2014-04-17

මඳ‍ෙව් විල වසා ඇත




                
සරසවිය ඇය ම විය දිවි සර ට දුන්
සුර‘ත
හැර නො ගිය නමුදු සිත, දුරක ගිය ලකුණු
ඇත
වෙර නොමැ‘ත බඳින්න ට තව වදන් වැල් මෙ
මත
ජරපත් ව වියපත් ය මට තිබුණු එ කව්
සිත

  
බඳුවදෙ‘ව් අදර මුදු වදන් වෙත
පිපාසිත
අඳුරු සිතිවිලි පිරී බර ව පණ අදින
සිත
සොඳුරු පෙම් අහර නොම ලැබ සයින් මියෙනු
ඇත
වැළඳගනු පැමිණ මා සිතෙ හි සුදු සොහොන්
කොත

  
හසුනි, හංසියනි, රැව් නැගු මඳෙව් විල
දිය'
ඇසුණේ ද? කැළැඹි රළ පෙළ වළප එ දිය
මත
දිසුණේ ද? මිය ඇදෙන කව් මසුන් ඔබේ
නෙත
නැසුණේ ය මෙසේ පෙම් රසින් සැදි සිතෙ හි
වත

  
හැර ගියෙන් සිතුම් වැල් බුබුළු නැගු එ
උල්පත
සිතුම් පිණි දියෙන් මා, පිරවු විල තවත්
නැත
වදන් පියුමන් විසුළ පිනවන්ට ඔබේ
සිත
හසුන් හට විවර කළ මඳෙව් විල වසා
ඇත

  

17 comments:


  1. මේ කවියත් පුරුදු ලෙසටම පස්ටය.මෙතෙක් පළමු තැන තිබුණු "වැස්ස" අභිබවා මෙය අද සිට රැ‍ඳෙනු ඇත.

    මෙය වසා දැමීමෙන් ම‍ඳෙවු විල රසවින්දවුන් වන අපට කරන අසාධාරණය පිළිබඳ කල්පනා වී නුදුරේදීම යලි මෙය විවෘත කිරීමට සිත් වේවා පතමි.ජය වේවා!

    සරසවිය වෙතට පිදු සුපින්සර පහන් සිල
    විසල් සිතුවිලි දැහැන අවදි කළ මදෙවු විල
    මුසාබස් දොඩන කල කව් සිතත් තියන් ගිල
    දෙවිඳු ගණ ලැම්බාට අනිනු මැන බලා නිල

    ReplyDelete
    Replies
    1. නියම කවියක් :) ඒකට නිකං උත්තර දුන්නොත් අසාධාරණයක් වෙනව...

      අඳුරෙ හි ගිලුණු හද ගැඹුරෙ හි සොහොන වෙත
      ඇවිදින් දිනෙක මාගේ සරසවි නැවැත
      ඒ තුළ නිදන වියැකී මළගිය ම සිත
      පිබිදවු දිනෙක දන්වමි ඔබ හට පුවත...

      බොහොම ස්තුතියි සාස නගා...ජයවේවා!!!

      Delete
  2. ඒ මේ මොකක්ද බං කියන්නෙ. කියන්නෙපා කවියෙන් මේ කියපු දේ හැබෑවක් කියලනම්.

    ReplyDelete
    Replies
    1. බොරුවකුත් නෙවෙයි මචං... :/

      Delete
    2. එහෙම කරන්නෙපා බං. ඒක අපරාදයක්. පුලුවන් කමක් තියෙනවනම් කොහොමහරි ලියන්න.

      Delete
  3. ඇයි ලැම්බෝ....මොකද මේ? උඹ දක්ෂ නිර්මාණ කරුවෙක්. ඒවා අපිට කියවන්න සලස්වපන්.

    ReplyDelete
    Replies
    1. සුළිසුළඟක් ඇවිත් හැම දේම ගහගෙන ගියා වගෙ.. ලියන්ට හිතක් නෑ තවත්..වැරදිලාවත් හැමදේ ම හොඳින් විසැඳුණොත් මම අායෙත් ඒනව..
      ෙබාෙහාම ස්තුතියි සහෝ...

      Delete
  4. අඩෝව්, පිස්සු කෙලින්න එපා සහෝදරයා........... දිගටම ලියපන් ඈහ්.

    මොනා වුණත් කවිටික නම් පස්ට ය.

    ReplyDelete
    Replies
    1. දිගට ම ලියන ඒක ගැන නම් කියන්ට බෑ සිහින මලයණ්ඩි...
      බොහොම ස්තුතියි මචං ආවට...

      Delete
  5. යකෝ බලන්න එනකොට වහන්නද හදන්නෙ. දිගටම ලියාගෙන යං.

    ReplyDelete
  6. කියන්න වදන් නැත. මොනව උනත් ලියන එක නතර කරන්නට ගත තීරණයට නම් මනාප නැත. උඹල වගේ එවුං ලියන එක නැවත්තුවම අර හොටු කතා ලියන උන් හිතන්නේ උන් තමයි මහා ලොකු රචකයෝ කියල

    ReplyDelete
  7. $%%@(!()#_((%^$@!%@^#&*$$*(($))$__@&^%!@$ පිස්සුද මනුස්සයෝ මේ අගේට තියෙන එක වහන්න යන්නේ? Dislike....................

    ReplyDelete
  8. යකෝ ඉස්සෙල්ලම ආපු දවසෙම වහන කතාවක්නෙ බං.

    මොනව වුනත් බ්ලොගේ හැමදේම හොඳයි

    ReplyDelete
  9. මමත් අදයි අහම්බෙන් මේ පැත්තේ ආවේ . . මෙන්න වහන්න යනවලු . . හොඳ කවිකාරකමක් පිහිටපු කෙනෙක් වගේ ඔයා . . වහන්න එපා දිගටම ලියන්න

    ReplyDelete
  10. යකෝ මදැයි ඉස්ස්ල්ලේම ආවේ වහන බ්ලොග බලන්නද ? පිස්සු කෙලින්නේ නැතුව ලියපිය දිගටම

    ReplyDelete
  11. උඹ කවි ගැන කියන්න මට කයි දැනුමක් නැති නිසාත්, උඹේ කයි කවදත් ලොවෙත් පට්ට නිසාත් ඉතින් පට්ටයි සුපිරියි කියන්නම්. වෙලාවට වැහුවේ නැත්තේ :D

    ReplyDelete
  12. Sasha, Manosh, arugeadaviya,සිතුම් සිහින, Praසන්ன, උකුස්සා, බඩී, ධනා, දුකා, ඉවාන් පවුලූශා, සිංදුවා....
    හැමෝට ම බොහොම ස්තුතියි!!! ප්‍රශ්න නො විසඳිත් බ්ලොග් එක අතෑරල දාන්ට හිතුණෙ නැත්තෙ මේ කොමෙන්ට් නිසා...

    ReplyDelete