
යටගිය දවසැ එක්
මනරම් වූ ද්වීපයෙක එක්තරා රජ කෙනෙක් ශත්රැ ප්රහාණය කොටැ මහත් වූ රාජෛශ්චර්යයෙන්
රජ කරන්නා වූ කලැ එම ද්වීපයේ ජීවකයාණන් ඇසුරෙ හි සිප් සතර හදාරන ලම්භත්ථ නම් එක්
කුමාරයෙක් වන්නාහ. එ කුමරු සිය ආචාරීන් වහන්සේ ගේ සිත් ගනිමින් දිවා රෑ අනලස් ව
මහත් වූ ප්රයත්නයෙන් ශිල්ප හදාරන්නාහු සිය ආචාරීන් සමීපයෙ හි දෑවුරුද්ද ක් ගත වී
ගියේ යැ.
මෙ කලැ ඒ ආසන්නයේ
වූ තව ත් තක්සලාවෙකැ සිප් සතර ලබන්නා වූ නෛපුණා නම් වූ, කේශ කල්‍යාණ, දන්ත කල්‍යාණ,
වය කල්‍යාණ ආදී කොට ඇති පංච නාරි ලක්ෂණයෙන් අගතැන්පත් සුරූපී කුමාරිකාවකි. මෙ
කුමරිය සතු වැ "වක්ත්‍ර පුස්තකය" නමින් චිර ප්‍රසිද්ධ එක් පුස්තක
රාජයෙක් පවත්නේ ය. වැලිත් එය සාමාන්‍ය පුස්තකයෙක් නොව ඉතා පුදුමාකාර වූ බලවත්
එකෙක. යමෙක් එය විවෘත කළේ ද එසේ කළා වූවන් හට මේ සාරලක්ෂ යොදුන් පොළෝ තලය
අතැඹුලක් සේ වන්නේ යැ. ලොව සිදු වන දේ මතු නො ව මනුෂ්‍යයන් ගේ සිතුම් පැතුම් පවා
දැක්වීමෙ හි ඒ සමර්ථ වන්නේ යැ.
දිනක් ඒ නෛපුණ්යා
කුමරිය, "මගේ සිත් ගන්නා වූ කුමාරයෙක් මෙ දියත වෙසෙත් දෝහෝ" යි සිතා එසේ
වූ වක්ත්‍ර පුස්තකය පරීක්ෂා කරන් නාහු තමන් සමීපයේ පිහිටි ජීවක අසපුවෙ හි වාසය
කරන්නා වූ ලම්භත්ථ නාමධාරී කුමරුවා දර්ශනය කර තදබල වූ දෘෂ්ටි සංසර්ගයෙන් බැඳී
මහත් සොම්නසට පැමිණියාහු,
"මාගේ
අභිමතාර්ථය සාධනය වූ සැටි යැ. මෙ කුමරුවා දැකීමෙන් ම මම මහත් වූ බන්ධනයක ට පත් වී
ඇති සේ යැ. මොහු නො ලද හොත් මගේ දිවියෙන් පල කිම් දැ" යි සිතා වක්ත්‍ර
පුස්තකයේ බල මහිමයෙන් මැ ලම්භත්ථයා ට ලැබෙන නියා පතක් යැවූ දෑය.
එ පත ලැබූ
ලම්භත්ථයා කල්පනා කරන්නේ,
"මෙ කුමරිය
මට සිත් ඇත්තී ඒ බව සඟවා මිත්‍ර සේවනය පිණිස යැයි පවසමින් ම වෙත පතක් එවා ඇති නියා
යැ. එ නමුදු දැන් ම මට කුමරියකගෙන් කම් නො වෙයි. එ හෙයින් මෑ ප්‍රෝත්සාහී කිරීම නො
කටයුතු යැ" යි සිතා පිළිතුරු පිණිසැ පතක් නො යැවූහ.
දිනක් ගතවී ත්
පතක් නො ලැබුණු තැන කුමරිය,
"මොහු මාගේ අදහස දැන ගත් සේ යැ. ඔහු ගේ සිතෙ හි
ඇත්තා වූ සැකය දුරැර ලමි" යි සිතා,
" එම්බා
කුමරුනි, මා තෙපි පතන්නේ මිත්‍ර සේවනය පිණිස පමණක් මය. ඒ ගැන සැක නො සිතවැ"
යි කියා ගිවිස්වා පතක් යැවූ හ.
කුමාරයා මොළොක්
සිත් ඇත්තේ ඒ පිළිගෙන එ වක් පටන් කුමරිය සමග මිත්‍ර සේවනයෙන් කල් ගත කරන්නේ කෙමෙන්
ඔවුනොවුනට ප්‍රාණ සමාන වූවාහු යැ. මෙ වක කුමරිය කෙරේ පහල වූ පෙම් සිත් ඇති ව ප්‍රෙම
නමැ‘ති දාහයෙන් දැවෙමින් කුමරු සිතන්නේ,
" මීට පෙර
කිසි කලෙක ස්ත්‍රියක ගේ ඇසුරක් නො ලදිමි. මාගේ සිත භික්තියකට ඇලුණු ලාටු මෙන් ඈ
කෙරේ ඇලී ඇත් බැව් හැෙඟ්. ඉදින් අප ගේ සන්ථවය දිනෙක අවසන් වූවාක් වේ ද, එ දින
මාගේ දිවි නැත. ඊට ප්‍රථම කොට මාගේ සිත ඈ වෙත දන්වා සිටීම යුතුයැ" යි සිය නො ඉඳුල්
වූ ද, අසීමිත වූ ද ප්‍රෙම වේගය ඈ වෙත
දන්වා ඊ පතක් යැවූ හ.
එ විටැ කුමරි
තුමූ මැ ඉතා අභිමානය ට පැමිණැ මෙ සේ සිතන්නාහු යැ.
" මාගේ
උත්සාහය නිෂ්ටාවට පත් වූ සැටි ය. ඉදින් මා එක්වර ම ඔහු වෙත ප්‍රෙමය පුද කළේ වී නම්
යහපත් නො වේ. මඳක් අගය කොට මොහු වෙහෙසට පත් කොට පසුව දන්වා ලමි" යැයි සිතා
එ තැන් පටන්
නොයෙක් ආකාරයෙන් කුමරු වෙහෙසන්නා හ, පරිභව බෙණෙන්නා හ, උකටලී වන නියා වදන් පවසන්නා
හ.
මෙයින් වෙහෙසට
පත් කුමරු සිතන්නේ,
"ස්ත්‍රීහු
නම් පුදුම සහගත යැ. මෑ තුමූ මැ මා සොයා අවුත් දැන් හෙතු රහිතව මැ මා හට පරිභව බෙණෙන්නීයැ,
අපහාස කරන්නී යැ. මැගෙන් මට පල කිම. එම්බා, මම ත් එක් කුමාරයෙක් නො වන්නෙම්
වේදැ" යි
මහත් වූ අභිමාන
උපදවා සිය සිත සාධාගෙනැ වෙසෙන්නට වූ කල් හි, කුමරි මහත් වූ පශ්චාත්තාපයෙන් යුතු වැ
මෙසේ සිතන්නී යැ,
" මා කළ ක්‍රියාව
අයහපත් වූ සැටියැ. මා පළමු කොට මැ ප්‍රෙමය පිළිකෙව් කිරීම මොහු මා කෙරේ බිඳ වූ
සැටියෙන් තවත් විසීමෙන් මගේ දිවියෙන් පල කිමැ" යි සිතා නැවත ද කුමරු සිත්
ගන්නා පිණිස සිය ප්‍රෙමය දන්වා පත් යවන දෑ ය.
පත් ලද කුමාර
තෙමේ ඒ නො ගිවිස්නේ මයැ. ලත් ලත් පත ඉවත හෙළන්නේ යැ. නමුදු පුරුෂයෝ ස්වභාවයෙන් මැ
ස්ත්‍රීන් කෙරේ බැඳුණු සිත් ඇත්තා හ. පමා වී හෝ ඇලී යන්නා හ. නැවත නැවත ද පත්
ගණනාවක් යැවූ කල් හි පළමු කොට මැ ඒ නො සලකා සිටියේ වී නමුත් ඈ කෙරේ කළ ප්‍රෙම
බලවත් හෙයින් ද, ස්ත්‍රී ස්වභාවය නො දන්නා හෙයින් ද, අවසන ඇගේ ප්‍රෙමය නමැ‘ති ජල
ප්‍රවාහය කෙරේ සිය සිත් නමැ‘ති අමුණු විවර කරන්නට කුමාරයෝ ගිවිසියෝ හ.
එ නමුදු
තුමූ ස්ත්‍රීහු ඉතා මුග්ධ හෙයින් කුමරිය එ විට සිතන්නේ,
" මෙ කුමරු
ඉතා ළාමක සැටි යැ. පහසුවෙන් මාගේ බස ට නැමී යයි. මා ප්‍රෙමය දන්වා සිටි කල් හි ඒ
නො ගිවිසියේ වී දැ. මතු ද මෙසේ නො කරන ලෙස තට කියටි දන්නෙම් වේදැ. තවදුරට ත් මෙල්ල
කර ගත යුතු යැ" යි නැවත ද කුමරු වෙහෙසන්නට වන්නී යැ.
එ විට කුමාරයා,
"මෑ නැවත ද
මා පෙරැ සෙ මැ පෙළන්නට තැත් කරන්නී යැ. කොල, මෙ ලොව සියලු ස්ත්‍රීන් මෙසේ වී නම්
එවන් වූ ප්‍රෙම බන්ධනයන්ගෙන් මට පල නැත්තේ ම යැ. පෙර තනි වැ සිටි කාලය ස්වර්ග
සම්පත්තීන් ඉක්මවන්නාක් මෙන් මට හැෙඟ්. වෙහෙසෙන්නට අපමණ දේ ඇති කලැ තවත් දේ සොයනු
කුමකට දැ" යි සිතා පියා සිය සිත තුළ වූ ප්‍රෙමය අලුයම කෙළ පිඬක් සේ ඉවත හෙළා එ වක්
පටන් නැවත වරක් මහත් වූ සම්පත්තියෙන් කල් ගත කරන්නට වූවාහු යැ.
එම්බා, එදා
නෛපුණ්යා කුමරිය මෙ කල එ හිම හෙළ ‘රුත් දනවන එක්තරා කුමරියක. එදා බලවත් වූ ලම්භත්ථ කුමාරයා මෙදා මෙදා මෙම බ්ලොගෙ හි ලැම්බා වූ මම් ම වේදැ යි කියා මේ මූඪ ලම්භත්ථ කතා වස්තුව නිෂ්ටාවට පත් කරන
ලදී
හි හි....
ReplyDeleteමේක ඒ කාලේ තෙලස්ට්රෝවෙ කියෙව්වා.මරේ මරු. බ්ලොග් වල කියවපු සුපිරිම කතාව හැටියට නම් කරන්න පුළුවන්.ජය වේවා
ReplyDeleteබොහොම ස්තුතියි විමුක්ති සහෝ :)
Deleteමරුයැ !
ReplyDeleteඔබට තුති යැ :)
ReplyDeleteමේක පට්ටයැ.. අන්තිම පේලියේ කියැවූ කතාවලින් මනසේ තැම්පත් වූ කතා වලින් එකක් වන්නේමයැ..
ReplyDeleteඔබේ ඇගැයුම මට මහත් සතුටෙක් මැ වන්නේ යැ :)
Deleteසුපිරි කතාව... කලිනුත් කියවල තිබුනත් කමෙන්ට් කලේ නෑ ඒ කාලේ.
ReplyDelete