2013-07-10

වැස්ස යි මම යි


   


නිදි වැද බිම ලගින වියළුණු කොල
අහුර
බිය වැද ඇහැරවයි සීතල සුළඟ
සැර
එනව ද? මහ වැස්ස අප වෙත ඉඳන්
දුර
තුටු නද සර සරින් විමසයි අතු
පතර

  
විළි වැද බලන යව්වනියක කොපුළෙ
පැහැ
වෙන දා වගේ අද හැන්දෑ අහසෙ
නැහැ
හැම දා සැඳෑ සිරි දැක විඳ පුරුදු
ඇහැ
තරහෙන් කළු ව ගිය අහසේ රඳනු
බැහැ

  
තත්පරයක දි ඇති වී, යළි නැති ව
යන
නෙත් අඳ කරන විදුලිය ලොව එකලු
වන
අත් දුටු තව දෙයක් යළි මට සිහි
කරන
නෙත් කැල්මක් වගෙයි රූ බර අඟනු
දෙන

  
වැහි බර උහුලන්ට නො හැකි ම නො හැකි
තැන
තරහෙන් හඬ නගයි මේ කුළු, වී
උරණ
හඬ විතරම යි, වෙන කිසිවක් නැහැ එ
තැන
දනිත ත් මම බය යි, මේ මහ හඬ ට
එන

  
එක දෙක වැටෙන හැම වැහි බිඳුව ම
පාහේ
එ සැණින් වියළි දූවිලි සමඟින්
පෑහේ
නිවන ට ගත නැගුණු මේ උණුසුම්
දාහේ
තුටු වුණු පොළොව නගනා සුවඳ ම
සෑහේ

  
ඉඳ හිට නැගෙන වා රැල්ලේ බමන
සුළි
සමඟින් පැමිණි පිණි බිඳු ගේ පුරා
හැලී
වැහි පොද සමඟ සුළඟින් තුරු පතර
සැලී
තෙතබරියම් ව වැතිරෙයි, පොළොවට ම
ඇලී

  
ටික ටික වැඩි ව එන වැහි පොද අතර තුර
අතර තුර
සීතල සුළං ඇඟ වට පැටලෙයි
නිතර
ඒ සමඟින් ම එන හිරිකඩ සිසිල
බර
ගත කිළිපොලයි, හිත නින්ද ට කරයි
බර

  
කවුළුව හැර දමා, බලමින් විදුලි
එළි
ඇඳ මත වැතිර, ඇතිරිල්ල ත් සමඟ
වෙළී
එන හිරිකඩ සමඟ තව තව වෙමින්
ගුලි
නිදි දැහැන ට වදිමි, වැස්ස ත් සමඟ
යළි

  

2009-12-17


4 comments:

  1. කාලෙකින් දැකපු හොඳම කවි පංතියක්.... :)

    ReplyDelete
  2. Replies
    1. ඇගැයුමට තුති madhusha sandaruwan :)

      Delete