2014-09-05

මන්-මද

     
   
      


මිණි නිල් නයන පැහැ'දුල් වන
රණ මොණරි
දෙ ලවන් රතින් රත පරදන
සඳ කිඳුරි
හිරිමල් ගතින් සිත රඳවා ඉඳිනු
බැරි
සිත රොන් මතින් මත් කළ මැන
මල් කුමරි

  
සියපත පතෙක සුව පහසට නොම
දෙ වැනි
මුදු ගත ලලිත පහසට හිත දුවනු
දැනී
ඔබ වත ම වෙත යොමමින් විළිබර
නෙතිනි
ලුහු වත උනනු ලැසියෙන් රතැ'ඟිලි
අගිනි

  
සනහස සසල මදහසයෙන් ගෙන
දෙමිනි
ළැමහස මුවා කළ මැන නිල්
වරල'ගිනි
නෙක රස සහස සහසින් දී මුව
අගිනි
සිසිලස දෙවනු නිවමින් සිත නුරා
ගිනි

  
දද රඟ මඬල රඟ රඟනට
පොපියමිනි
අවසඟ සිත අනඟ රඟ වන් මතඟ
වැනි
සිහිනිඟ මඬල වන් දෙ ලවන් පහස
දැනී
මුව'ගින් නිතින් නංවනු හඬ
මිණි කිකිණි

  
සිත රැඳි නුරා සෙනෙහස් දිය රැගෙන
තෙමා
රත‘දර විතින් ගෙන දෙනු මැන රසය
අමා
තරු බර අහස පිසිමින් රැය බසියි
හමා
හිරු එයි සොඳුර, පෙති විහිදනු, කිමද?
පමා


මේ පද පෙළ ඇසුරින් ශාන්ත සේනාධීර මහතා විසින් නිමැවුණු “මිණි නිල් නයන“ ගීය ට සවන් දෙන්නට 



25 comments:

  1. ශබ්ද රසය නම් ඉමිහිරිව දැනුනා.. ජය...

    ReplyDelete
  2. Replies
    1. විබාගෙ නෙව අබාගෙ ඉවාන් සහෝ....

      Delete
  3. Replies
    1. ස්තුතියි සිහින සිත්තම් :)

      Delete
  4. ලැම්බො මේ වගේ මේහෛලියට කවි ලයන අය මේ බ්ලොග් අවකාශෙ ඇත්තටම නැති තරං...
    ශබ්ද මාධූර්යය වගෙම අර්ථ මාධූර්යය අතිනුත් පොහොසත්...
    අපූරු සදැසක්...
    ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මහේෂ් සහෝ!!
      ජයවේවා!

      Delete
  5. අඩෝ ලැම්බයියා මේක පට්ට බන්..............................

    ReplyDelete
  6. ඔබේ පබැඳුම ඉතා අනර්ඝයි. මා එය මාසික වෙබ් ප්‍රකාශනයක් වන ශ්‍රී ලංකා විත්ති හි පළ කිරීමට ඔබේ අවසරය ඉල්ලා සිටිමි.
    www.lankaviththi.us

    ReplyDelete
    Replies
    1. අගැයුමට බොහොම ස්තුතියි Nihal weerasinghe.
      පිටු සබැඳිය සහ නාමය ද සමගින් පළ කරන්නේ නම් පළකිරීමට බාධාවක් නෑ.
      විමසීම් සඳහා ඉ-ලිපියක් යොමු කරන්න.
      chamikanb@gmail.com
      ස්තුතියි!

      Delete
    2. Thank you Chamika. Sri Lanka-Viththi is a US based monthly publication. It contains several pages.
      Go to contact page and send your article. I will publish.
      I need your Full name and location. Thank you.

      Delete
  7. සිරාවටම ගති මේක නම්..

    ReplyDelete
  8. සිඳ බිඳ දුමත රැඳවූ පිරි මධු ගුණෙනී
    බැඳ පද යසට නිමවූ කව සිත පිරුණී
    විඳ විඳ නොමඳ පෙම් සුව සමගින් තරුණී
    මද රද අනඟ රැඟුමට සැරසෙනු පෙනුනී

    ReplyDelete
    Replies
    1. නිම නැත අගය ට්‍රෝජෝ ඔබෙ පසස් කවි
      සැම දින ලියන්නට කව්, ඒ ගෙනෙයි සවි

      ස්තුතියි මචං !!

      Delete
  9. //හිරු එයි සොඳුර, පෙති විහිදනු, කිමද? පමා//

    ඒ හිරු නොනගීවා
    රෑ තව දිගු වේවා
    මේ තරුණිගෙ සඳුන් තිලකේ
    අද ඉහිරේද දෙතොලෙන් මුගේ....

    හෙහ් හෙහ් හෙහ් මේකේ මටනම් තේරුම ඉගන ගන්න තියෙන පද ගොඩායි වගේ බන්. හිටහන් මම ලිස්ට් එක එවන්නම් :D

    ReplyDelete
    Replies
    1. මම,
      හිරු එන්ට පෙර රාත්‍රි මේ සීතේ
      ඈ හා ගයම් සෞම්‍ය සංගීතේ ;)

      Delete
  10. මේකා නරක වෙලා තියන තරම

    ReplyDelete
  11. "හිරු එයි සොඳුර, පෙති විහිදනු, කිමද? පමා"

    ඒ වචන ටිකට නම් හිත ඇදිලා ගියා ... ශ්රුන්ගාරය උපරිමයි .....

    සියොළඟ දව දවා නැගෙනා රාග ගීනි
    නිවනට රිසියි දිය පොදකින් තුණු විලෙනි
    සඳ වත වලා පෙලකින් සළු ඇඳි සඳිනි
    අවසර දෙන්න රොන් ගන්නට සිය පතිනි ...

    ReplyDelete
  12. මේක සංගීතමය ප්‍රබන්දයකට උපුටා ගත්තොත් ඔබ මට තලනවාද? තලන්නැතුව ඔබේ අවසරය ඊට ලැබෙනවාද? පිලිතුරක් දෙන්න සබද! ඊයකුත් එල්ල කලෙමි, එය නෙත ගැටුනාද?

    ReplyDelete
    Replies
    1. වැඩ අධික කම නිසා බ්ලොග් සහ ඉ ලිපි බලන්නට නො හැකි වුණා. මේ දැන් ඔබට පිළිතුරු සපයා ඇති. ඔබට බොහොම ස්තුතියි මිතුර!

      Delete
  13. This comment has been removed by a blog administrator.

    ReplyDelete