2012-12-16

විමුක්ත





තනිකම නමැ’ති කතරෙ හි තව යනු බැරි                        
පෙම් දිය බිඳක් සෙව්වෙමි ඉවසුම් නැති                           
ඔබ ගේ පෙමෙ හි කෙම් බිම සේයා                             දුටුව
ම සිතෙ හි හැඟුම් මතක යි සතුටෙන්                        නැටුව



පෙම් අම දහර යැයි මෙ පමණ මා                            සෙව්ව
ලොබ කර පීමි විස මදු විත ඔබ                                  එව්ව
මා දුටු පෙමෙ හි සේයා හද කිති                               කැව්ව
බැව් දැනගතිමි මායා රූ ඔබ                                     මැව්ව
 .
 .
ළඟ ළඟ ඔබ ඇතැ යි දැක දිරි නැගුණු                          සිත
තුළ තිබු සා පවස් තවම ත් මතක                                ඇත
ඒ සිඳුවන්ට මා ගත් වෙර විරිය                                   තැත
කැපු ඉණි වීය ගඟකට අද හැරිය                                  අත
 .
 .
තනිකම දුක කි, බැඳුමෙ හි ඇත පරම                         සුවේ
සිතු මා මනැස අද පෙම් චිතකයෙ හි                          දැවේ
එය දල්වන්ට පෙර දින රැඳි ඔබ ගෙ                            මුවේ
මඳහස් ගිනි පුපුර තවම ත් සිතෙ හි                            මැවේ
 .
 .
දැවුණෙන් බොළඳ අදහස් පෙම් සිත                          සමඟ
ගෙවුණෙන් දුකෙ හි තැවෙමින් මා ගිය එ                      මග
දැනුණෙන් පෙම් සුවය වැනි පිණිබිඳු                       තණ’ග
දිවියෙන් ඇත ත් නො විදිනු තව හී                            අනඟ
 .
 .
නො තැවෙමි රුවැ’ත් අඟනුන් ගැන තනි ව                 සිතා
නො දුවමි තවත් ඉතිරියක ගෙ  පෙමක්                        පතා
නො කියමි පවත් ආදරයෙ හි රසට                          ගොතා
නො පතමි කිසිත්, තනිකම මට සැප ය                        ඉතා

No comments:

Post a Comment