2015-05-16

වෙන නැද්ද විදින්න අවි??

කෙල්ලෙක් සෙට් වෙන්නෙ නැතිව සෑහෙන කාලයක් ඉන්නව කියන්නෙ කොල්ලෙකුගෙ හිතට ලොකු බරක්. අනිත් උන් ඉස්සරහ  Proud to be single, Forever single වගේ පොර ටෝක් දදා හිටියත් යටි හිතෙන් උෟ නිතර ම කල්පනා කරන්න ඇයි මට විතරක් නැත්තෙ කියල යි. ඔය ළතැවීම සීමාව ඉක්මවල ගියොත් විෂාදය වගේ මානසික රෝග දක්වා ම වුණත් යන්ට පුළුවනි.

එහෙම නොවී ඉන්න කොල්ලෙකු ගෙ මානසික මට්ටම් එක එක විදිහ යි. සමහරු යට ලීයෙන් නාරිලතා මල් පූදිනව බල බල හිතෙං අඬා වැටෙනව, සමහරුහිඳීවි කොතැනක හෝ...“ කියල ඒ එනතුරා හිත හදාගන්ට බලනව. ඒ අතරෙ වෙනස් ම විදිහට හිතන උනු ත් ඉන්නව.

                          

ඒත් ඉතිං ඔය මොන මොන විදිහට හිත ගියත් මහබඹා නළලෙ කොටල සළකුණු කොරාපු පරාණකාරයො දෙන්න තමයි අන්තිමට සෙට් වෙන්නෙ ඕං...“ කියල කියයි අපෙ අත්ත එහෙම මෙව්ව අහගෙන හිටිය නං. මහබඹා කෙටුවට වැඩක් නෑ, ඔය සළකුණු කරපු දෙන්න ව හොයල සෙට් කරන්ට කෙනෙක් ඕනැ වෙනව. නැත්තං ඔය දෙන්න කොහොම දෙන්නව හොයාගන්ටද. ආන්න එතෙන්ට තමයි අපේ ජනහද හඳුනන, සුහද හදක් ඇති මල්සරා සෙට් වෙන්නෙ. ඔය අනංගයා කියල හඳුන්වන්නෙ ත් එයා ම තමයි. මල්සරා ට ඒ නම වැටුණු හැටි සහ එයා ගැන වැඩි විස්තර ඊළඟ පෝස්ට් එකෙන් දාන්නං, මේ පෝස්ට් එක දිග වැඩි වෙන්ට පුළුවන් නිසා.



පැරණි පෙරදිග සාහිත්‍යයට අනුව අනංගයා කියන්නෙ දෙවි කෙනෙක්. ඔහු ගෙ කාර්යය ප්‍රේමය සහ ස්ත්‍රී පුරුෂ බැඳීම ගැන හොයාබලන එක. බඹා කොටපු දෙන්න හොයාගෙන, ඔවුන් දෙන්න එකිනෙකා කෙරෙහි සිත් පහළ කරවන්ට තමයි අනංගය දුනු ඊතල පාවිච්චි කරන්නෙ. සාහිත්‍යයට අනුව අනංගය ගෙ දුන්න හදල තියෙන්නෙ උක් දණ්ඩකින්. උක් දඬු කාල තියෙන අය රස දන්නව නෙව. කාල නැති අය දැං දැං ම හොයාගෙන කන්ට. නැත්තං දත් නැති කාලෙක උක්දඬු ගිනි තපින්ට තමයි ගන්ට වෙන්නෙ. 


මේ තියෙන්නෙ උක් දඬු.

 


ඔය උක් දඬු දුන්න යොදාගෙන අනංගය හී වර්ග පහක් විදිනව. එක් එක් හීය නිමැවී තියෙන්නෙ මල් වර්ගයක් බැගින් යොදාගෙන යි. ඔය මල් වර්ග පහ,

අරවින්දමශෙකඤ්ව චුතඤ්ච නව මල්ලිකා නීලෝත්පලඤ්ච...“ කියල සකු සාහිත්‍යයෙ සඳහන් වෙනව.

සිංහලෙන්


නෙලුම්
 


අශෝක





අඹ



  
සත් පෙති දෑ සමන්




  
නිල් මානෙල් 





කියන මල් වර්ග පහ. අශෝක මල්, අනංගප්‍රිය යන නමෙන් හඳුන්වන්ට මේක හේතු වුණු බව මම මීට පෙර සරසවි වැණුම් - 2 පෝස්ට් එකේදි කිව්ව. උක් දඬු දුන්න සහ අලංකාරවත් මල්, ප්‍රේමයෙහි සුන්දරත්වය විදහාපාන්නට සාහිතකරුවා යොදාගත් සංකේත යි.



ඉතිං මේ උක්දඬු දුන්න ත්, පස් කුසුම් හී ත් රැගෙන එන අනංගයා කොහිද කියා තනිකඩ තරුණයෙකුට හිතේවි. ලස්සනට දිළිසි දිළිසි එන තමංගෙ හිත ගිය තරුණිය නිතර දෙවේලෙ ඔහුට මුණගැහෙනව. ඒත් ඈ තුළ නම් ඔහු කෙරේ හිතක් පහළ වෙන පාටක් වත් නෑ. ඔහු ගෙ හදවත සුවඳවත් සඳුන් උයනක්..එය මිහිරි රොනින් පුරවන්නට හැකි ඇයට ම පමණ යි... ඔහු ඇයට කැමැති යි. ඔහුට පෙනෙන විදිහට ඇයට ත් ඔහු ට අකැමැති වන්නට හේතුවක් නෑ. “එහෙනම් වැරැද්ද අනංගයා අතේ වත් ද?!“ ඔහු හිතනව. කවුරුන් හෝ කෙනෙක් අනංගයගෙ උක්දඬු දුන්න හරි මල් හී හරි බිඳල දාල ද...?! එහෙමත් නැත්තම් අනංගය ට නින්ද ගිහින් ද....? මෙහෙම මං හැමදාට ම තනි වේවි ද..? ඔහුට බයක් දැනෙනව...



තරමක් දුරට අපේක්ෂාභංගත්වයට පත්වුණු තරුණය ගෙ හිත කලබල යි. තරුණියන් ගෙ මටසිලුටු කිකිණි කටහඬ දැන් දැන් ඔහුට ඇහෙන්නෙ ගීත වගේ මිහිරිව යි. ඔවුන්ගෙ සැලෙන, ළෙලෙන, ලලිතවත් උකුළු නිතඹ ළැමහසුන් දකින ඔහු ගෙ නුරා හැඟුම් අවදි වෙනව. ඔහුට මේ දුක තවදුරට ත් දරාගන්නට බෑ.. තාරුණ්‍යයේ විප්ලවකාරී අදහස් ඔහු තුළ ඇතිවෙනව.. දුනු ඊතල බිඳිල නම්, වෙන මොකක්වත් ම ආයුධයක් නැද්ද විදින්න...? උගුලෙන් හරි හබකෙන් හරි වැඩේ කෙරෙන්ට යි ඔහුට ඕනෑ...





මල් දුන්නේ මල් හී බින්දේ

කවුරුන් දැයි මල් බඹරින්දේ?

රන් කෙන්දෙන් අත් බැඳ දුන් ඒ්

පෙම්වත් පෙම් මින්දද නින්දේ

සිරියහනේ මා තනිවේ ද? අහෝ!



කෝමල රන් බඳ දිළිසෙන්නා

මා යන මංපෙත ඈ එන්නා

ඈට විදින්නට මල්සර හී සැර කෝ?



හද චන්දන අංගනයේ

පුරවන් මකරන්ද ප්‍රියේ...



මානවිකා ගී සින්දු ඇසේ

හංස රැඟුම් ළැම සීන දිසේ

පංච කුසුම් හී වින්දන ප්‍රේමේ කෝ?



වෙන නැද්ද? විදින්න අවි
පවසන්න අනංග දෙවි...





මෙහෙම හිත බිඳුණු තරුණය ගෙ හැඟීම් සරල, සිත්ගන්නාසුලු පද මාලාවකට ගෙත්තම් කරන ලදු ව, එඩ්වඩ් ජයකොඩි මහතා විසින් ගායනා කෙරනව. එහි සංගීතයට නම් මම පුද්ගලික ව කැමැති නෑ. ඒ ගැන මම කියනවට වඩා, සංගීතය ගැන දන්න මියැසියෙ සිංදුවා සහ වයලීනෝ විසින් අදහස් ප්‍රකාශ කෙරේවි යැයි බලාපොරොත්තු වෙනව.



අනංගය ගැන වැඩිදුර රසවත් විස්තර ඊළඟ පෝස්ටුවෙන් බලාපොරොත්තු වෙන්ට :)

9 comments:

  1. ඉන්දියානු අනංගයා තමා උක්දඩු දුන්නක් උස්සගෙන ගියේ. අනිත් අය රත්තරං, රිදී දුනු උස්සන් ගියේ..

    ReplyDelete
    Replies
    1. ඒ අය ගැන ඊළඟ පෝස්ටෙකෙන් කියන්ට හිතාන ඉන්නෙ :)
      ස්තුතියි දේශකයා!!

      Delete
  2. කෝ මුගෙ අනික් එකා අර ග්‍රීක් පොර.... බාගෙට හෙලුවෙන් ඉන්න හාදයා.......
    අපූරු ලිපියක් ලැම්බ්ස්....
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. උෟ ගැන ඊළඟට කියන්නං ;)
      බොහොම ස්තුතයි මචං!!

      Delete
  3. උගේ ආච්චිට. අහුවෙයන්කෝ ඔය අනංගය. යකෝ අනිත් එවුන්ට හතර පහ විදලා තියෙද්දී ඇයි මටම මේ අසාදාරණේ කරන්නේ?

    ReplyDelete
    Replies
    1. කවුද දන්නෙ බං ඔව්ව...උෟ විදින ඒකාටම යි හැමදාම විදින්ෙන ;)

      Delete
  4. අනංගයටත් වරදින වෙලාවල් ඉතින් නැතුවම නෙමෙයිනේ.. කාලකට උඩදී මම දැක්කා ඒ ගැන තිබ්බ ඇනිමේෂන් ෆිල්ම් එකකුත්..

    ReplyDelete
    Replies
    1. වරදින්නෑ..‍හිතලම යි ඔහොම කරන්නෙ ;)

      Delete
  5. මදැයි ඉඳලා ඉඳලා කිව්වා ඔන්න මියුසික් ගැන කියන්න කියලා :D එහෙම සිංදුව ගැනම හිතලා මියුසික් දාලා කියලා හිතෙන්නෙනම් නෑ බන්. මම හිතන්නේ සමහරවිට තනුව මුලින් හදලා පද ලියන්න ඇති. මට නම් තනුව ලස්සනයි හැබැයි මේකට ගැලපෙන්නේ නෑ වගේ තමයි. අර Boogie කියන ඉට්ටයිල් එකේ ස්ලෝව් වර්ෂන් එකක් වගේ මේක :D

    කොහොම වුනත් පොස්ට් එක නම් පස්ට ආ.... ලාස්සන සිංදුව. අර මල් වර්ග 5 ගැන දැනගෙන හිටියෙම නෑ. කොහෙද අපිට වේලාසනම මේ යකා විද්දනේ.
    දැන් මේකේ පොරත් ඔහොම විදින්න කියලා කෑ ගැහුවා වගේ නෙවෙයි විද්දට පස්සේ තමා අනංගයාව හොයාගෙන ගිහින් ජම්බු දෙන්න හිතෙන්නේ.
    ටැංකු මචන්. !

    ReplyDelete