සුළඟ නුඹ ද මගේ සබඳ
අසල නො හැර රැඳෙන මා
ම හද දවන තැවුල් නිබඳ
රැගෙන දුරක යන හමා
දුවනු නො හැකි දුරක වෙසෙන
පිය ඹ සිතට නැගෙන දා
එ සඳ සිතට දැනෙන තනිය
නිවනට ළඟ ඉනු රඳා
හදෙ හි නැගෙන සෙනෙහෙ සුසුම
උණුසුම අතකින් දරා
හමනු මැනැවි මා අතහැර
මගෙ පෙම හිමි ඇය කරා
සිහිල් අඳුරු තනි කුටියක
නිදන ළපැටි ඇය බලා
ඇගෙ නිදි සුව නො බිඳ හමනු
මගෙ සෙනෙහෙන් ඇය වෙළා
යළි එන සඳ මගෙ සකි සඳ
ඇගෙ ගම සිට මෙහි හමා
ගෙන බිඳ බිඳ ඇගෙ සුසුවඳ
හොවමින් සනහනු මෙ මා...
ලැම්බා ජීවතුන් අතර,.... චියර්ස්
ReplyDeleteමළවුන්ගනේ නැගිටල දැං ටික කලක් වෙනව දේශකයෝ
Deleteචියර්ස් බැක්!!
++++++
ReplyDelete:))))))
Deletelist of indian festival best list most popular
ReplyDelete100 latest new whatsapp group name list
ReplyDeleteAbstract HD Wallpapers | Background Images
Deadpool HD Wallpapers | Background Images
580 Fallout HD Wallpapers | Background Images
Best 55 Game of Thrones Wallpapers Download HD Images of GOT
100+ Space Background Pictures | Download Free Images