2012-11-26

නූතනයේ නාරිලතාව




අක් බමරු දිග හැර - ‘Straight’ කර ‘Tint’ කර

 කෝ? අහෝ! - දිගු නිල් වරලස...

දේදුනු දෙ බැම යට - දිලුණු දිගු සුනිල් නෙත්

දුක් විඳී ‘Eye Shadow’ මැදින් හිඳ...


නා දලුවෙ පැහැ රැඳුණ - මදහසින් ඔප වැටුණ

දෙ අදර ද ‘Lipstick’ තවරගෙන...

ම සිත කුල්මත් කෙරුව - සිහින් ඉඟ, පුළුලුකුළ

කිටි කිටියෙ තද කරන් - ‘Stretch ඩෙනිම’...

මුදු හැඟුම් උපදවන - ඇගේ මුදු ලැසි ගමන

‘Cat Walk’ එකක් කළ -ඇගේ ‘High Heels’...

කිම ද? මගෙ පෙම්බරිය - ඇයි ද? මේ ‘Change’ එක!

ඇසූ කල පුදුමයෙන් මා....

මම ‘Beauty culture’ කරනවා දැන්කියා

ඇස් දෙක ම නටවලා - කියයි හිස ඇල කරන්....

2 comments:

  1. සිරා කතාව අයියෙ. නියමයි.

    ReplyDelete