2014-05-13

මෙත් බෝසතුනි






               

අව ගතිය වෙත ඇදෙන ලෝ සතුන්මුදවන්ට
බව අඳුර දහම් අලු පතුරවා බිඳලන්ට
ලොව නේක දුක් විඳින හැම සතුන් සනහන්ට
දිව සැපය අතැ‘ර දා, හිමියනේ! බුදු වන්ට
  
නව ගුණෙන් සක්වල ම නිවී සැනැහී යන්ට
පව ට බර වූ සිතුම් සදහට ම නැති වෙන්ට
මුව මුව‘ග යහ බසින් සව් ලෙවන් තුටු වන්ට
කවර කලෙක ත් උතුම් අමා දම් වගුරන්ට
  
මවන නෙක මුසා බස් බිඳ පරදවා ලන්ට
නුවන රවටන සිහින ලොවෙන් සත මුදවන්ට
සවන සනහන දහම් සයුරෙ ලොව කිමිදෙන්ට
නිවන වෙත ඇදෙන මග හෙළි පෙහෙළි කර දෙන්ට
  
දිව ය කණ සරීරය ඇසට සහ නාසය ට
රුව ය හඬ ගඳ ය රස පහස යන මේ ලෙසට
සුවය සදමින් එන්නෙ දුක ම බව පහදන්ට
මව ය දීපය කුලය වෙත බැල්ම යොමවන්ට
  


20 comments:

  1. මචන් මෙන්න මේකට දාලා ඔය කවි කෙලින් කරගනිං එතකොට වැඩේ ගොඩ
    අලුත් මල්ලිගේ කවි සොෆ්ට්වෙයාර් එක

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචං, ආවට ත්, සොෆ්ට්වෙයාර් එක පෙන්නුවට ත් :)

      Delete
  2. ඇති යන්තම්, ආයෙත් මදෙව් විල අරින්න හිතුනා.

    දිගටම ලියමු බං.

    ReplyDelete
    Replies
    1. වෙසක් උත්සවය වෙනුවෙන් විශේෂ විවෘත කිරීමක් මචං :)
      බොහොම ස්තුතියි මචං මේ පැත්තෙ එනව ට...

      Delete
  3. කවිටික නියමයි ඈ............. ඒත් අදහසනං මට පෞද්ගලිකව අවුල්. ඔය කියන විදියට බලන් හිටියොත්නං තව කොච්චරකල් බලං ඉන්න වෙයිද? මේ බුද්ධ කල්පෙම නිවන් දකින්න ට්‍රයි කරපං. එතකොට වැඩේ ගොඩ.

    ReplyDelete
    Replies
    1. මේක එහෙම හිතල ලියපු එකක් නෙවෙයි මලේ...මේ යන හැටියට මෛත්‍රී බුදුහාමුදුරුවො ත් ටිකක් කළින් වැඩිය නං හොඳ යි හිතුණ :)
      ෙබාෙහාම ස්තුතියි මචං අදහසට

      Delete
  4. //පව ට බර වූ සිතුම් සදහට ම නැති වෙන්ට//

    මං උඹට මොනා කළාටද බං? :'(

    ReplyDelete
    Replies
    1. මං කිව්වෙ ‘පව ට බර වූ‘ සිතුම් කියල...උඹ පිනට නෙ බර...බය නොවී ඉඳිං ;)

      Delete
  5. කවි ටික නියමයි..

    ReplyDelete
    Replies
    1. ඇගැයුමට බොහොම ස්තුතියි දිනේෂ් මචං :)

      Delete
  6. Replies
    1. බොහොම ස්තුතියි ධනුෂ් කොල්ලා, ආවට ත් කොමෙන්ටුවට ත් :)

      Delete
  7. ලැම්බෝ.....මේකේ මොන ඉලව්වක්වත් පේන්නේ නැහැනේ බන්. අප්සට එක මගේ ඇස් නෙමේ උඹේ දොස්.

    ReplyDelete
    Replies
    1. අපොයි!! ඒ මොකද???
      පොඩ්ඩක් බලනවද මොකද්ද සීන් එක කියල?? මට තේරෙන්නේ නෑතිය

      Delete
    2. හරි දැන් හරි. ඒ වෙලාවේ අකුරු අන්තිම ලාවට පෙනුනේ. කියවගන්න බැරි සයිස් එකට.

      Delete
  8. විල නැවත විවෘත කිරීම ගැන මාගේ සාතිශය සංතෝසය!!

    කවිම ලියන්න ලැම්බාචාර්ය තුමනි දිගටම!! ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සාසා නගා :)

      Delete
  9. බෑලුනේ බුදුන් කෙනෙක් පහල වෙන්නේ අබුද්ධස්ස කාලේ ගෙවුනට පස්සෙලුනේ :D කයියන් ටිකනම් ඉතින් ලොවෙත් සුපිරි. උඹයි ට්‍රොජයි දෙන්නම එක්ක දාන්න තියෙන්නේ කයි බ්ලොගක්... නිකන් හිටිවන කවි පාරවල් එහෙම දාලා කයියෙන් ඔක්කොම යන. :D

    ReplyDelete
    Replies
    1. නෑ මං නිකං කිව්වෙ බැරි වෙලාවත් පහළ වෙන්ට පුළුවන් වුණොත් කියල ;)
      ඒකත් නරක නෑ අදහස....පුළුවන් නම් ට්‍රෝජට අයිඩියා එක දාල බලන්ට :)

      බොහොම ස්තුතියි මචං!!

      Delete