2018-10-05

සෙනෙහස රිදුමකි සුවය ම ගෙන එන


         
    

සෙනෙහස රිදුමකි සුවයම ගෙන
එන
නෙත කඳුළින් පුරවා සනහා
ලන
හසරැලි අතරට දුක් ගිනි
පුරවන
සහගිනි පුපුරකි හදවත
ඇවිළෙන

  
රිදුම් මතින් නව රිදුම් මවා
දී
දුහුල් මතක මිහිදුමක්
ඇදෙද්දී
මම අමතක බව මතකෙට
එද්දී
කිරුළ බිඳුණි තනිකම
රජයද්දී

  
සුසුවඳ ආදර වදන්
සිඹින්නට
වදනින් වදනට රස
විඳගන්නට
යන්තම් වත් සුව පහසෙ
සරන්නට
මතකය පමණක් ඇත
පිළිසරණට

  
ගෙවෙනා කාලය ගෙවි ගෙවි
යද්දෙන්
නමුදු මතක පිටු නොම
වියැකෙද්දෙන්
එක දවසක මා මතකෙට
එද්දෙන්
නව පණකින් සෙනෙහස
ඉපදෙද්දෙන්

  


5 comments:

  1. අපුරු උත්සාහයක්. ලස්සනයි.

    ජයවේවා!!!

    ReplyDelete
  2. මම කැනඩාවේ ජීවත්වන නිර්මාණකරුවෙක් . මගේ නිර්මාණ ඇතුලත් කර අහස් ගව්වෙන් එහා ලෝකය නමින් බ්ලොග් අඩවියක් පටන් ගත්තා . බ්ලොග් කලාව මට අළුත් . බ්ලොග් කලාවේ ප්රවීණ ඔබට හැකිනම් මගේ බ්ලොග් අඩවිය ඔබ දන්නා හදුනන බ්ලොග් අතර ජනප්රිය කරන්න . එවිට මගේ නිර්මාණ බොහෝ දෙනෙකුට රස විදින්නට හැකි වේවි . ඔබේ නිර්මාණකරණයට ජය .... මම අනුරුද්ධ වැලිගමගේ
    http://ahasgawwenehalokaya.blogspot.com

    ReplyDelete
  3. "Mathakaya pamanak atha pilisaranata...."

    ReplyDelete
  4. This is a beautiful and evocative description.

    ReplyDelete