2014-09-16
2014-09-05
2014-08-12
2014-08-10
2014-07-24
2014-05-13
2014-04-17
මඳෙව් විල වසා ඇත
| සරසවිය ඇය ම විය දිවි සර ට දුන් | සුර‘ත |
| හැර නො ගිය නමුදු සිත, දුරක ගිය ලකුණු | ඇත |
| වෙර නොමැ‘ත බඳින්න ට තව වදන් වැල් මෙ | මත |
| ජරපත් ව වියපත් ය මට තිබුණු එ කව් | සිත |
| | |
| බඳුවදෙ‘ව් අදර මුදු වදන් වෙත | පිපාසිත |
| අඳුරු සිතිවිලි පිරී බර ව පණ අදින | සිත |
| සොඳුරු පෙම් අහර නොම ලැබ සයින් මියෙනු | ඇත |
| වැළඳගනු පැමිණ මා සිතෙ හි සුදු සොහොන් | කොත |
| | |
| හසුනි, හංසියනි, රැව් නැගු මඳෙව් විල | දිය'ත |
| ඇසුණේ ද? කැළැඹි රළ පෙළ වළප එ දිය | මත |
| දිසුණේ ද? මිය ඇදෙන කව් මසුන් ඔබේ | නෙත |
| නැසුණේ ය මෙසේ පෙම් රසින් සැදි සිතෙ හි | වත |
| | |
| හැර ගියෙන් සිතුම් වැල් බුබුළු නැගු එ | උල්පත |
| සිතුම් පිණි දියෙන් මා, පිරවු විල තවත් | නැත |
| වදන් පියුමන් විසුළ පිනවන්ට ඔබේ | සිත |
| හසුන් හට විවර කළ මඳෙව් විල වසා | ඇත |
| | |
2014-04-14
2014-04-03
පිය සෙනෙහසට
ලිපියෙ තේමාව දකින කොට ම හැම දෙනාට ම මතක් වෙන්නෙ එක ම ගීතයක්. ඔව්, පිය සෙනෙහස ගැන කවුරුත් සංවේදී කරවන, පිය සෙනෙහසෙ හි ප්‍රතිමූර්තියක් විදියට බොහොම දෙනෙක් සලකන ලස්සන ගීතයක්. නමුත්, පෝය දවසට වෙන දා වාදනය වන ටකරන් සිංදු වෙනුවට ප්‍රබුද්ධ යැයි සැලැකෙන ගායක ගායිකාවන් ගේ ආදර ගීත වාදනය කරන අවිචාරවත් ගුවන්විදුලි නාලිකා ඇති රටක වෙසෙන ඔබ ත් මේ ගීතය තත්වාකාරයෙන්, විචාරශීලී ව අසා තිබෙනවා ද?
තැන:
Ragama, Sri Lanka
2014-03-24
මිරිඟුව නළියන පාර දිගේ
2014-01-13
සරසවි වැණුම් - 2
සරසවි වැණුම් පළමු වැන්න කොටල හැමෝට ම ඒක අමතක වෙලා යනකම් වත් දෙ වැන්න දාන්ට නො හැකි වීම ගැන මුලින් ම සමාව අයදිනව. විභාග කටයුතු වලින් පස්සෙ ත් හිතපු තරම් නිදහසක් නො ලැබුණ නිසා පෝස්ටුවක් දාන එක හරි ම අමාරු කටයුත්තක් වෙලා.
2013-11-15
2013-09-12
සැඟැවුණු ගිනිදැල්
“මේකට
නම්..“ කාර්න් තෘප්තිමත් හඬකින් පැවැසීය, “..තමුසෙ කැමැති වේවි. නිකමට කියවල
බලනවකො.“
ඔහු
තමා කියවමින් සිටි ලිපි ගොනුව ම වෙතට තල්ලු කරත් දී, ඔහු ගේ, එසේ නො හැකි වුව
හොත්, මගේ, ස්ථාන මාරුවක් සඳහා ඉල්ලීමක් කරන්නට මම තව වරක් ඉටා ගතිමි.
2013-09-05
2013-08-26
යුද පෙරමුණෙන් ඉසිඹුවක්
පැද්දෙමින් ඉදිරියට ඇදෙන කරත්තයේ කිරි කිරිය මැද සිය සාක්කුවේ වූ ලිපිය එළියට ඇදැගත් ඉවාන්කෝ නැවත වරක් ඒ දෙස බැලුම් හෙළුවේ ය.එය අම්මා එවූ ත්‍රිකෝණ ලිපියකි. එහි නැමුම් දාර දැන් ඉරී යන තරමට තුනී වෙලා ය.පසුගිය මාසයේ දී එය කී පාරක් කියෙව්වා දැයි ඉවාන්කෝ වත් නො දනී. සිතිවිල්ලකින් තොරව ඒ දිගහැරි ඔහු එහි අකුරු පේළි හරහා දෙනෙත් ගෙන ගියේ ය.
2013-08-20
සෙල් ටැම්
ජීවිතය නම් කිමෙක් දැයි මම නිරතුරු කල්පනා කරමි. දිවියෙ හි සැටි මේ යැයි වෙන්කොට දැක්වීම නම් නො කළ හැක්කකි. ගලා යන ගංගාවක් සේ එය කාලය නමැ‘ති නිම්නය ඔස්සේ වෙනස් වෙමින් ගලා බසී. විපරීත භාවයෙහි අපූර්වතම දෘෂ්ටාන්තය එය වෙයි. එය එක් විටෙක ඒ රසෝඝයෙක් සේ සිත රසයමින්, හද කිතිකවමින් ගලා ඒ. තවත් විටෙක මහෝඝයෙක් සේ සිත සසලවමින් හද දෙදරවමින් හමා යේ.
2013-08-02
2013-07-22
2013-07-20
පියෙකු ගෙ කඳුළු
මගෙ දුවේ,
උඹ දන්නව ද මං උඹ ගැන තියෙන දුක හිතේ තද කරන් කොයි තරම් හිත ඇතුළෙන් විඳවනව ද කියල..? උඹේ අනාගතේ ගැන හිත හිතා කොයි
තරම් දුක් වෙනව ද කියල..? ඒත් ඒ දුක පිට කරල අඬා වැළපෙන්න මට බෑ... කඳුළු හෙළන්න
මට බෑ... මං එහෙම කළ ත්... ඔව්, මං එහෙම කළ ත් උඹ මාව තේරුම් ගනීවි ද කියල මට
සැකයි...උඹ මාව වයසක පිස්සෙක් විදිහට ගණන් ගනීවි ද කියල මට බයයි...
Subscribe to:
Posts (Atom)


















