2015-01-27

ගෞරී මගේ දෙවඟන



බැමුම මා සසර සක
නොම දනිමි කෙදින කෙසේ ඇරැඹුණිදැයි..
දනිමි එ නමුදු, ඒ ඇරැඹි එ සැණ ම
ඇරැඹු බව මා, සොයන්නට මා දෙවඟන..

 ගෞරී...

සරා සැකි කප් සියෙක
මතක සැමැරුම් රැගෙන
නිහඬ සුසුමන් හෙළන
යටිසිතට මතකයි
රිදුම් දී ඔබ පිට ව ගිය හැටි
සහස් සුවහස් වරක්...

ඒ් නමුදු මගෙ යි, ඔබ...

දුක් රිදුම් ඔබ දුන්න
තුරුළු කර හිනැහෙමින්
වෙර නො කර අාදරෙන්
බව ලකුණු සොයමින්
පැමිණ බව මා, දනීදැයි ඔබ
නොම දනිමි මම තවමත්...

පුදුමයෙකි මේ භවය...

සහස් කප් ගෙවී ගිය
පසුව මේ අත්බවෙහි
නුහුරු ලෙස මුල් වරට
අාවා ඔබ ම, මා වෙත
ගෞරී මගේ දෙවඟන
සැපිරුණි ය මා සෙවුම...

අහෝ! මා තුටු වුණු තරම්...

අතැ'ර තුරුළෙ හි තිබූ
දුක් විරහ සෝ සුසුම්
විදාගත් හිස් අතින්
සැරසුණ ත් දිව එන්ට
කිම ද නො දනිමි මෙ මා
නැවතුණේ හිටි පියෙන්...

කතා කළා ඔබ මට...

"නො එනු සොයමින් මෙ මා
මට තරම් නො වෙයි තොප!"
යවුල් මෙන් ඒ වදන්
සිදුරු කළා බිඳුණු හදවත
වැටී අඩ දණින් මා
නොම හුරු වුව ද කො පමණ
යැදිමි යාදිනි පෙර නුවූ ලෙද...

අහෝ! මා දුක් වුණු තරම්...

සුමුදු පා මුල විසිරි
මගේ යාදිනි පයින්
පාගමින් හිනැහුණා
ගෞරී
මගේ අාදර දෙවඟන
රැව් දෙන'තර ඒ සිනා හඬ
රිදවමින් සිත ද සවන්පත්
පිට ව යන්න ට ගියා අෑ, අා ලෙස ම...

කොහිද? මා දුක් රිදුම්...

අතැර දැමු තැන නොමැ'
මා ගෙනා දුක් රිදුම්
බලා හිස් දෑත දෙස
බොඳ ව ගිය දෑසින්
හැඬූයෙමි තව වරක්
සහස් සුවහස් වතාවට මම...

හිස් නො වන බව දුටිමි මා අත...

නොම දමා ගොස් මෙ මා
රැඳී අත් අැඟිලි'තර
තිබී හමුවුණි කුඩා
බලාපොරොත්තුවක්...

ගෞරී...

ඉදින් නොම හැකිය මට
ඔබ සොයා නොම එන්ට
දනිමි තහනම් බව ද
නමුත් නොම හැකි ය මට
අතැ'ර දා හැර යන්ට
අසරණ පුංචි බලාෙපාෙරාත්තුව...

කමා කළ මැන මෙ මට...

තව සරා සැකි කපක්
ඔබ සොයා එමි යළිත්
ඉන් පිටත ලෝකයක්
දැක නොමැ'ති මම
කරන්න ද? අන් කුමක්
කියනු මැන,
ගෞරී... මගේ දෙව් දුව...

තුරුළු කර හිනැහුණෙමි මම,
ඒ පුංචි බලාපොරොත්තුව...

10 comments:

  1. ලස්සනයි..

    සෑහෙන්න කාලෙකින් පෝස්ට් එකක්..

    ReplyDelete
    Replies
    1. හැමදාම හිතුවට ලියන්ට වෙන්නෙම නෑ මචං :/
      බොහොම ස්තුතියි ෙම් පැත්ෙත අාවට :)

      Delete
  2. ජීවිතේ එක් කලෙක
    තවත් එක් දෙව් දුවක්
    ඔය නමින් සෙව් අයෙක්
    මෙහි ඇවිත් ගිය බවත්
    බොහෝ යට නිවී තිබූ
    ගිනි පුපුරු සිතැඟි පුරු
    හීනියට රිදවමින්
    මතකයට ආ බවත්
    නිසඳැස රසවිඳිමි
    ලියා මා නික්ම යමි.

    ReplyDelete
    Replies
    1. සොයනු මැන ඔබ අත ද
      අමතක ව රැඳී ගිය
      බලාපොරොත්තුවක්
      තවම ත් අැති බව
      පෙනෙනු අැති කිසි විටෙක..

      බොහොම ස්තුතියි මචං!!

      Delete
  3. ලස්සනයි නිර්මාණය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගී පවුර!!

      Delete
  4. ලැම්බා.. මේක මහ ලැජ්ජාවක්.. හැක්

    ReplyDelete
    Replies
    1. (වටපිට බලමින්, රහසිං) ඒ මොකෝ දේසකයියෙ??!

      Delete