නව දිවි පුදා, ඒ දිවිය
ට දිවි පුදන
ඉටු දෙවි ලෙසින් දිවි
මාවත සැරි සරන
බුදු ගුණ, දහම් ගුණ, සඟ
ගුණයෙන් පිරුණ
පවසමි කවෙන්, මගෙ මව්
පිය ගුණ වරුණ
ලෙව් පපුකමෙන්, උතුරන
සෙනෙහෙන් කරුණා
ලේ බිඳු ගතට පණ දෙන,
කිරි වෙත හැරුණා
ඇගෙ පණ නලින් මා හිස්
දිවි විත පිරුණා
දුන් ඔවදනින් යහමග වෙත
දොර හැරුණා
අඩුවක් නොමැ‘ත සෙනෙහස
ඔබ පිරුණු ළයේ
කිරි වෙත හැරුණු ලෙය ඔබ
ළය තුළ ද තියේ
මවක ට උතුරු වන්නට ඔබ
නොමැ‘ත ගියේ
එ නිසා එබැව් සඟවන බව
දනිමි පියේ
ආ දා සිටන් කුස වෙත
දුක් නැත නිම්මා
ඉවැසූ එ දුක් සම්බුදු
ගුණයෙන් සම්මා
ඉන්නා නිතින් මා හට සිය
නෙත් යොම්මා
සෙනෙහෙ ට ඔබේ උවමක් නැත
මගෙ අම්මා
කුස තුළ මවක දරනා විට
ගැබක බර
සිත තුළ එ ගැබ එ ලෙස ම
දරනා අතර
සිව් බඹ ගුණය දිවමන්
කරවන නිතර
පියතුම, ඔබ ගෙ සෙනෙහෙ ට
මදි මහ සයුර
පණ නල අඩක් ලොව මා - මවනට
යොදවා
අන් අඩ යොදා සෙනෙහෙන්
මා - ලොව මැවුවා
ලද දේ කිම ද? ඔබ, මම
මෙතුවක් සෙව්වා
ලද දේ ඔබ යි පුත, ඔබ මා
හට කිව්වා
සතුටෙ හි රසින්, පහසින්
පිරි දිවි තුරුණු
විස පිරි විතක් විලසින්
ඉවත ට කැරුණු
සිය දුක් අඳුර කරවූ මා
හට අරුණු
උන් පා සිඹින්නට තව
කුමට ද? කරුණු
2013-07-22
කවි ටික පස්ටයි !
ReplyDeleteතැන්කූ වයලීනො මචං :)
ReplyDeleteනැති බැරි මොහොතක පිහිටට එන්නේ මව්නි පියාණෙනි ඔබ පමණයි :D
ReplyDeleteබ්ලොග් එක සින්ඩි වලට දැම්මනම් හරි !
අපේ එකේ අපි පොඩි ඇඩ් එකක් දෙන්නම්. ඊළඟ පොස්ට් එක දානකොට.
කවි ටිකනම් ඉතින් හැමදාම වගේ සුපිරි ! :D
තැංකූ තැංකූ සිදුවෝ :) :)
ReplyDeleteගොඩාක් දැනෙනවා. මං මේකට වැඩියෙම කැමති අම්මාගෙත් තාත්තගෙත් ගුණ දෙකම කියල තියෙන නිසා.
ReplyDeleteකොමෙන්ටුවට ස්තුතියි බුද්ධි :)
Delete