2013-07-22

මවුනි, පියාණෙනි, ඔබ ගැනම යි






නව දිවි පුදා, ඒ දිවිය ට දිවි                                පුදන
ඉටු දෙවි ලෙසින් දිවි මාවත සැරි                     සරන
බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණයෙන්             පිරුණ
පවසමි කවෙන්, මගෙ මව් පිය ගුණ              වරුණ

2013-07-20

පියෙකු ගෙ කඳුළු




මගෙ දුවේ, උඹ දන්නව ද මං උඹ ගැන තියෙන දුක හිතේ තද කරන් කොයි තරම් හිත ඇතුළෙන්  විඳවනව ද කියල..? උඹේ අනාගතේ ගැන හිත හිතා කොයි තරම් දුක් වෙනව ද කියල..? ඒත් ඒ දුක පිට කරල අඬා වැළපෙන්න මට බෑ... කඳුළු හෙළන්න මට බෑ... මං එහෙම කළ ත්... ඔව්, මං එහෙම කළ ත් උඹ මාව තේරුම් ගනීවි ද කියල මට සැකයි...උඹ මාව වයසක පිස්සෙක් විදිහට ගණන් ගනීවි ද කියල මට බයයි...

ගොළු වූ පෙම


                                



දේදුනු බැමින් සෙවණ වු නිල් නෙතු
සඟලේ
කැල්මෙ හි බැඳෙන මා සිත සිතිවිලි
පැටලේ
මට හිමි නොව ඔබ හෙට වෙනෙ‘කෙකු
තුරුළේ
සැනැසෙනු ඇති ද? නිරතුරු හදවත
සසැලේ

ආවේ ඇයි ද? විරහින් සිත අද්දරට...



ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සිය ආදරය ඔහුට ‘පුද‘ කළා. ඔහුට තිබුණෙ එක වදනක් පිට කරන්න විතර යි. නමුත් ඔහු එහෙම කළේ නෑ. ඔහු ගෙ හිතේ තියෙන යම් ප්‍රතිවිරුද්ධ අදහසක් ඔහු ව වළකනව. ඉතින් ඔහු ඇයට සිය පෙම පුදන්නෙ නැහැ. මොක ද අර ප්‍රතිවිරුද්ධ අදහස කවදහරි ප්‍රේමය මැද ට ඇවිල්ල එය නටබුන් කරන බව ත්, ඉන් ඇය ට වත්, තමන් ට වත් යහපතක් වෙන්නෙ නැති බව ත් ඔහු දන්නව. ඉතින් හිතේ බැඳීම සඟවගෙන ඔහු ඇය ට පිටුපානව.

2013-07-16

හඳුංකූරු




කුස්සි කෑල්ලෙ ජනේලෙං තමං දිහා ඔරවගෙන බලා ඉන්න ආකාසෙ දිහා බැලුව කුසුමාවතී ආයෙ සැරයක් හීල්ලුව.

“මේ වැහිකලුව තව කී දවසක් අල්ලල හිටීද දන්නෙ නෑ.. දවස් කීයකිං හඳුංකූරු ටිකක් ඔතාගන්ට බැරි උනාද.. ඔතල වේලෙන්ට කියල දැම්මම තිබ්බට වැඩියෙං තෙත අල්ලනව...“

2013-07-10

වැස්ස යි මම යි


   


නිදි වැද බිම ලගින වියළුණු කොල
අහුර
බිය වැද ඇහැරවයි සීතල සුළඟ
සැර
එනව ද? මහ වැස්ස අප වෙත ඉඳන්
දුර
තුටු නද සර සරින් විමසයි අතු
පතර