තනිකම සමග සිරියහනට නැගෙන
|
විට
|
ගන‘ඳුර මැදින් හුරු මුහුණක් පෙනෙයි
|
මට
|
හඳුනනු නො හැකි මුත් කකියන තෙත්
|
නෙතට
|
යටිසිත කියයි කොඳුරා ඒ නුඹ
|
බවට
|
|
|
මිහිදුම් අතර සැඟැවෙන අටවක
|
සඳෙක
|
මුහුණින් ගලන අළු පෑ කළුවර
|
බිඳෙක
|
සිසිලෙන් කිළිපොලා හිරිගඩු පිපි
|
සිතෙක
|
සිර වී මියෙයි ආදර සැමරුම්
|
මතක
|
|
|
කවුළුව තුළින් රිංගන සෙවණැලි
|
පටල
|
අවුලයි රිදුම්, අඳිමින් සිතුවම්
|
අාල
|
නල රැළි කෝළ නළියන දෙ සවන්
|
අසල
|
වාගෙයි කලෙක රහසින් මිමිණූ
|
තාල
|
|
|
හිමි නොම වුව ද සිත පතනා පැතුම
|
ඇය යි
|
හිමි මම නො වෙමි, එ නමුදු හද ම වෙත
|
හිමි යි
|
නොම හිමිකමෙහි අරුමය මා දෙ නෙත
|
දවයි
|
ඇය හිමි නො වන මට හිමි ඈ අහිමි
|
කම යි
|
|
|
මට ගන අඳුර සැපතකි හැම රැයක
|
හිමි
|
නො තවනු සොඳුර, පෙන්වා මුව මඬල
|
සොමි
|
තනිකම වැතිර ඇත යහනෙ හි, එ වෙත
|
නැමී
|
මා හැර නො යන තනිකම මම
|
වැළඳගමි
|
|
|
සුදු මුව සිහි කරන සඳ යළි
|
නො නැගේවා
|
මුදු වදනින් දොඩන නල රැළි ගොලු
|
වේවා
|
සතුට ද, දුක ද, ඔබගෙන් මිස
|
නො ලැබේවා
|
සිතුවිලි දහර රැය සමග ම
|
වියැකේවා
|
|
|
අඩේ ලැම්බො මටත් සදැස් ලියන්න උගන්නපං කො බං...
ReplyDeleteමෙලෝ රහක් නෑ බං කොයි තරං ලියන්ට ට්‍රයි කලත් බෑ...
කවිය සුපිරි...
ජයවේවා
බැරි මොකද මචං..හැමෝට ම පුළුවන්..මට ඊයක් දාපං..බේසික් දෙන්නම් :)
Deleteස්තුතියි මචෝ!!
"හිමි ඔබ සයුර මැද රුදු සටනකය රැයේ.."
ReplyDeleteමේ මට්ටමින්ම තියෙනවා ඔබේ මේ නිර්මාණය. බොහොම ලස්සනයි..
බොහොම ස්තුතියි මනෝෂ්!!
Deleteහිමි නොම වුව ද සිත පතනා පැතුම ඇය යි
ReplyDeleteහිමි මම නො වෙමි, එ නමුදු හද ම වෙත හිමි යි
නොම හිමිකමෙහි අරුමය මා දෙ නෙත දවයි
ඇය හිමි නො වන මට හිමි ඈ අහිමි කමයි////////
පිස්සු හැදෙනවා ලැම්බෝ...විශේෂයෙන්ම අන්තිම පදය.
ලැම්බා නම් කවි- කවි නම් ලැම්බා
බොහොම ස්තුතියි arugeadaviya :) :) :)
Deleteකවිටික නම් නියමයි........... ඇත්තට ම අගෙයි.. දිගට ම එන්නම්.. මං හිතන්නේ අපි මේ පැත්තට එන්න පරක්කුයිද කොහෙදෝ........
ReplyDeleteපරක්කු නෑ කොහොමවත් ම..ගී පවුර මේ පැත්තෙ ආපු එක ගැන ගොඩක් සතුටුයි ඕං.. බොහොම ස්තුතියි !!
Deleteread Sri Lanka-Viththi.ශ්‍රී ලංකා-විත්ති
ReplyDeleteඔබේ නිර්මාණ අප වෙත ලියා එවන්න.
ඔබට පුංචි අභියෝගයක්. හිතවත් කමට කරන. හැකි නම් මුලටත් එළිසමය පිහිටන කවි ටිකක් ලියන්න. අපේ පරණ සංදේශ කාව්‍ය කියවන්න.
ReplyDeleteමේ දිනවල විභාග කටයුතු නිසා වෙලාව සීමිත යි. හැකි වුණ විගස ලියන්නම්. කවියේ වෙනත් තැන් වල එළිසමය මෙන් යොදන කොටස හඳුන්වන්නේ එළිවැට නමිනු යි. එළිසමය යෙදෙන්නේ පෙළ අගට යි. මම ලියන බොහෝ කවි විල එළිවැට පිහිටුවන්නට මම උත්සාහ කරනවා. ඔබ බොහොම අගය කළ මන්-මද කවි පෙළෙහිත් එළිවැට යෙදී තියෙනව..බොහොම ස්තුතියි!!
Deleteපට්ටයි පට්ටයි පට්ටයි.............................
ReplyDelete///ඇය හිමි නො වන මට හිමි ඈ අහිමි කම යි///.................පට්ටයි.............