2017-08-08

ශෘංගාර කාරණා - 1





රාගය වනාහි අනාදිමත් කලක සිට කව් සිත් කුළුගැන්වූ ප්‍රපංචයෙක් විය. රාගයෙන් ඇති වන සම්ප්‍රයෝගයට ද වඩා, කවරදා ත් එහි විප්‍රයෝගය වඩ වඩා ත් නව කවීන් බිහිකරන්නේ ය. විප්‍රයෝගය පළ කරන්නට සීමා නැති වුව ද, සම්ප්‍රයෝගී රාගය පළකිරීමෙහි ලා බාධා ඇති කරන සමාජ සංස්කෘතිකමය සීමාවන් අසීමිත ය. එ නමුදු, හුදු කාමරාගය පළ කිරීම වෙනුවට, සංයමයකින් යුතු ව, රසය වඩා ත් කුළුගන්වමින් එකී හැඟීම් පළ කරන්නට සමත් ආකාරයෙක් කවියා සතු ව ඇත. එය නමින් ශෘංගාරය නම් වෙයි.