2012-05-12

වෙසක්


ටික කාලෙක ඉඳල බ්ලොග් කියවල මටත් හිතුණ බ්ලොගක් ලියන්න ගන්න. ඉතින් හා හා හරි හාවා කියල වෙසක් වලින් ම පටන් ගත්ත ඕං......

පොඩිකාලෙ ඉඳලම වෙසක් කියපු ගමන් ඉස්සෙල්ල ම මතක් වෙන්නෙ වෙසක් කූඩු. ඒ කාලෙ වෙසක් එකට කූඩු හදන්නෙ අප්පච්චි යි අත්ත යි. අපි කරන්නෙ බලන් ඉන්න එක. හැමෝම හදන අටපට්ටම්, නෙළුම් මල් ඇරුණම හැම අවුරුද්දෙ ම ‘වෙනස්’ කූඩුවක් හදන්නෙ අපේ ගෙදර. මට මතක කාලෙ එක සැරයක් හැදුව අඩි දහතුනක් විතර දිග අහස්යාත්‍රාවක්. ඒක හැදුවෙ රෝදත් කැරකෙන විදිහට. වෙසක් ඉවරවෙල ත් මාස ගාණක් ඒත බිමදිගේ තල්ලු කර කර සෙල්ලම් කළා තාම මතකයි. ඊට පස්සෙ අවුරුද්දෙ ද මන්ද බස් එකකුත් හැදුව. ඒ හැම එකක්ම හදන්න ගත්තෙ උණ කූරු. පාප්ප ගාල සව්කොල ඇලෙව්ව. ඊට පස්සෙ ආව ටිකක් ලේසි ක්‍රමයක්. ඒ තමයි බීම බට වලින් කූඩු හදන එක. හදන්න ලේසි යි, අලවන්න ටිකක් අමාරු යි. ඒත් ඒව හැදුවෙ අපිම යි. ඉතින් වෙසක් දවසෙ රෑ පත්තු කළා ම හිතට හරි ම සතුටු යි.ආමිස පූජාවෙ පින තියෙන්නෙ එතැන යි කියල මට හිතෙනව.

දැන් විදිහ හරි වෙනස්, ඒ වගේ ම ලේසි යි. වෙසක් දවසෙ උදේ කඩේ ට ගියා, හදල අලවල ම තියෙන කුඩුවක් ගෙනාව, එල්ලුව. ඒත් වෙන කෙනෙකු ට ඕන විදිහට, වෙන කෙනෙක් හදපු කූඩුවක් එල්ලන එකේ තියෙන්නෙ මොන වගේ සතුටක් ද මන්ද. හරියට මැගී නූඩ්ල්ස් වගේ. අපිට ඕනම රසකට හදාගන්න ත් බෑ, ඒත් රස කර කර කනව.

ලංකාවෙ වෙසක් කාලෙට චීනෙට අවුරුදු ඇති කියල හිතෙනව පදික වේදිකාවෙ විකුණන චීන බඩු දැක්ක ම. දැන් අලුත් ම රැල්ල තමයි චීනෙන් ගේන එක එක විකාර හැඩ කූඩු (ඇත්තට ම නම් ලාම්පු) එල්ලන එක. ගිණි ගණන් දීල, සදාකල් පවතින, යක්කු වගේ රතු පාට පොලිතීන් ගොඩවල් අරන් එල්ලන එකෙන් වෙන්නෙ කවදහරි ලංකාවෙ වෙසක් වල අනන්‍යතාව නැතිවෙන එක ය කියල තේරෙන එකෙක් වත් රටේ නැද්ද මන්ද. තායිලන්තකාරයො උංගෙ බුදුපිළිම දළදා මාළිගාවෙ පවා ගොඩකරල ලංකාවෙ බුදුපිළිම නැති කළා වගේ ම තවත් වැඩක් තමයි ඒක.

වෙසක් කාලෙට සමහර මිනිස්සු පුදුම මහන්සියක් කැපවිමක් කරල දන්සැල් සංවිධානය කරනව. එයාල වෙන මහන්සිය හරියට දකින්න නම් දන්සැල පටන්ගන්න කළින් යන්න ඕන. මුස්ලිම් මිනිස්සු පවා දන්සැල් කරනව දැකල මට නම් හරි ම සතුටක් හිතුණ. ලංකාවෙ මිනිස්සු කියන තරම් ම පිරිහිල නෑ කියල ඒව දකිනකොට හිතෙනව.

ඒත් සමහර අයට නම් වෙසක් කියන්නෙඅවුරුද්ද වගේ ම හම්බ කරන්න පුළුවන් කාලයක්. සව් කොලේ ඉඳල විදුලි බුබුළ වෙනකම් හැමදේ ම ගාණ දෙගුණ තෙගුණ වෙලා විකිණෙනව. අවුරුද්දෙන් පස්සෙ කන්නවත් නැතුව හිටපු මිනිස්සු ණයක් වෙලා හරි ගිණි ගණන් වලට ඒව මිලට ගන්නව. ඒ එයාලගෙ හිතේ ඇත්තට ම තියෙන භක්තිය නිසාම යි. ඒත් ඒ භක්තිය විකිණෙන හැටි බලන් ඉන්නත් පිළිකුල්. “උඹල පින් කර ගන්නවනම් අපි ත් කීයක් හරි වැඩිපුර ගත්ත ම මොක ද වෙන්නෙ” කියනව වගේ.

වෙසක් එකට කළින් මම පිටකොටුවෙ රවුමක් ගැහුව. හැමතැන ම ‘වෙසක් වෙළෙන්දො’.වෙනද රුපියල් සීයට තියෙන පාට විදුලි බුබුලු වැල් දෙසීයෙනු ත් උඩ. මම ඉස්සලේල මවෙසක් බැලුම්’ දැක්කෙ එද යි. ධර්ම චක්‍රය, බෝ කොළ විතරක් නෙවෙයි බුදුහාමුදුරුවන් ගෙ අත් දෙක පවා ඒව ගෙ තිබුණ. ලබන අවුරුද්දෙ බුදු රූපයක් ම දැම්මට පස්සෙ එකක් ගන්නව කයල මං හිතාගත්ත.

බුදුහාමුදුරුවො පිරිනිවන් පාලත් අවුරුදු 2555 ක් විතර ත් ගිහින් තාමත් ලක්ෂ ගාණක් මිනිස්සු උන්නාන්සෙ නිසා ජීවත් වෙනව. එතුමන් ගෙ පින් මහිමය මෙච්චරයි කියල කියන්න බැරි ඒකයි. බුදුහාමුදුරුවන් ගෙ පිහිට ලබන්න ජාති ආගම් බේද බලපාන්නෙත් නෑ කියල ඒ වෙළෙන්දො දැක්ක ම මට හිතුණ.ි

4 comments:

  1. ඉතින් එහෙමලු පටන් ගත්තේ....... ;)

    ReplyDelete
    Replies
    1. හූම් හූම්...එහෙමය කියලයි කියන්නෙ ;)
      ස්තුතියි මේ පැත්තෙ ආවට :)

      Delete
  2. පටන්ගෙන මෙච්චර කල් වෙලත් ඇයි මේ කමන්ට් නැත්තෙ. රාහු කාලෙ පලන්න අමතකත උණාද? :වී පරක්කු උණත් කමක් නෑ එහෙනං ජයවේවා කියල කිව්ව ඈහ්.

    ReplyDelete
  3. රාහු කාලෙ බැලුවත් වැඩක් නෑනෙ මලේ...මාසෙකට පෝස්ට් එකක් තරම් වත් දාන්ට වෙලාවක් නැතිවුණා ම කමෙන්ට් කරයි යැ මිනිස්සු ;)
    බොහොම ස්තුතියි බලල යන්ට ආවට..ජයවේවා!!! :)

    ReplyDelete