2014-04-17

මඳ‍ෙව් විල වසා ඇත




                
සරසවිය ඇය ම විය දිවි සර ට දුන්
සුර‘ත
හැර නො ගිය නමුදු සිත, දුරක ගිය ලකුණු
ඇත
වෙර නොමැ‘ත බඳින්න ට තව වදන් වැල් මෙ
මත
ජරපත් ව වියපත් ය මට තිබුණු එ කව්
සිත

  
බඳුවදෙ‘ව් අදර මුදු වදන් වෙත
පිපාසිත
අඳුරු සිතිවිලි පිරී බර ව පණ අදින
සිත
සොඳුරු පෙම් අහර නොම ලැබ සයින් මියෙනු
ඇත
වැළඳගනු පැමිණ මා සිතෙ හි සුදු සොහොන්
කොත

  
හසුනි, හංසියනි, රැව් නැගු මඳෙව් විල
දිය'
ඇසුණේ ද? කැළැඹි රළ පෙළ වළප එ දිය
මත
දිසුණේ ද? මිය ඇදෙන කව් මසුන් ඔබේ
නෙත
නැසුණේ ය මෙසේ පෙම් රසින් සැදි සිතෙ හි
වත

  
හැර ගියෙන් සිතුම් වැල් බුබුළු නැගු එ
උල්පත
සිතුම් පිණි දියෙන් මා, පිරවු විල තවත්
නැත
වදන් පියුමන් විසුළ පිනවන්ට ඔබේ
සිත
හසුන් හට විවර කළ මඳෙව් විල වසා
ඇත

  

2014-04-03

පිය සෙනෙහසට



ලිපියෙ තේමාව දකින කොට ම හැම දෙනාට ම මතක් වෙන්නෙ එක ම ගීතයක්. ඔව්, පිය සෙනෙහස ගැන කවුරුත් සංවේදී කරවන, පිය සෙනෙහසෙ හි ප්‍රතිමූර්තියක් විදියට බොහොම දෙනෙක් සලකන ලස්සන ගීතයක්. නමුත්, පෝය දවසට වෙන දා වාදනය වන ටකරන් සිංදු වෙනුවට ප්‍රබුද්ධ යැයි සැලැකෙන ගායක ගායිකාවන් ගේ ආදර ගීත වාදනය කරන අවිචාරවත් ගුවන්විදුලි නාලිකා ඇති රටක වෙසෙන ඔබ ත් මේ ගීතය තත්වාකාරයෙන්, විචාරශීලී ව අසා තිබෙනවා ද?