2014-03-24

මිරිඟුව නළියන පාර දිගේ






 Mobile එක ring වෙනව.  Screen එකේ එයාගෙ පින්තූරෙ. පුරුදු නොයිවසිලිමත්කමෙන් ම මම answer කරනව.


Hi..  “ මම..

Hi.. Where are you...?“

එයා ගෙ ලස්සන කටහඬ. මගේ ඇඟ හැමදාමත් වගේ අමුතු හැඟීමකින් කිළිපොලා යනව.


“දැන් station එක ළඟ.. ඔයා train එකේ ද?“

ඔව්.... Come soon will you…

I’m coming බබෝ.. දැනුයි tickets ගන්නෙ...“

Cut කරන්න එපා.. Stay online…

Okey බබා  :* “


Ticket එක ගත්ත ගමන් දොර ළඟ ඉන්න ටික්කට ත් නො පෙන්න මම හැල්මෙ දුවගෙන යනව. ඒ එය ත් එක්ක ගතකරන එක විනාඩිය ත් මට වටින නිසා. ඒ වගේ 
නොයිවසිල්ලක් මට දැනෙන්නෙ මේ වෙලාවට ම විතර යි.

මගෙ ඇස් එයාව හොයනව.. පේන්න නෑ එයා..


“බබා? Where are you…??“

Second compartment.. මට ඔයා ව පේනවා... මෙහෙ මෙහේ....  ;) “


එයා ජනේලයක් ළඟ ඉඳන් අත වනනව..මගෙ පුංචි කුමාරි...

ඒ කලබලේ අස්සෙ ත් මගෙ හිත ඇතුළෙ සින්දුවක් play වෙනව...


# මගේ පුංචි කුමාරි - පමා ඇයි ද සැඳෑවේ
ආල හැඟුම් මෝරන යාමේ... #


“ඔයා ඇවිල්ල ගොඩක් වෙලා ද පැටියො?  :* “

“පිස්ස  ;) “

“ඒ මොකෝ?!  :O “

“ Keep the phone... පිස්සු පූස  :P “


ඒ වෙනකම්ම ත් මම කතා කළේ phone එකෙන් කියල මට මීටර් වෙන්නෙ එතකොට...
හොඳ වෙලාවට train එකේ සෙනඟ අඩු යි. තව ම engine එක couple කරල ත් නැති නිසා ඇතුළ යාන්තමට වගෙ අඳුරු යි. Seat එකේ වාඩිවුණ ගමන් ම මම කරන්නෙ එයා ගෙ 
කම්මුල kiss කරන එක. ඒ එයා දැක්ක ම ඇතිවෙන හැඟීම දරාගන්න ම බැරි නිසා.


“ඒයි....“

අපේ තොල් එකට මුණගැහෙනව.. මම පිටස්තර ලෝකෙන් වෙන්වෙනව.. එළියෙ මොනව වෙනව ද කියල දැනෙන්නෙ ම නැතුව යනව...

“ම්ම්හ්...“ හැමදාම වගේ එයා කළින් අයින් වෙනව.. ඒත් මට ඒ මදි...

“අනේ.. ඇයි බබා...? :/ “

What if someone sees? ;) “

I don’t care…

But I do..  :P “

“ම්ම්ම්.. Too mean  :/ .. Here, I’ve got something for you…

“ආව්! වෙරළු අච්චාරු!! Yummy!!!


මට එයා ගැන දුක හිතෙනව.. වෙරළු අච්චාරු කියන්නෙ මම නම් කටේ වත් තියන ජාතියක් නෙවෙයි. ඒත් එයා ඒකෙන් සතුටු වෙන තරම්.. මගෙ ආදරේ තවත් වැඩි වෙනව..මම එයා ගෙ නළල kiss කරන්නෙ ඒ වගේ වෙලාවට...

***

හවස train එකේ යන ගමන් මුහුද දිහා බලාගෙන යන්න මම වගේ ම එය ත් ආස යි. අපි දෙන්න ම කතා නැතුව එළිය බලාගෙන යනව. පුරුදු විදිහට ම මගේ හිත ඇතුළෙ සින්දුවක්...


# සයුර මා විය අහස ඔබ විය - දෙදෙන ළං වූ සිතිජ ඉම විය
ඒ වෙලාවේ මට මතක් විය - කලක් ලොව අප ගැන සිතූ හැටි... #



What are you thinking?“ , එයා...

Nothing...“

මගෙ හිත ඒ සින්දුව ත් එක්ක දුකින් බර වෙලා...

Nothing at all?!  :O “

About us…

What about us? ;) “

Whether we’re gonna work out or not... :/ “

Oh come on… පිස්සු කොල්ල මගෙ... :* “


එයා එයා ගෙ කම්මුල මගෙ මූණට තියල kiss එකක් “ගන්නව“.. හුළඟට එයා ගෙ කොණ්ඩෙ ඔක්කොම අවුල් වෙලා.. මම කෙහෙරැළි ටික එකතු කරල එයා ගෙ කණ 
පිටිපස්සට දාන ගමන් කණට තොල් දෙක ළං කරනව..


Hey! Don’t  ;) “ එයාගෙ කණට කිතිකැවෙන බව මම දන්නව...

***


Train එක ඔහේ ඇදිල යනව.. අපේ කතාව ත් ඒ වගේ ම ඇදිල යනව.. එක එක මාතෘකා.. ඒත් මොනව කතා කරනව ද කියල මට මතකයක් නෑ..  ඒ මුළු කාලෙ ම මම බලන් ඉන්නෙ එයා කතාකරන හැටි, අහන් ඉන්නෙ එයා ගෙ කටහඬ මිසක් වචන නෙවෙයි.. වෙලාවක ට එයා ගෙ කතාවට හූමිටි තියන ගමන් මම වෙන ම මනෝ ලෝකෙක සින්දුවක් මුමුණනව...


# නෙතු දැහැන් බිඳී - හද විමන් වදී
සුරඟනක් වගෙයි කුමරි...
මීදුමෙන් ඇදී - සිහිලසින් මිදී
පෙම් කවක් ලියයි මිහිරි...#


“ HeyYou’re checkin’ out other girls, aren’t you?!  :O “

මම ඇත්තට ම එහෙම ක‍ළේ නැත ත්, එයාව ටිකක් තරහ ගස්සන්න ආසයි මම...

“ Yup  :P  Did you see that one?  ;) “

“ Don’t you dare!!  :| 

“ Oh come on….  :, I can’t look at her.. Now, look and tell me, is she pretty??  ;) “

Mmh... Not much.. Her mouth looks weird  ;) 


ඒ එයා ගෙ හැටි.. මම මොන පිස්සුවක් පටන්ගත්ත ත් ටක් ගාල adapt වෙනව.. ඉතින් එයා මගේ නො වෙන්න හේතුවක් තියෙනව ද? මම මගෙන් ම අහනව.. උත්තරයක් හිතාගන්න ත් කළින් ම ඒ ප්‍රශ්නෙ මුහුදු හුළඟට ගහගෙන ගිහින් ඉවර යි...


***

ටිකකට කළින් ගිරව් වගෙ තොරතෝංචියක් නැතුව කියවපු අපි දෙන්න ම දැන් ගොළු වෙලා.. ඒත් හිතින් වත් ඇස් වලින් වත් නෙවෙයි.. වචන වලට කියන්න බැරි ගොඩක් දේවල් අපි කතාකරනව...

මම සාමාන්‍යයෙන් වැඩිපුර කතාවට බර මනුස්සයෙක් නෙවෙයි. ඒත් එයා එක්ක නම් මට දවසක් වුණ ත් කතා කරන්න දේ තියේවි.. මේ කෙල්ල මාව පුදුම විදිහට වෙනස් කරල.. මං ආසයි ඒ වෙනසට...

***

එයා දිව යන්තම් එළියට දාල ඇහැක් පුංචි කරල කින්ඩි හිනාවක් දානව.. ඒ expression එකට මං ආදරෙයි. මං එයා ගෙ ඔලුවෙ පැත්තක් kiss කරනව හිටගෙන ඉන්න අය දකිනව ත් ඇති, මට පලු යන්න බණිනව ත් ඇති.. මට මොකද..? එය ත් එක්ක මට හැමදේ ම සාධාරණ යි...


“ I love you so so so much…  <3 “ මං එයා ගෙ කණ ට කොඳුරනව...

“ Mmm.. I love you more…  :* “ එයා උත්තර දෙනව...


***


“ චුට්ටක් ඉන්න බබා...“


එයාට කෝල් එකක්..මේ ගමනෙ මම අකැමැති ම කොටස..හැම දවසක ම, ඒ කෝල් එක ඉවර වෙනකම් මම නො මැරි මැරෙනව..ඉවරවෙන පාටකුත් නෑ...

මම ගොම්මන් කළුවර දිහා බලාගෙන කල්පනා කරනව..ඒත් හිත ත් ගල් වෙලා වගේ.. කිසි ම දෙයක් හිතෙන්නෙ නෑ..

“ගලකට දැනෙන්නෙ ත් මේ විදියට වෙන්න ඇති...“ මට පස්සෙ හිතෙනව...

මම ආපහු මේ ලෝකෙට එන්නෙ එයා මාව ඇදල ළඟ ට තුරුලු කරගන්නකොට.. මට තරහ යි, දුක යි.. ඒත් මගෙ කෙල්ල ඒවට පලි නෑ.. ඉතින් මං කොහොම ද එයාට මොනවත් කියන්නෙ...


“ Was that him?  :( “

“ Hmm...  :/ ” එයා ගෙ husband...

“ hate him


එයා මොනව ත් කියන්නෙ නෑ. එක අතකට එයා මොනව කියන්න ද..? කෙල්ලෙක් හැටියට ගන්න පුළුවන් හොඳ ම තීරණේ තමයි එයා ගත්තෙ. සාධාරණ වුණ ත්, නැත ත්, හේතු සහිත තිරණයක්. මට ඒ ගැන හිතෙන්න එහෙම යි...

මම එයාව තුරුලු කරගන්නව.. එයා මේ විදියට හරි මට නැති වුණොත් මොනව වෙයි ද..? මම ඒ ගැන හිතන්න ත් බය යි.


“ අප්පච්චි, I have to get off  :( “

“ Hmm.. Go safely බබා..  :( .. Call me once you’re home…

“ Love you..“

“ Love you too සුදු අම්මි...“


මට එයා ව කිස් කරන්න ඕන. ඒත් ළඟ පොඩි එකෙක් හිටගෙන ඉන්නව...


“ ෂික්.. හැමදාම ඔහොම යි..

“ It’s okey බබා...“

“ Say that you’re mine...“

“ Yes.. I am yours...“

“ For real..?“

“ Yes.. Only yours…


පොඩි එකෙක් වගේ මම ඒ වචනෙ බාරගන්නව.. ඒ ගැන තවත් හිතල හිත රිදවගන්න මට ඕන නෑ..

Train එක නැවැත්තුව ත් මට ඕන නෑ එයා ට යන්න දෙන්න..



“ ආදරෙයි අප්පච්චි...“


මට වචන එන්නෙ නෑ.. මම එයාට යන්න ඉඩ දෙනව.. එයා එළියට බැහැල ජනේලෙන් handbag එක ගන්න ගමන්  මට කොඳුරනව...


තෙරුවන් සරණයි...“

“බුදු සරණයි පැටියො...“ මම ත් මුමුණනව...


Guard ගෙ නලාව කෑගහනව.. යන්න වෙලාව ඇවිත්.. Train එක යන්න පටන්ගන්නකොට මම එයා දිහා බලල හිනාවෙනව, අමාරුවෙන් වුණ ත්.. එච්චර යි.. තප්පර ගාණකින් එයා නො පෙනී යනව..


***


කෝච්චි පෙට්ටිය ඇතුළෙ තියෙන කණාමැදිරි එළිය මගෙ හිතට ත් කාන්දු වෙන්න පටන් අරන්.. යකඩ රෝද වල අඳෝනාව ත් එක්ක මම ඇස් දෙක පියාගන්නව...


“මේ අපේ අන්තිම හමුවීම වේවි ද..?“

මගෙ හිත පුරුදු ප්‍රශ්නෙ අහනව.. ඒක ඇහුණ නෑහුණ ගාන ට යටි හිත සින්දුවක් මුමුණනව...


#දෛවයෝගයකින් නොවේ දෝ - හමු වුණේ අප, හමු වුණේ
දෛවයේ සරදම් ලබන්නට - කිම? මෙසේ අප හමු වුණේ...#


18 comments:

  1. ,හම්මෝ පැණි හෙන උකුවටම බේරෙනවනේ මුගේ හඃ හඃ හඃ උඹටත් අර නර්ස් කෑලි ඔච්චර ඉන්නකොට බැඳපු එකක් පස්සෙම යන්න හිතුනු හැටි. අර පලවෙනි සින්දුවනම් යන්නේ නෑ නෑ වගේ නෙහ් බං ....පස්ටයි පස්ටයි පැණි බේරී බේරී කියෙව්වා ඈ

    ReplyDelete
    Replies
    1. ඒ කොල්ල ටිකක් ඕෆ් ඩයල් එකක්.. ඒ සින්දුව කිව්වෙ තේරුමකිං නෙවෙයි, අර පුංචි කුමාරි කියන වචනෙ ආව නිසා වෙන්නැති ;)
      බොහොම ඉස්තුතියි මචං

      Delete
  2. බ්ලොග් එකේ ඉන්ටෆේස් එක දකිනකොටම ආස හිතුන. කියවන්න වෙලාව හොයාගන්න තිබුනනම්. කොහොමහරි හැම ලිපියක්ම කියවන්නෝනි. නිතර එන්නම්..

    http://masandumal.blogspot.com/

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි Manosh Sandaruwan, ආවට ත්, කොමෙන්ටුවට ත් :)

      Delete
  3. හිතාගන්න අමාරුයි මොනවා කියන්නද කියල. හරිම සංවේදි මට නම් :(

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බඩී කොමෙන්ට් එකට ,)

      Delete
  4. නියමෙට ලියලා තියෙනවා.. අත අරින්නත් බැරි අල්ලාන ඉන්නත් බැරි..
    ආදරය..

    ReplyDelete
    Replies
    1. ආදරේ කියන්නෙ මහ අමුතු ම එකක්...
      ආවට ස්තුතියි ජෙමා අයියෙ :)

      Delete
  5. නර්ස් නංගිගේ හස්බන්ඩ කවුද? අර හොර ගුරාද?

    ReplyDelete
    Replies
    1. දැනුයි මට වැඩේ මීටර් වුනේ........ :D :D :D

      Delete
    2. ඔය ගුරා අංජනමෙං බලලද දන්නෙ නෑ වෙලාවට ම කෝල් කළේ :0

      Delete
  6. සුපිරියි ඈහ්.........................

    ReplyDelete
  7. හප්පා ලැම්බ මෙච්චර වෙලා පැන්නේ හොර කොටුවක්ද?...... මට මුලින් නම් දැනුනේ සුකිරි ලවු එකක් කියල. එත් අන්තිම ටික කියෙවුවට පස්සේ හිතුනේ බැඳපු කපටි අම්මණ්ඩි කෙනෙක් පොඩි කොල්ලෙක්ව දැපනේ දා ගෙන වගේ කියල...... ඇත්තටම කියන්න අදහස් කලේ වෙන දෙයක්ද කියලත් තේරෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒක නම් දන්නෙ නෑ..ඒ දෙන්න ගෙ වයස කියල ත් නෑනෙ..මං ටාගට් කළේ ඉමෝෂනල් පැත්ත විතර යි..සදාචාරාත්මක ද නැද්ද කියන එක ඒ දෙන්න ගෙ ප්‍රශ්නයක් නෙ..මම හිතුවෙ නෑ ඒක :)
      ආවට සතුටු යි.. බොහොම ස්තුතියි බනිස් අයියෙ :) ආපහු එන්න..

      Delete
  8. මම කැමතියි කතාවට...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති යි දේශකයාණෙනි, ආවට ත්, කොමෙන්ටුවට ත් :)

      Delete
  9. හ්ම්.. උඩ ඉඳලම රහ කරකර කියවාගෙන ආව.


    \\“ Hම්ම්... :/ ” එයා ගෙ හුස්බන්ඩ්...//

    ඒත්.. මෙතනින් එහාට හිත කඩා වැඩෙනවා. අනේ අම්මප. ඇයි මෙහෙම වෙන්නෙ. මං හැමදාම හැමතැනම කියන දෙයක් තමා දෙන්නට දෙන්න අවුලක් නැත්නම් වෙන් වෙලා මෙහෙම් දුක් විඳිනෙපා මචංලා. අනිත් උන්ට කුදගහගන්න කියල කෙලින් තීරණයක් ගනිල්ලා.

    ReplyDelete