2014-08-10

පාලු දැනෙන හැන්දෑවක


http://t3.gstatic.com/images?q=tbn:ANd9GcR_LRrusUwvlwqjFCNMyL6k2OrKhqNsqdRoZhvwHXqdFGhWSxvL
                        


                        
දවසට එළිය දී උදයේ සිට
දැවුණු
හිරු දෙවියන් ට දැන් තද වෙහෙසකි
දරුණු
දාහය නිවාගන්න ට සිරුර ට
දැනුණු
ඈතින් පෙනෙයි සිහිලැල් මුහුද ට

බසිනු

  
හමනා සුළං රැල්ලේ පැටලී
දුරෙක
සිට එන සීතලය තව ඉවසිය
නො හැක
සූරිය පෙම්වතාගෙන් වෙන් වන
විටෙක
මිහි ලිය නගන සුසුම යි මේ, නොමැ‘ත
සැක

  
කිරි සුදු පෙණ ඇතිරි පැමිණී වෙරළ
වෙත
ළ සොවින් තැවෙන මිහි ලිය ගේ වෙරළ
වත
තෙමමින් විටින් විට නැගෙනා කඳුළු
තෙත
පිස දා දමන්න ට දරනා නො නිමි
තැත

  
මිහි ලිය සිත නැගෙන දුක් විරහවෙ
අඳුර
මුළු ලොව වසා ගිල ගන්නට එයි
පැතිර
පිය‘ඹන් විරහවෙන් දුක්බර වෙන්ට
පෙර
සියොතු ද කැදැල්ලට පියඹති තිබෙන
දුර

  
සූරිය තෙමේ මහ මුහුදෙ හි ගිලෙන
සඳ
මිහි ලිය වෙත ට එයි, ඇය ගේ සොයුරි,
සඳ
කිරණ'ත් යවා තුරුළ ට ගෙන ඇය ගෙ
බඳ
සනසන අයුරු කදිම යි! නරඹනු
සබඳ

  
සඳ වට පොකුරු ගැසෙමින් තරු කැළ එ
සඳ
නෙත් එළි යොමයි, මිහි ලිය යෙහෙළිය
වැළඳ
හිරු දෙවි උදේ පැමිණෙන තුරු රෑ
නො නිද
කුරුමිණි හඬින් නැළැවිළි ගී
කියනව ද?

  






























































15 comments:

  1. ලොවෙත් පස්ටයි බන් !
    සූරිය පෙම්වතා, සඳ සොයුරිය, අර වෙන්වෙනකොට එන සුසුම්.... ඔව්වා අපිට හිතෙන්නේ නැති හැටි...ඇස්වහ කටවහ නෑ ඕක ප්‍රතිභාව ප්‍රතිභාව කොහොමහරි ඔය ප්‍රතිභා එක්ක දීග යන්න ඕනි. හඃ හඃ හඃ :D
    මචන් ලැම්බා "සොවින්" කියන එක තේරනව
    "ළ සොවින්" කියන්නේ මොකක්ද ?
    මම මේ දවස්වල කියවපු ගොඩක් කවි එක්කෝ කාටහරි පාරක් ගහලා, නැත්නම් ඉඳලා හිටලා බර වචනයක් දෙකක් දාලා දෙයක් හාස්‍යට හරි අවමානයටහරි ලක් කරලා . එව්වා කියවල කියවලා මේ වගේ පස්ටම එකක් කියෙව්වම කියලා වැඩක් නෑ බන් සුපිරිම සුපිරි !

    ReplyDelete
    Replies
    1. ළ සොවින් කියන්නෙ ළය තුළ ඇතිවන ශෝකය මචං :)
      ප්‍රතිභා හම්බ වුණොත් කියන්ටකො මං මතක්කොළා කියල...දීග යන්ටත් කැමතිද ඇහුව කියන්ට ;)
      බොහොම ස්තුතියි මචං මේ පැත්තෙ ආවට!!

      Delete
    2. මේක දැක්කම මුකුත් නොකියා ඉන්නම බෑ .

      ලඝු ප්‍රතිලඝු
      භා ප්‍රතිභා

      භා භා කියන්නේ කුකුලනි මේ විලේ මාළු බාන්න එක්ක කියලා කුකුලන්ට කතා කරන එකට . ප්‍රතිභා ප්‍රතිභා කියන්නේ මාළු බාගෙන කුකුලන්ට යන්න කියන එක .

      Delete
    3. හකස් :ඩී
      වයලො උඹේ පද පෙරළි තමයි නියම ;)

      Delete
  2. උඹ ලියන එව්වා කියෙව්වම වෙන මොනා කියන්නද අයියා “පස්ටයි“ හැර. අපූරුයි ඈ.......................

    ReplyDelete
    Replies
    1. ටැංකු ටැංකු සිතුම් මලේ :)

      Delete
  3. ඔන්න ආවා විලේ මාළු බාන්න . එල එල . පළවෙනි මාළුවා එල .
    අන්තිම කවියට උඩ කවිය ආයේ කියෝලා බලන්ට :) :) විරිත් පැනලා වගේද ? මට නිකන් එහෙම හිතෙනවා . එක එක විදියට කියෝලා බැලුව හරියනවද කියලා . ම්හ්හ් ... අවුල් වගේ දැනෙන්නේ.

    මේ බ්ලොග් එකට තමා දෙන පබ්ලිෂ්මන්ට් එක ඉතාම මදි මදි ..... ඒ පිළිබඳව බලවත් විරෝධය .
    මේ වගේ පට්ට පෝස්ට් තියෙනවා කියලා කස්ටිය දැනගන්න ඕන .....

    ReplyDelete
    Replies
    1. තුන්වෙනි පදේ නෙහ් ? ඒ කවියේ තුන්වෙනි පදේ අවුට් එකක් තියෙනවා වගේ ක්ලික් වෙන්නේ

      Delete
    2. ටැංකු මචංලා පෙන්නුවට...කටපාඩමින් ටයිප් කළේ..වචනයක් මිස් ‍වෙලා..තුරුළට ගෙන කියල තියෙන්න ඕන..ඔන්න හැදුවා... :)

      පබ්ලිසිටි දෙන්ට වෙලාව තමා මදි මචෝ..එක්සෑම් අස්සෙ ඇවිත් පබ්ලිස් කොරල යනව..බුකියෙ වත් දාන්ට වෙලාවක් නෑ...ටැංකු සින්දුවො මේක බුකියෙ දැම්මට... :) වයල ත් එදා බුකියෙ විලේ ඇඩ් එකක් දාල තිබුණ නෙව...හදපිරි ඉස්තුතිය පුදකරනව ඕං :)

      Delete
    3. ඔබට මේ සඳහා යම්කිසි ගෙවීමක් කරන්න පුළුවන් නම් ඒ සඳහා අපට ( නො )මසුරුව දායක වෙන්න පුළුවන් .
      හිහිහිහිහිහ් :p :p :p

      Delete
    4. සල්ලි නං මොනවද මල්ලි...සල්ලිද වටින්නෙ මිනිස්සුද? සල්ලි නෙ :) සාදාරණ ගාණක් කියන්ටකො ;)

      Delete
  4. ගිනි ගිනි ගිනි ගින්දර
    ආපු දවසෙම පට්ට කවියක් ඈ...
    සිරාවටම බොක්කටම වැදුණ..

    එන්නංකො මේ අහ ආයෙමත්..
    දාගත්ත ඕන්න රෝලටත්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි Mahesh මේ පැත්තට ගොඩවැදුණට ත්, අදහසට ත් :)
      ජයවේවා!!

      Delete
  5. ඇස්වහක් කටවහක් නෑ ඉස්තරම් ....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හසිත අයියෙ :)

      Delete