අක් බමරු දිග හැර - ‘Straight’ කර ‘Tint’ කර
කෝ? අහෝ! - දිගු නිල් වරලස...
දේදුනු දෙ බැම යට - දිලුණු දිගු සුනිල්
නෙත්
දුක් විඳී
‘Eye Shadow’ මැදින් හිඳ...
නා දලුවෙ පැහැ රැඳුණ -
මදහසින් ඔප වැටුණ
දෙ අදර ද
‘Lipstick’ තවරගෙන...
ම සිත කුල්මත් කෙරුව -
සිහින් ඉඟ, පුළුලුකුළ
කිටි කිටියෙ තද කරන් -
‘Stretch ඩෙනිම’...
මුදු හැඟුම් උපදවන -
ඇගේ මුදු ලැසි ගමන
‘Cat Walk’ එකක් කළ -ඇගේ ‘High Heels’...
කිම ද?
මගෙ පෙම්බරිය - ඇයි ද? මේ
‘Change’ එක!
ඇසූ කල පුදුමයෙන්
මා....
“මම
‘Beauty culture’ කරනවා දැන්” කියා
ඇස් දෙක ම නටවලා -
කියයි හිස ඇල කරන්....
සිරා කතාව අයියෙ. නියමයි.
ReplyDeleteටැංකු මචං :)
Delete