2015-11-15
2015-10-25
වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි...
මළ ඉරේ එළියෙන් නැහැවුණ ත් වෙරළ තීරය තවම ත් සජීවී යි. පැය ගාණක්
තිස්සෙ ලුණු වතුරෙ පෙඟිල ඇති වුණු මම මිනිසුන් ගෙ කලබලෙන් මිදිල ඈතට ඇවිදගෙන යනව. වෙරළ
දිගේ දුවගෙන එන සුදු පෙණ පිඬු මගේ දෙ පය කිති කවමින් මා එක්ක හිනා වෙනව. ආපහු
හැරිල බැලුවම යි මම දකින්නෙ,
මගේ පිය සටහන් මා පස්සෙන් ම ඇවිත් බව. අන්තිම පිය සටහන මා දිහා ම
බලා ඉන්නව, මා තව ත් අඩියක් තියන තුරු වෙන්ට ඇති. මම
හිටිපියෙන් ම නැවතිල ඇස් පියාගෙන ඇහුම්කන් දෙනව...
2015-08-03
එ නමුදු මා හා එනව ද? දේවී

පෙම් රස විඳිනට හිඳිනා පේ
|
වී
|
මා හද ගත් මියුලැසි
|
මිහිරාවී
|
දෙ සවන් මා වෙත යොමන්න
|
දේවී
|
දුක්බර තතු මට කියන්න
|
වේවී
|
2015-05-17
මල් දුන්නෙන් වඩින ඉලන්දාරියා
මාස දෙකකට විතර කළිං පෝස්ට් එකෙං අනංග දෙවියන් ගැන පොඩි විස්තරයක් කළා නෙව. කල්ප කාලෙකට පස්සෙ මේක දකිනකොට ඒක අමතක වෙලා නං මෙතැනිං ඒක ත් බලල එන්ට. :)
ඔය අනංග සංකල්පය පෙර‘පර දෙ දිග ම සෑහෙන දුරට සමාන විදිහට දකින්ට පුළුවන්. නමුත් වෙනස්කම් සෑහෙන ප්රමාණයකුත් තියෙනව.
ඉන්දියානු කලාපය ආශ්රිත ව පවතින අනංග සංකල්පය ගැන කෙටි විස්තරයක් කළිනු ත් කළා නෙ. උක්දඬු දුන්නකින් පස් වර්ගයක මල් හී විදින අනංග හෙවත් පෙරදිග කාමදේව තමයි මේ ඉන්නෙ. සිංහලෙන් මල්සර, මින්දද, මලවි, මන්මද යන නම් වලිනු ත් මොහු හැඳින්වෙනව.
2015-05-16
වෙන නැද්ද විදින්න අවි??
කෙල්ලෙක්
සෙට් වෙන්නෙ නැතිව සෑහෙන කාලයක් ඉන්නව කියන්නෙ කොල්ලෙකුගෙ හිතට ලොකු බරක්. අනිත්
උන් ඉස්සරහ Proud
to be single, Forever single වගේ පොර ටෝක් දදා හිටියත් යටි
හිතෙන් උෟ නිතර ම කල්පනා කරන්න ඇයි මට විතරක් නැත්තෙ කියල යි. ඔය ළතැවීම සීමාව
ඉක්මවල ගියොත් විෂාදය වගේ මානසික රෝග දක්වා ම වුණත් යන්ට පුළුවනි.
2015-01-27
Subscribe to:
Posts (Atom)