබැයි පරණ ඒවා.
පරණ එ්ව තමා හොඳ..එවන්ට බලන්ට :)
Delete'සැර' කියන එකෙං අදහස් කළේ සෙන්ටිමෙන්ටල් මදි කියන එක ;)
lolz
Delete1. මී පැණි රහසක්
2. බිසරු ලියන් මැද
3. සඳ දිය උතුරා
4. මාරම්බරී
5. නිල් නුවන් පෙනෙන
6. සුවඳයි මල් සුවඳ සේ
7. සුහදිනියේ
8.
මධු චන්ද්‍ර යාමේ මෝදු වේ
උන්මාදනීය රාත්‍රියේ
අනංග දෙවොලේ දල්වා දීපාවලී
මධු චන්ද්‍ර යාමේ මෝදු වේ
මධු චන්ද්‍ර යාමේ මෝදු වේ
වරල සිකිපිල් සෙමෙර සලමින්
නයන නිලුපුල් සුවඳ ඉසිමින්
උර මඬල සියපත් වතින්
නිති සරසා
පි‍්‍රයයාණ හදවත තුනු
සිරින් සදනු
දෙතොල මී විත අමා පුදමින්
දෙතන කළසින් පවස නිවමින්
සිරියහන සුපහස තනා පුළුලූකුළේ
පතිකුලය සුමිහිර සදා රැක වසනූ
9. කුමරියක පා සළඹ සැලුනා
10. ප්‍රීතියෙන් සතුටින් ඉමු
11. සඳ කැන් දහරින්
12. නින්ද නැති රැයේ
13. මුදු මුහුණේ
තව ඇත
අා! මී පැණි රහසක් සහ සඳදිය උතුරා නම් අමතක වුණෘ..මධු චන්ද්‍ර යාෙම් නම් ඩිරෙක්ට් වැඩි, ව්‍යංගය මදි නිසා ගත්ෙත නෑ.. මුදු මුහුණේ සහ කුමරියක පා සළඹ ටිකක් ෙටාපික් එකෙන් ඩීවියේට් වෙනව වගෙ නේ ද? අපි අනික්ව ගැන ලියමු :)
Deleteඔබ වැනි පාඨකයන් සිටීම වාසනාවක් ලිඛිතා!! තුති :)
තව එක සින්දුවක් තියෙනවා දිව අග තියෙනවා මතක් වෙන්නෙම නැහැ. පස්සේ මතක් උනොත් දාන්නම්.
Deleteයසට ව්‍යංගයෙන් සින්දුවක් තලාගෙන උන්නු සුනිල් ගාල කඩාගත්තා වගේ ඒ සින්දුව ලියල තියෙන හැඩ නම් මමත් දැක්කා තමයි. රසය මරලා තිබුනේ අඩුවෙන් නිසා මම ගත්තේ. ( ඔහුට තරම් නොවුනත් )
කියාපු අනිත් සිංදුත් 'ළඟින් යනවා' විතරක් තමයි. එහෙනම් හලලා දාමු!
ලියමු ලියමු. මම බලාන ඉන්නවා ඔන්න.
http://kadadasikole.blogspot.com/2017/08/127.html
Deleteඑ්ක තම යි.. රූකාන්ත මහත්මය ගෙ ඔබ ළඟ නැති මේ සසරේ ගීතය ත් ව්‍යංගය මදි නිසා දෝ ශෘංගාරයට වඩා රතියට ළං ෙවන නිසා ගත්ෙත නෑ...
Deleteහැකි ඉක්මනින් ලියන්නම්, කඩදාසිෙකාෙලත් බලල කුරුටුගාන්නම් :)
මතක් උනෝ...
Deleteරුවන් වලා විමානේ
එ්කත් එෙහම සින්දුවක් ද??? අහල බලන්නම්කො :) තැන්කූ වේවා!
Deleteරහ බේරෙන ලිපියත් කියවන ගමන් මාත් ආවා මේ පැත්තට.
ReplyDeleteජයවේවා!!!
ඔබේ පැමිණිමත් සතුටත් දුමී මහතාෙණනි :) අදහසට තුති!
Deleteජයෙව්වා!!
Oops... Awesome writing. Enjoyed it a lot
ReplyDeleteHehe :) Glad you enjoyed it..
DeleteThanks for the visit and the comment !!
ඊයෙ බස් එකේ යන ගමන් ෆෝන් එකෙන් කියවලයි කමෙන්ට් එක දැම්මෙ... මට කියන්න ඕන සේරම ඒකෙ කියවුණේ නෑ. මේ තරම් සුන්දර රසයක් හා භාවයක් සංයමයෙන් ලියා දැක්වීම ගැන ඉස්සෙල්ලාම මගේ ප්‍රීතිය පිළිගන්න. ලැජ්ජාවෙන් වුණත් ඇත්තම කිව්වොත් ආරියසිංහගෙ රාධා මීට කලින් අහලා තිබුණේ නෑ. මං හිතන්නෙ අමරසිරි පීරිස් මහත්තයාගේ චාරු දේහී නුරා ගීතයත් මේ ලිස්ට් එකටම දාන්න පුළුවන්. තව මේ වගේ හැංගුණු රස මිහිර මතු කරලා ලියපං සහෝදරයා.... උඹට ජයෙන් ජයම වේවා
ReplyDeleteඅනේ දෙවියනේ... අමරසිරිගේ ඒ සින්දුව අමතක උනේ කොහොමද දෙය්යනේ මේ මට! මට ඒත් ඒ කටහඬින් මේ ජාතියේ සින්දුවක් තිබ්බ වගේ මතකයි, මතකයි වගේ.... අනේ බෝම ඉස්කෝතුයි අප්පා....
Deleteපුදුම සනීපයක් දැනෙන්නේ.... මේක තමයි නියම රසවින්දනේ...
(ඒක නෙවෙයි.. මේ අර කැමරා හොම්බා කියන එක්කෙනා නේද? අඳුර ගත්තද මන්ද!)
ලිඛිතා..... ගර්ර්ර්.... අර මදුවගේ වල්කවි සරණියට ආවා කියලා නම් කියන්න එපා....
Deleteලැජ්ජා වෙන්ට දෙයක් නෑ සහෝ..ගීත සාහිත්‍යය කියන්ෙනත් මුහුදක් වගේ, මොනතරම් පීනුවත් නො ගිය තැන් එමටයි :)
Deleteඅැත්තටම මට ත් චාරු දේහේ නම් අමතක වුණා..
බොහොම ස්තුතියි දිල්ශාන්, ලිඛිතා.. මේ අදහස් මට මහමෙරක්..
ජය!
මොකද්ද එ් සරණිය??! ලින්ක් පීස්... ;)
Deleteචාරුදේහී මං ආසම සින්දුවක්... චිත්ත රූපත් මැවෙනව කියාංකො අහනකොට.. හැක්
Deleteඒකෙ සංගීතයත් ශෘංගාරය මතු කරවන විදියෙම එකක්. ප්‍රේමකීර්ති ලියපු වෙනස්ම විදියේ ගීතයක්.
අෆොයි.... අපූරු කවි සරණියක් තිබුණා මධුමාධවී රස සරණිය කියලා... මයේ අම්මේ ඒකෙ තිබිච්චි දේවල් (රහසින්.... මාත් ඒකට කයියක් දෙකක් ලිව්වා... හැක්) දැං මදුවා ලියන්නෙ නෑ... ඕං ලිංක් එක. මෙව්වා කියවලා ලැම්බා නරක් වුණොත් මං නෑ ඕං...
Deletehttp://madhumadhavi135.blogspot.com/
හම්මේ ඉතින් අමරසිරි කිව්වහම බාගයක් පන එතන. ප්‍රේමකීර්ති කිව්වහම ඔක්කොම පන එතැන ! අනේ ඉතින් ඒ සින්දුව ඇහෙනකොට පිස්සු එකේ හොඳම එක හැදෙනවා. ආපෝ.. අපි නම් චිත්ත රූප මවන නෝටි ළමයි හෙම නෙවෙයි!!
Deleteහැබෑටම ඒ බ්ලොග් එකේ 135 කියන්නේ මොකද බොලේ?? බස් පාරක්වත්ද?
ලැම්බා... අලේ තරා වෙන්ට එපා මදෙව් විල වගේ වැදගත් තැනක ඇවිත් මෙහෙම ස්පෑම් කරනවට. සින්දු දැක්කහම මට බෙර සද්දේ ඇහිච්ච ආතුරයාට වෙච්ච දේ වෙනවනේ.
ඒ ඔක්කොටම වඩා ලියවිල්ලේ තිබ්බ අපූරුව පිස්සු ඩබල් කළා. ඊළඟ කොටස ඉක්මනට දාන්ට හොඳේ?
තැන්කියු දිල්ශාන් සහෝ :) ඔව්ව බලල මං නරක් වුණොත් ඔ්ං අපෙ අම්ම එයි කොස්සක් අරං.. පරිස්සමිං ;)
Deleteඩිල්ශාන්ල, අපි නං අහිංසක විදිහට චිත්තරූපයක් මවාගෙන නිකං ඉන්නව ලිඛිතො.. බොලා වගෙ දුර යන්නෑ.. :පී
Delete135 කියන්නෙ කැලණිය කොහුවල, එ්කවත් දන්නැද්ද...
මඳෙව් විල වැදගත් තැනක් නෙවෙයි නිදහස් තැනක්.. ඉස්පෑං කරන්ට කැමති තරං (පස්සෙ සේප්පෙකේ ඩිලිට් කරනව ;) )
ඊළඟ එක ඉක්මනට ම දාන්නං, තවම ලියන්ට ගත්ෙත නෑ, වෙන වැඩකට හිර වුණා..
හෑ ! දුර යනවය කිව්වා? දුර යන්න බැහැ , වමනෙට එනවා ඒසී එකේ හිරවෙලා ගියාම.
Deleteඊළඟ එක ඉක්මනට ලියන්න අනේ... එක එක හේතු නොකියා
one more
ReplyDeleteහිම දියවී හිමාලයේ
යමුනා ගඟ නගයි තරංගා..
සුදු පෙණ කැටි බලන්න රාධා..
සුළඟ හමයි සීතල සාදා..
සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණා..
සිනා රැලි නගා උතුරණ
ඔය හදවත් නීල ජලාසේ..
පීණන මේ ස්වර්ණ හංසයෝ..
අකීකරුද මෙතරම් රාධා..
ඉඩ දී දෙන්නට දඩුවම්
දෑස පියා ගන්නම් ක්‍රිෂ්ණා..
හිම දියවී හිමාලයේ...
මල් පෙති පොඩිවී ඉකිලන
මේ හෝපලු යහන් තලාවේ..
සඳ දිය මිණිමෙවුලට වැටිලා..
දෑස නිලංකාරයි රාධා..
ගිලිහී ගියදෙන් මිණි කැට
දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා..
හිම දියවී හිමාලයේ...
ගායනය : අමරසිරි පීරිස් සමඟින් වසන්තා තිලකාංගනී
පද රචනය : ධම්මික බණ්ඩාර
සංගීතය : ඩැනිස්ටර් පෙරේරා
චාරු දේහේ නුරා මා දෑසේ මැවේ
ReplyDeleteරාත්‍රියේ රෑ සඳේ ඈ සිනා ශ්‍රීය දේ //
චාරු දේහේ නුරා
පිහින පීනා රසෝඝේ
සාරාගී විලේ රාත්‍රී යාමයේ //
ඈගේ දෑසේ ප්‍රබෝධේ
නුරා ගී නැගේ
ජීවිතේ යෞවනේ
ප්‍රේමයේ මීවනේ
චාරු දේහේ නුරා මා දෑසේ මැවේ
රාත්‍රියේ රෑ සඳේ ඈ සිනා ශ්‍රීය දේ
චාරු දේහේ නුරා
සීත මිහිදුම් වළාවෝ
වෙලීලා සදේ තාරකාවේ //
මිහිතලාවේ තුසීතේ
මැවේ මා හදේ
ජීවිතේ යෞවනේ
ප්‍රේමයේ මී වනේ
චාරු දේහේ නුරා මා දෑසේ මැවේ
රාත්‍රියේ රෑ සඳේ ඈ සිනා ශ්‍රීය දේ //
චාරු දේහේ නුරා
ගායනය - අමරසිරි පීරිස්
ලැම්බා කෝ බං ඉතුරු ටික.... බලා ඉඳලා දෑස රිදෙනවා දැං....
ReplyDeleteඇඩෝව් ලැම්බ්ස් කෝ බං ඉතුරු කොටස ?
ReplyDeleteDuplicate Cleaner Pro key
ReplyDeletewindows-product-key
ReplyDeletesolution essential is the top method to trigger Microsoft windows-8 8.1, in addition to, it's still regarded as probably the absolute most frequently utilized OS. It exists with no prices to get its copies of windows-8 along with Windows RT.
new crack
iskysoft-data-recovery-crackis the easiest, most secure, and most effective remedy to recover lost, deleted, organized data in the computer drive external drive, memory cards, USB flash drive, etc.
ReplyDeletefreeprokeys
little snitch crack
ReplyDeletewindows movie-maker crack
copytrans crack
webcammax crack
sketchup pro license crack
Such a nice and helpful piece of information. I’m so happy that you shared this helpful information with us. Please keep us up to date like this. Thanks for sharing. cyberghost-vpn-crack
ReplyDelete
ReplyDeletehttps://chamikaya.blogspot.com/2017/08/1.html?showComment=1538648771280#c7586409388742128301
fastkeys-crack
ReplyDeleteAcronis True Image Crack Such a nice and helpful piece of information. I’m so happy that you shared this helpful information with us. Please keep us up to date like this. Thanks for sharing. Visit My site
ReplyDeleteCreate message. Keep posting this kind of information on your blog.
ReplyDeleteI am very impressed with your site.
Hi, you've done a great job. I will definitely dig in and personally recommend it to my friends.
I am sure they will find this site useful.
sound booster crack
ccleaner pro crack
expandrive crack
ashampoo winoptimizer crack
This knowledge, I believe, is crucial.
ReplyDeleteFor my own benefit. In addition, I'm grateful to have had the opportunity to read your piece.
However, you'd want to highlight a few commonalities. :D I love the style of the website, and the contents are excellent.
Hooray for fun!
purevpn crack
microsoft office professional plus 2013 crack
adguard premium crack
You are so interesting! I don't think I've read anything like this before. It's great to find someone with real ideas on this topic. Indeed ... thank you very much for starting. This site is something needed on the internet, not real!
ReplyDeleteThis is a great blog! Your site is loading too fast!
What type of web server do you use? Can you send me an affiliate link for your web host?
eset nod32 antivirus crack
vso convertxtohd crack
clonedvd ultimate crack
adobe after effects crack
I like this article. I was searching over search engines and found your blog and it really helps thank you very much…
ReplyDeleteaudials one crack possible for a user to lookup for more as compared to 14000 World Wide Web radio stations channels from particular sites. audials one crack to concentrate on tracks via these types of radio channels or to look up as well as download your preferred music directly. audials one crack typical songs players, Audials One serial key lookup functionality is very highly effective, simply because its built-in data source currently consists of very comprehensive info regarding 100 THOUSAND+ popular songs artists’ functions. audials one crack
Far Cry 6 Crack is a weighted mix of client connections with content with regards to the game on GameSpot, informal organizations, statistical surveying studies,& generally natural Far Cry 6 Crack insight, there are some new components that look fascinating.
ReplyDeleteiMazing Crack is an intuitive media programming to impart different sorts of records beginning to one device then onto the following devices.By utilizing that thing we can without a truly wonderful stretch select the correct substance to send and can duplicate everything.
ReplyDeleteThanks for writing this excellent article for us.
I have gained good stuff from this website.
I am looking forward to your next article.
Not only that, but I am happy to share this post with my friends. Keep it up.
iskysoft pdf editor pro crack
iskysoft pdf editor pro crack
iskysoft pdf editor pro crack
iskysoft pdf editor pro crack
iskysoft pdf editor pro crack
iskysoft pdf editor pro crack
iskysoft pdf editor pro crack
iskysoft pdf editor pro crack
Good blog post. I certainly appreciate this website. Keep writing!
ReplyDeletethe sims 3 crack
Cyberpunk 2077 crack
f1 crack
Farming Simulator 19 Crack
You did a fantastic job with your hard work. Thank you for sharing that with me. I appreciate it.
ReplyDeleteVSO ConvertXtoHD Crack
Google SketchUp Pro Crack
I am very impressed with your post because this post is very beneficial for me and provide a new knowledge to me. this blog has detailed information, its much more to learn from your blog post.I would like to thank you for the effort you put into writing this page.
ReplyDeleteI also hope that you will be able to check the same high-quality content later.Good work with the hard work you have done I appreciate your work thanks for sharing it. It Is very Wounder Full Post.This article is very helpful, I wondered about this amazing article.. This is very informative.
“you are doing a great job, and give us up to dated information”.
nero-burning-crack/
manictime-pro-crack/
anymp4-android-data-crack/
xara-designer-pro-crack/
goldwave-crack/
I guess I am the only one who comes here to share my very own experience guess what? I am using my laptop for almost the past 2 years.
ReplyDeletebitdefender-total-security Crack
system-mechanic Crack
avg-internet-security Crack
wondershare-filmora Crack