2013-07-20

ආවේ ඇයි ද? විරහින් සිත අද්දරට...



ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සිය ආදරය ඔහුට ‘පුද‘ කළා. ඔහුට තිබුණෙ එක වදනක් පිට කරන්න විතර යි. නමුත් ඔහු එහෙම කළේ නෑ. ඔහු ගෙ හිතේ තියෙන යම් ප්‍රතිවිරුද්ධ අදහසක් ඔහු ව වළකනව. ඉතින් ඔහු ඇයට සිය පෙම පුදන්නෙ නැහැ. මොක ද අර ප්‍රතිවිරුද්ධ අදහස කවදහරි ප්‍රේමය මැද ට ඇවිල්ල එය නටබුන් කරන බව ත්, ඉන් ඇය ට වත්, තමන් ට වත් යහපතක් වෙන්නෙ නැති බව ත් ඔහු දන්නව. ඉතින් හිතේ බැඳීම සඟවගෙන ඔහු ඇය ට පිටුපානව.


එක දවසක ඇය සිදු විය යුතු අන්දමින් ම අන්සතු වෙනව. ඒ වෙනකොට ඔහු ඒ බැඳීමෙන් නිදහස් වෙලා කියල යි ඔහු හිතන් ඉන්නෙ. නමුත් ඇය හැමදාටම අහිමි වුණ බව දැනගත්ත ම හිත ට දැනෙන්න ගත්ත වේදනාව ඔහු ඉදිරියෙ ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරනව, තමන් තවම ත් ඇය ට බැඳිල ද? කියන පැණය ත් එක්ක.

ඔහු ඇය ව මගහැරිය ත් කවද හරි මේ දේ සිදුවෙන බව හිතුවෙ නෑ. ඒ වුවමනාවෙන් ම වෙන්න ත් ඇති, වේදනා සහගත දේ නො හිත හිටියෙ. ඉතින් ඔහු ට දැනෙන්නෙ සිදු වුණු දේ අදහන්න බැරි බවක්. නමුත් මෙය සිදු වෙන්නට තිබූ බව තමන් දැන හිටිය බව තේරුම් ගන්න ඔහු, තමන්ට දැනෙන දුක (හෝ එ වැනි හැඟීම) යටපත් කරගන්න වෑයම් කරනව.


ඇය පසුගිය සියල්ල අමතක කරල අලුත් ජීවිතයක් පටන් ගන්න යන අවස්ථාව. ඇය ට ඈ බලාපොරොත්තු වුණ ආදරය ලැබිල. ඇගේ දීප්තිමත් අනාගතය ඔහු ට මැවිල පේනව. ඉතින් ඈ සතුටින් නම් තමන් දුක් වෙන එක කුහක කමක් නේද? කියල ඔහු තමන්ගෙන් ම ප්‍රශ්න කරනව. ඒත් එක්ක ම වරක් අපේ ප්‍රවීන ගීත රචකයෙකු විසින් කියැවුණ “සැබෑ ප්‍රේමය නම් නියම බෝසත්කම යි“ කියන කියමන මට මතක් වෙනව.


එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට
නෙළා නො ගත්තේ මගෙ බෝසත් කමට
හැර ගිය දිනේ නාව ත් මා ගම් දොරට
ආවේ ඇයි ද? විරහින් සිත අද්දරට
.
විස්මිත කමට අදහන්නට බෑ තවම
මා හැර දමා නුඹ ගිය මග ගැන අරුම
සතු කරගන්න මුල් පෙම නො පිදූ බැවින
දුක් බර හිතට කීවෙමි නො හඬන ලෙසින
.
සිටිනා කොදෙව්වක නුඹ සැප විඳී නම්
ම වෙතින් ලැබුණු ආදරය ත් ලැබේ නම්
මතකය නුඹ ට හිරිහැරයක් නොවේ නම්
තව කුමකට ද? දුක් ගී කල්පනාවන්


ගීතය මෙ තැනින් අහන්න





4 comments:

  1. කලිනුත් කියෙව්වා. හුඟ කාලෙකින් නිසා ආයෙත් කියෙව්වා. පස්ටයි :D

    ReplyDelete
  2. ඔව් මචං..ඒව මෙ තැන ත් පෝස්ට් කරන්න හිතුව...
    තෑන්ක්ස් :)

    ReplyDelete
  3. this is something i've felt and i've thought of and you have put that into words so beautifully!.. really i shud be happy yet here i am questioning myself wandering.. huh .. good work chamika! BIG LIKE :)
    desh.

    ReplyDelete
  4. Thank you so much Desh, I'm happy you liked it :)

    ReplyDelete