2017-06-29

පවන් හසුන්



සුළඟ නුඹ ද මගේ සබඳ
අසල නො හැර රැඳෙන මා
ම හද දවන තැවුල් නිබඳ
රැගෙන දුරක යන හමා


දුවනු නො හැකි දුරක වෙසෙන
පිය ඹ සිතට නැගෙන දා
එ සඳ සිතට දැනෙන තනිය
නිවනට ළඟ ඉනු රඳා


හදෙ හි නැගෙන සෙනෙහෙ සුසුම
උණුසුම අතකින් දරා
හමනු මැනැවි මා අතහැර
මගෙ පෙම හිමි ඇය කරා


සිහිල් අඳුරු තනි කුටියක
නිදන ළපැටි ඇය බලා
ඇගෙ නිදි සුව නො බිඳ හමනු
මගෙ සෙනෙහෙන් ඇය වෙළා


යළි එන සඳ මගෙ සකි සඳ
ඇගෙ ගම සිට මෙහි හමා
ගෙන බිඳ බිඳ ඇගෙ සුසුවඳ
හොවමින් සනහනු මෙ මා...



3 comments:

  1. ලැම්බා ජීවතුන් අතර,.... චියර්ස්

    ReplyDelete
    Replies
    1. මළවුන්ගනේ නැගිටල දැං ටික කලක් වෙනව දේශකයෝ
      චියර්ස් බැක්!!

      Delete