2013-09-05

හඳයා



හිමිදිරි උදේ වැටෙනා විට අහස                 පැහැ
වෙන දා ඇහෙන උඹෙ කටහඬ ඇහුණෙ   නැහැ
උඹ නොම දැක ළ සොවින් තෙත් වෙච්ච     ඇහැ
දුක නෑ වනේ හතුරෙක් ගත්ත නම්           ඩැහැ



ගෙල බැඳි රැහැන දෙ කඩ ව වැතිරිලා          බිම
උඹෙ අඩි ලකුණු විසිරී ඇත තැනෙක          හැම
ආ ගිය අතක් දැන ගන්න ට නො හැකි        කම
සිහි වී හැඬුණි, දෙවියනි ! අසරණ යි            මම


පෙර දින රැයෙ හි දුන් තණ රස        නැතුවා ද?
දුප්පත් උඹේ ගේ පැල සැප                   මදිවා ද?
ගෙල වට ගෙජ්ජි නැතුවට හිත           රිදුණා ද?
නො කිය ම මගෙ සුදා මා අත            හැරියා ද?


ඉපැදුණු දා පටන් මිනිසුන් ගේ                  ඇසුර
ලැබුණ ත් කෙලෙස නොම දැනුණි ද උන්    නපුර
ආ මග සොයා ගන්න ට බැරි                අතරතුර
මගෙ රන්කඳ ඇදැ ගෙන ගිය උන්            කවර?



අබියෙසැ වැටී ළය තෙත් නැති උන් ගෙ      දෙපා
පණ අයැදිමින් හඬ දෙන විට පොළාවෙ       දපා
අසරණ දිවිය ඩැහැගෙන කරුණාව නො        පා


මුදල ට දෙන්ට තැබුවෙ ද? ගත කෑලි          කපා


ලොව අසරණු‘න් වී නෙක දුක් විඳින            අපා
හට වන් අවනඩුව පවසමු මතුරු                 දපා
මහ පොළොවක ට අදිපති දෙව් රද බල         පා
ඇදැ ලනු මැනැවි මුන් ගොරතර දුකෙක     අපා!


ලදැ විය සිට ම මා හට ලැදි සෙනේ              පපා
දිවි සරි කරන්න ට පවුලෙක සෙව්ව             උපා
පෙරැ කළ පවින් උපන ත් කුලයෙ ක        සිවුපා
මතු කිසි බවෙක දුක් අඳුරෙක වැටෙනු        එපා


© Chämika Ratnäyake 



6 comments:

  1. නෙත නැත කඳුළු තව උනනට නුඹට පෙමින්
    ගිනි නැත තවත් ඇවිලෙනු මා හද පත්ලෙන්
    උන් පරයින්ය සැනසෙන රන්කඳගෙ ලෙයින්
    මුන් සාපයකි දළුලන පිළිලයක් ලෙසින්

    ඉතිං , අපි දකින මේ යථාර්තයේ නිමක් නොදුටුමුද කෙදිනක..?

    ReplyDelete
    Replies
    1. එහි නිමක් නැති බව ම යථාර්ථය වෙයි..නිමක් පැතීම ම මායාවක් වෙයි..
      බොහොම ස්තුතියි..

      Delete
  2. ඔන්න බ්ලොග් රෝල්ට දාගත්තා.

    ReplyDelete
  3. ඔන්න මචං මමත් ආවා, රෝලට දාගත්තා දිගටම එන්න...

    කවි පද ටික අපුරුයි මලේ...

    ReplyDelete
  4. බොහොම ස්තුතියි අයියෙ :)

    ReplyDelete