පිණී බිඳක් මේ උදේ ළදල්ලකින් සැලී
දිළීසුණා පෙම් පිරී ඔබේ නුවන් ලෙසින්
රෝස මල් පොහොට්ටුවක් පිණී බිඳෙන් තෙමී
කොපුල් ඔබේ සී කළා සිතේ නගා රිදුම්
නා දලූ මේ තරම් පෑ වුවත් සුරත්
බෑ එයින් කරන්නට ත් ඔබේ ලවන් උවම්
හසී ඔබේ දුටූ මතින් දිළී හිරූ දෙවි ත්
පා ව ආ වළාකුළින් වුවන් වසා ගනිත්
තුටින් සිතේ පිරී ඔබේ අමා සුවේ වෙළී
සිටී එ කල් කිසීදිනේ එනූ නැතේ යළිත්
ගතින් දුරස් වුවත් පවක් කෙරූ නිසා එදා
දනී ඔබත් සිතින් දැනුත් මා ඔබේ කියා
සිහීකෙරේ රූ ඔබේ සිහීනයෙන් පවා
සිතින් ගතින් දැවේමි මම් විරා දුකින් දැනුත්
සිතේ නැතේ අන් කෙනෙක්, නො ඉන් සැකේ සිතා
හදේ රුවන් මාලිගේ බිසෝ ඔබ යි හෙටත්
පෑ පිරී දිළී ඔබේ සිසී වතේ සිරී
නෑ දිවී අහස් තලේ එදා ලෙසින් තවත්
සීතලෙන් මා දැවූ පාලුවෙන් රිදී
හද ත් හඬා වැටෙයි මගේ සුදා කොහේ කියා
පා කරම් සුළං රැළේ මා රිදුම් මෙසේ
ඒ ඇවිත් කිතීකවයි ඔබේ සවන් පෙතී
සී වෙලා මා එසේ පෙම් සිතේ වඩා
එනූ ළඳේ මා කරා සිසී ලෙසින් සොමී
නැතේ තවත් හීනයක් දිවා රැයේ දුටූ
තැනීම පෙම් කූඩුවක් ඔබේ සෙනේ ගසේ
පැටව් හඬා ඒ තුළේ ඔබ යි මම යි තැනූ
මතක් කරයි ආදරේ රූසිරූ අපේ
දුක්බර ආයාචනයක්...
ReplyDeleteහම්මෝ ගොඩ කාලෙකින් නේද? මේ කවි පන්තිය හොඳයිනේ ගොඩාක්
ඔව්...මාස ගාණකින්...ඒහෙම වෙලත් වෙනසක් නැති ව මඳෙව් විලට ඒන ඒක ගැන තුති :)
Deleteඒ වගේ ම පැසසුමට ත් තුති :)))
මදෙව් විල කියන්නේ කවි උල්පතක්. ඒ කවිවල මට ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා මදෙව් විල මට කතරක ක්ෂේමභුමියක් වගේ.
Deleteඔබේ කවිකම දිගටම පවත්වාගෙන යන්න.....
කවි රස පවසකට
Deleteකෙම් බිම් සොයන හසුනට
තවත් උල්පත් මවනට
ඔබේ සුවදන් දිරිය දෙයි මට :)
ලස්සන සංකල්පනාවක්
ReplyDeleteබොහොම ස්තුතියි ඉයන් සහෝ, අාවට ත් අගය කළාට ත් :)
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteLassanaii
ReplyDelete